නාමල් එෆ්සීඅයිඩී නිලධරයකුට තර්ජනය කරලා පාර්ලිමේන්තු මන්ති‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ඊයේ(15) මුල්‍ය අපරාධ කොට්ඨාසයේ දී එහි උප පොලිස් පරීක්ෂකවරයකුට තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර ඇති බව එහි ආරංචි පවසයි. 16 August 2017
පළාත් සභා ඡන්දය කල් දානවාට කොමිසම විරුද්ධයි සියලූ පළාත් සභාවල මැතිවරණ එකම දිනකදී පැවැත්වීමට අවශ්‍ය බව කියමින් පළාත් සභා මැතිවරණ කල් දැමීමට එකඟවිය නොහැකියැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට නිල නොවන මට්ටමින් දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 16 August 2017
අවස්ථා දෙකකදී ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කරලා රතුකුරුස සංවිධාන විසින් සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක අවස්ථා දෙකකදී පාට වෙනස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 15 August 2017
මත්පැන් සාදයකට සැරසුණු සිසුන් අත්අඩංගුවට මහනුවර ප්‍රධාන පාසල් දෙකක සිසුන් අට දෙනකු අමතර පංති යන මුවාවෙන් කෑගල්ල පින්නවල අලි අනාථාගාරය අසල කුඩා දූපතකට ගොස් මත්පැන් සාදයක් පැවැත්වීමට සූදානම් වෙමින් සිටියදී අද(15) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි. 15 August 2017
ඒකාබද්ධයේ 5 කට ශ්‍රීලනිපයෙන් තොණ්ඩුවක් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධානීන් පස්දෙනෙකුට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවැසේ. 15 August 2017
‘විශ්වාසභංගවලට අපේ සහායක් නෑ‘ - අමරවීර විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාට හෝ ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට විරුද්ධව විශ්වාස භංගයක් කවුරු හෝ ගෙන එනවා නම් ඊට තම පක්ෂය සහයෝගය නොදෙන බවත් එම ඇමැතිවරුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති කාරණා විශ්වාස භංගයක් ගෙන ඒමට තරමේ බරපතල කාරණා නොවන බවත් එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා අද(14) රන්නේ දී පැවසීය. 14 August 2017
මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකැරෙන පරික්ෂණ කඩිනම් කිරිමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 14 August 2017
කෝටි 12 කට ටෙන්ඩරයක් දී මහා විනාශයකට අත වනයි කළුගඟේ හැරනියාවක ප්‍රදේශයේ මැණික් ගැරීමට ටෙන්ඩර් ලබා දී ඇත්තේ කෝටි දොළහ හමාරකට වුවත් මැණික් ඉල්ලම් ගත්තහොත් කෝටි 1500ක 2000ක මහා අලාභයක් අනාගතයේ දී රටට විඳින්නට සිදුවන බව සබරගමු පළාත් සභා එජාප මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා පවසයි. 13 August 2017
මීගමුවේ දී පොලිස් විශේෂ කාර්ය බලකායට වෙඩි මීගමුව කුරනදී සැකකටයුතු පිරිසක් ගමන් ගත් වෑන් රථ දෙකක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායට එම වෑන් රථයේ ගමන් ගත් පිරිස වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිස් විශේෂ කාර්ය එල්ල කළ ප්‍රති ප්‍රහාරවලින් සැකකරුවන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල කියයි 12 August 2017
තේනුක විදානගමගේ ආණ්ඩු පක්ෂයට ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ මහතා ආණ්ඩු පක්ෂයට එක්ව සිටියි. 11 August 2017
බැඳුම්කර කොමිසමට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන් පැමිණිල්ලක් ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇත. 11 August 2017
ඇමැති විජයදාසට ආණ්ඩුවෙන්ම විශ්වාස භංගයක් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. 10 August 2017
රවී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය. 10 August 2017
රවී ඉල්ලා අස්වෙන්න යයි විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා අද(10) පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචි පවසයි. 10 August 2017
’හම්බන්තොට වරාය ආපසු අරන් මිසක් පස්ස බලන්නේ නෑ’ - ඇමැති විජයදාස හම්බන්තොට වරාය මහජන දේපළක් වන හෙයින් එය චීන සමාගමකට විකිණීම සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් බවත් එය නැවත කෙසේ හෝ ජනතාව අතට පත්කර මිස ආපසු නොබලන බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 10 August 2017
ජනපති - අගමැති - රවී හමුවෙති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ ඇමති රවි කරුණානායක යන මහත්වරු අතර විශේෂ හමුවක් අද (9) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවති බව රජයේ ආරංචි පවසයි. 09 August 2017
ශ්‍රිලනිප ඇමැතිවරු ජනපති විශේෂ හමුවක් විදේශ ඇමැති රවී කරුණානායක මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රිලනිප කැබිනට් අමාත්‍යවරුන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඊයේ (8) රාත්‍රීයේ ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 09 August 2017
රවීගේ විශ්වාසභංගය ගැන කතාවක් නෑ විදේශ ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මහ ලේකම්ට බාර දී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡාවට ලක් නොකළ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පැවසීය. 08 August 2017
උතුරු මැද පළාත් සබේ ගාල ගෝට්ටියක් උතුරු මැද පළාත් සභාවේ අද (8) දින පෙරවරුවේදි නව සභාපති ඩි.එම්.අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මුල් මාසික රැස්විම ගාල ගෝට්ටි හු හඩ සහ ගිනි තැබීම් මධ්‍යයේ විනාඩි 45 කින් අවසන් විය. 08 August 2017
කතරගම වන්දනාවේ පැමිණි බස්රියටම යටවී දෙන්නෙක් මරුට කතරගම ඇසල පෙරහර උත්සවයට පැමිණි පිරිසක් තමන් පැමිණි බස් රථය අසල ක්‍රීඩාංගණයේ නිදාගෙන සිටියදී බසය පිටුපසට ධාවනය කිරීමේදී අනතුරට ලක්වීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 08 August 2017
රවීට ඉල්ලා අස්වන්නැයි බලපෑම් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ආණ්ඩුවේ ඉහළම නායකයින්ගෙන් එල්ලවන බලපෑම් වැඩිවෙමින් තිබෙන බව වාර්තා වේ. 07 August 2017
ආවා කල්ලියේ හයක් අත්අඩංගුවට ආවා කල්ලියේ නායකයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු කඩු දෙකක් සමඟ පිටකොටුව,යාපනය හා මට්ටක්කුලිය ගත් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි. 07 August 2017
ශ්‍රීලංකන්-හම්බන්තොට වරාය බිලියන 181ක් ගිල්ලා - අගමැති ‘හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් සිදු වුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිරිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2017
‘අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ කුමන්ත්‍රණයක් සිදුවුණා‘ - හිටපු ජනපති පසු ගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී සිංගප්පූරුවේ පිහිටි අර්ජුන් මහේන්ද්‍රන්ගෙ නිවසේ කුමන්ත්‍රණයක් සිදු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 06 August 2017
අයින් වෙන්න - ජනපතිවරයා රවීට කියයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති විදේශ ඇමැති හා හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. 04 August 2017
‘විද්‍යුත් උපකරණ බාරදීමට සූදානම්‘ පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා හා ප්‍රධාන ගැණුම්කරු වන කසුන් පළිසේන මහතා භාවිතා කළ ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට් ඇතුළු සියළුම විද්‍යුත් සන්නිවේදන උපකරණ කොමිසමේ විමර්ශන නිලධාරීන්ට බාර දීමට සුදානම් බව ඔහුගේ නීතීඥවරයා අද (04) කොමිසමට දැනුම් දුන්නේය. 04 August 2017
කෝටියක රන් බිස්කට් සමඟ කොස්තාපල්වරු දෙන්නෙක් අත්අඩංගුවට රුපියල් එක්කෝටි හාර ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 16 ක් පොලීසියට නොදන්වා ළඟ තබා ගැනීමේ චෝදනාව මත පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලීසිය පවසයි. 04 August 2017
රවීට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායකට එරෙහිව අද(3) ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාට බාර දෙනු ලැබීය. 03 August 2017
ඇලෝසියස්ගේ ඇපල් ගිණුමට ඇතුළුවීම තහනම් කෙරේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝසියස් මහතාගේ ඇපල් ගිණුමේ දත්ත මකා දැමීම සඳහා එයට ඇතුළුවීම තහනම් කරමින් බැඳුම්කර කොමිසම අද(3) නියෝගයක් නිකුත් කළේය. 03 August 2017
නව පළාත් පාලන සංශෝධනයට විරුද්ධයි කාන්තා නියෝජනයේ 25% නව පළාත් පාලන සංශෝධන කෙටුම්පත තුළින් අහිමි වන නිසා තමන් එයට විරුද්ධ බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. 03 August 2017
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025