(මහේෂ් කිර්තිරත්න)
පළාත් පාලන මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා සහ නගර සභා වෙනුවෙන් තේරීපත් වු සභිකයින් 284 දෙනා අතරින් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට සභිකධුර පහක් භික්ෂූන්වහන්සේලා පස්නමකට හිමි වුහ.
රත්තොට, උකුවෙල, යටවත්ත සහ නාඋල යන ප්‍රාදේශීය සභා හතර සඳහා මෙම අවස්ථාව හිමිව ඇති අතර භික්ෂුන් වහන්සේලා වැඩිම පිරිසක් ප්‍රාදේශීය සභා සඳහා නියෝජනය වන දිස්ත්‍රික්කය ලෙස මාතලේ දිස්ත්‍රික්කය හඳුන්වා තිබේ.
රත්තොට ප්‍රාදේශිය සභාවේ සභික ධුරයක් සදහා රත්තොට අඹන්ගග ශ්‍යාම නිකායික සංඝ සභාවේ සභාපති,රත්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධීකාරි, මරදුවාවල ශ්‍රි අශෝකාරාමාධිපති මරදුරාවල ධම්මසිද්ධි හිමියන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ලැයිස්තුවෙන් තේරි පත්ව ඇති අතර උකුවෙල ප්‍රාදේශිය සභාව සදහා ස්වාධින කණ්ඩායමකින් තරග කළ උකුවෙලවත්ත ශ්‍රි ගුණසේකරාමාධීපති , ශ්‍රි රතනජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්ය නුගලියද්දේ සාන්තරතන හිමියන්ද සභික ධුරයක් සදහා තේරි පත්ව ඇති අතර උඩතැන්න නවරත්නගොඩ ශ්‍රි ජිනරාජ විහාරාධිපති උඩරට අමරපුර නිකායික මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක අලවතුගොඩ චන්දවිමල හිමියන් නවරත්තගොඩ කොට්ඨාශයෙන් තරග වැද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරි පත්ව සිටින අතර උන් වහන්සේ 2011 වසරේ සිට 2016 දක්වා සභිකධුරයක්ද හෙබවිය.
මේ අතර යටවත්ත ප්‍රාදේශිය සභාව සදහා මහවෙල කොට්ඨාශයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කළ මහවෙල ශ්‍රි වර්ධනාරාමාධීපති අලකොලමඩ ජිනරතන හිමියන්ද තේරි පත්ව සිටින අතර උන් වහන්සේ මිට පෙර 2006 වසරේද යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභික ධුරයක් හෙබවු අතර නාඋල ප්‍රාදේශි සභාව සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාඋල කොට්ඨාශය සදහා තරඟ කළ නාඋල තරුණ භික්ෂු සංගමයේ සභාපති නාඋල ශ්‍රි ධර්මාලෝක පිරිවෙන් ආචාර්ය නාඋළ දහම් පාසල් ගුරු සංගමයේ සභාපති ශාස්ත්‍රවේදී නාඋල ඉන්දසාර හිමියන්ද තේරි පත්ව තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් ඔය පන්සලට යන්නේ ඔය මල්කැකුලු (පොහොට්ටු) පිපුණු දවසක තමයි. හාමුදුරුවන් වහන්සේලා ගිහියන්ට සංඝ භේදය එපා කියමින් සමාජය භේද කරනවා නේද?
මුන් වහන්සේලා අපට නිවන් මග අගේට පහදා දෙයිනේ... අපි උපේක්ෂාවෙන් ඉඳිමු.
ජරා ජීර්ණ වෙමින් අයාලේ යන වත්මන් සමාජයේ භික්ෂුන් වහන්සේ සතු මුඛ්‍ය කාර්යභාරය මේකද? වෛවාරන රැකියාවල් කරන වෙලාවට අවේලාවට තැන තැන කඩ පිල් ගානේ මුදල් ගෙවා දානය වළඳන, කොණ්ඩා වවාගෙන රැවුල් වවාගෙන ඕනෑ එකටත්, එපා එකටත් මහමඟ පෙළපාලි යමින්, විරෝධතා කරමින් ගිරිය කඩාගෙන කෑමොර දෙන, ඒවාට සම්බන්ධ අනෙක් ගිහි තරුණයින් හට "මචන්" කියන, කාන්තා සමිතිවල සභාපතිකම් අරගෙන සටන්කරනවා යැයි කියන, දූෂිත බව රටම පිළිගන්නා කපටි කමකට නැති දේශපාලකයින්ට අවශේෂණයක් හෝ විලිලැජ්ජාවක් නැතිව "කඩේ" යන, සල්ලි වලට හදි හූනියම් කරන, දෙහිකපන, යකුන්, යක්ෂණියන් බඳවා ගුරුකම් කරන, ස්ත්‍රී පුරුෂ වශී බන්ධන කරන, ගුරුකම් වලින් මිහිකත සොලවන, අලිපැටව් එකතු කරන, සුපිරි පන්නයේ නිවාස වල වැඩ වසන, වෙලාව අවේලාව නොසලකා කන බොන, ධර්මය විකුණන් කන, උපන්දිනයට බුරියානි සාද පවත්වන, විහාර මන්දිරයේ තමන්ගේම පිළිම හදාගෙන වන්දනා මාන කරවා ගන්නා, ධනවත් එහෙත් පන්සිල් පහවත් රකින්නට හරි හමන් මතකයක් ඇතිවෙන්නේ නැති "භික්ෂුන් වහන්සේලා ලෙසින් පෙනීසිටින" පිරිසක් සිටිනා තුරු ශාසනයට බුදුන්ගේම සරණයි.
දේශපාලනය කෙසේ වෙතත්, ශාසනෙයි, ඔක්කොමත් එක්කම ඉවරයි.
දැන් ඉතින් දියවන්නාවට වැඩම කරලා විනය කර්මයක් කරලා වස් හිටුවන්න පුළුවන්. අනේ බුදු සසුන, ක්ලේෂ, මෝහ, නැති කර නිවන් යන මග කියා දෙන සඟුන්ද මේ..?
පින්තුර වලින් පෙන්නුම් කරනවා මේ අයගේ ස්වභාවය.... මොවුන් දේශපාලනයට පත් කළ අය කරලා තියෙන්නේ මහ පාප කර්මයකට සහභාගී වූ බවකි. අපි මහ ලොකුවට ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයින්ගේ රටක් බව මොරතියලා ඝෝෂා කරනවා. බුදුදහමට ගිය කලක්... මේවා දැක්කම හිතෙනවා ආරණ්‍යගතවෙන්නයි.
මුලින්ම ඡන්දයකට ඉදිරිපත් වූ භික්ෂුව බද්දේගම සමිත හාමුදුරුවෝ, පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කලේ සමසමාජ පක්ෂයේ අපේක්ෂකයෙක් හැටියට. ලංකාවේ පිරිහීගිය මාක්ස් ලෙනින්වාදි පක්ෂයක්වු ලංකා සමසමාජ පක්ෂයට තම දේශපාලන ප්‍රතිරූපය නගා සිටුවන්න මේ උපයෝගී කර ගත්තේ ඔවුන් ආගම ප්‍රතික්ෂේප කළ හා අන්‍යාගමිකයින් හැටියට බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය විනාශ කිරිමේ අරමුණින් නම් අද ඒ අරමුණ මල්ඵල ගැන්වී ඇති සැටියක් ප්‍රදර්ශනය වේ. අද පොදුජන පෙරමුණ පවා අනුගමනය කරමින් සිටින්නේ ඒ පහත් දේශපාලනය වන අතර ඔවුන් රට ජාතිය හා ආගම රැකගැනීම වෙනුවට ඒවා උපයෝගී කරගෙන බලයට ඒමේ හා බලය රැකගැනිමේ අරමුණ සඳහා මේ බුද්ධ චීවරය උපයෝගී කරගෙන ඇත.
ඇයි මේ ඔක්කොමලා මේ බුද්ධ පුත්‍රයින්ට ඇඟිල්ල දික් කරන්නේ? දොස් නගන්නේ කියලයි මට තේරෙන් නැත්තේ...? අත හැරීම දුක නැතිකරයි කියන දේ අත හැරලා බදාගෙන රට හදමු කියන දේ පිළිගනිම ශාසනයට විරුද්ධ ඇති. නමුත් මේ ඇත්තන්ට ඡන්දය දුන්නේ ඔය දැන් විරුද්ධව කතා කරන උපාසක ඇත්තෝ තමයි.
අනිත් අය තමන්ගේ ඡන්දෙ ගැන විතරක් හිතලා, සුළු ජාතීන්ට කඩේ යනවා නම් අනිවාර්යයෙන් සිංහලයා වෙනුවෙන් කතා කරන්න හාමුදුරුවෝවත් ඉන්න ඕනෑ. එදා ඉඳන් හාමුදුරුවරු රට පාලනයට අත දැම්ම නිසා තමයි සිංහලයයි, බුදුදහමයි මෙතරම්වත් රැකිලා තියෙන්නේ.
හාමුදුරුවනේ, ජරා ජීර්ණ වෙමින් යන සමාජයක්, ස්වාමින් වහන්සේලාගේ වැරදි පමණක් දකින්න උත්සාහ කරන කොට්ටාශයක් ඉන්න සමාජයක්, තමන් සර්ව සම්පූර්ණයි කියා දකින්න උත්සාහ කරන කොටසක් ඉන්න සමාජයක්... ඔබ වහන්සේලාට ගරහමින් අනුන්ගේ පොල් කීර දකින එහෙත් තමන්ගේ ඇහේ තිබෙන පොල් පරාලය නොදකින සමාජයක්... කවුරුන් හෝ විශේෂයෙන්ම ඔබ වහන්සේලාගේ මග පෙන්වීමෙන් යහමගට ගැනීමට (එසේ කල හැකි දැයි සැක සහිතයි) කාලය එළඹ ඇත. එමනිසා ඒ කාර්යය නිසි අයුරින් කරයි කියා සිතමින් ඔබ වහන්සේලාට හදවතින්ම සුබ පතනවා.
දැන් ඉතින් මේ පන්සල් වල ධර්ම කටයුතු ගමේ ගිහියන්ට තමා කරන්න වෙන්නේ ,
භික්ෂුන් වහන්සේලා පත්කළේ චන්ද දායකින්. එමනිසා උන්වහන්සේලාට අවලාද කීමේ ප්‍රතිපලයක් නැහැ මේ මගේ කාර්නුක ඉල්ලීම : ඔබවන්සේලා මාතලේ අලුවිහරෙන් පටන් ගෙන ලංකාවේ ගරාවැටී අභාවයට පත්වී ඇති අසරණ ගම්මානවල පහිටා ඇති පන්සල් ටික වන්දනාමාන කළහැකි පමණකට වත් සංස්කරණය කිරීමට පදනමක් පටන් ගන්න . අනිවාර්යෙන්ම මිනිසුන් උදව් කරාවි.
සාධු!! සාධු!! වෙනුවට, ජයවේවා!! අපරාදේ අපි මහන්සි වෙලා මල් කඩලා පුජා කරන්න පන්සලට අරන් යන්න ඕන නැහැ. මල් "පොහොට්ටු" පන්සලේම පිපිලා?? පන්සලටදානේ දීම, වෙනුවට පන්සලෙන් දානේ කන්න කාලේ ඇවිල්ලා.!!!! කවුරුද.. කවුරුද.. දැන් කුක්කෝ.අපිමයි අපිමයි.දැන් කුක්කෝ.
සංඝයාගේ දේවල් විසඳිය හැක්කේ සංඝයා වහන්සේලාටම පමණයි. මේ ටියුෂන් කරන, දේශපාලනය කරන, කැම්පස් පස් රතු සහෝදරයන්ට කඩේ අය ගැන වග කිව යුතු මහානායක හිමිවරු ගන්නා පියවර මොකද්ද?
බුදුන් වහන්සේ කිසිදාක රාජ්‍ය පාලනයට අත ගසන්න ගියෙ නෑ. සුද්ධෝදන රජ මාළිගාවට වැඩම වූ අවස්ථාවෙත් වදාලෙ, දැන් උන් වහන්සේ ශාඛ්‍ය වංසයෙ නොවැ ආර්ය ජාතියේ බවයි. රාජ්‍ය පාලනයට අත ගැසීමට කිසිදු අවසරයක් දීලත් නෑ. කන්න ඕන වුනාම කබර ගොයත් තල ගොයා කරන සමහර සිවුරු පොරවාගත් අය දෙශපාලනයට එනවා. ඔවුන් කියන බොරු සමහර ගිහියනුත් පිළිගෙනයි ඉන්නේ. එක නිසයි ඒ අයට චන්දය දෙන්නෙ. බුදුන් වහන්සේත් විකුනලයි චන්දය ගන්නේ. ලොව්තුරා බුදුන් වහන්සේට නම් මොකවත් වෙන්නෙ නෑ. ශාසනයයි විනාශ වන්නේ. බෞද්ධ ශාසනය විනාස නොකර කරුණාකර දේශපාලනය කරන්නම ඕනම නම් ගිහියෙක් විදියට ඇවිත් දේශපාලනය කරන්න.
ප්‍රාදේශීය සභාවේ සියලු දෙනාම හාමුදුරුවරු උනා නම් හොඳයි. එතකොට දානේ අරගෙන පන්සලට යන්න ඕන නැහැ ප්‍රාදේශීය සභාවට යන්න පුළුවන්.
භික්ෂුන්වහන්සේ දේශපාලනයට පිවිසීමෙන් මොනවද බලාපොරොත්තු විය හැක්කේ? අතීතයේ හාමුදුරුවරු රජවරුන්ට අනුසාසන කල බව පමණයි අපි නම් දන්නේ. වත්මනෙහි හාමුදුරුවරුන්ගේ දේසපාලනය ගැන දකින විට අපේ නිර්මල බුදු දහම ඉක්මනින් වැනසී යන බවකුයි පෙන්න තියෙන්නේ.
පොහොට්ටුව පන්සල් වල පිපිලා තියෙන්නේ. නායකයා කොහොම වියදම් කරන්ට ඇතිද. අනේ, ලංකාවේ මිනිස්සුන්ගේ අවාසනාව; පන්සලට අබ සරණයි.