සිරාජ් හසීම්
ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සමගාමීව පැවති උප කමිටු රැස්වීමකදී එල්ටීටීඊ සංවිධානයේ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්නයක් මත දෙමළ ඩයස්පෝරාව ඇතුළු දෙමළ නියෝජිතයින් හා ශ්‍රීලංකාවේ නියෝජිතයින් පිරිසක් අතර උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබේ.
ශ්‍රීලංකාව වෙනුවෙන් පෙනී සිටි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කොටි සංවිධානය විසින් සිදුකර ඇති මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක සභාපතිවරයෙකු වන පෝල් නියුමන් මහතාට නගන ලද ප්‍රශ්නයකට දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා පිළිතුරු දීමත් සමග මෙම තත්වය හටගෙන ඇතැයි වාර්තා වේ.
ජිනීවා මානව හිමිකම් කවුනිසිලයේදී පැවති මෙම උප කමිටු රැස්වීම සදහා ජාත්‍යන්තර සහ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන මෙන්ම දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්,දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු පිරිසක් ද සභාගී වී සිටිති.
මෙම රැස්වීමේදී දෙමළ නියෝජිතයින් පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පිහිටුවා ඇති අතුරුදහන් වූවන්ගේ කාර්යාලය මගින් කරන විමර්ශනයකින් අතුරුදහන් වූවන්ගේ ගැටලුවට ස්ථීර විසඳුමක් නොලැබෙන බවයි. එමෙන්ම හමුදාව බාරයේ ඇති උතුරේ ඉඩම් මෙතෙක් නිදහස් කර නොමැති බවත් දේශපාලන විසදුමක් ගෙන ඒමේ වැඩපිළිවෙලද අඩාල වී ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතද මෙතෙක් අහෝසි කර නැති බවත් ඩයස්පෝරා දෙමළ සන්ධාන පෙන්වා දී තිබේ.
එමෙන්ම පරණගම වාර්තාවට අනුව අතුරුදහන් වූවන් 24 000කුත් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ වාර්තාවන්ට අනුව 16000කුත් සිටින බවත් මෙලෙස අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබද සත්‍ය අනාවරණය කළ යුතු බවත් මෙහිදී පෙන්වා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය ලක් ජනතාව නියෝජනය නොකරනවිට විද්වතුන් පිරිසක් එම කාර්යය භාර ගෙන ක්‍රියා කිරීම පිලිබඳ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ස්තුතිය හා ප්‍රණාමය ඔවුන්ට හිමිවිය යුතුය
අගය කල යුතු එක් දෙයක් තිබෙනවා. සිංහල ජාතියට තමන් වෙනුවෙන් ජීවිත පූජා කල කැප වුනු මිනිස්සු අමතක වුනාට, තමන්ගේම ජාතිය විනාශ කල තස්ත්‍රවාදීන් සහ සංවිධානය වෙනුවෙන් ඔවුන් අදටත් පෙනී ඉන්නවා.
එකම කොටේ දෙපසට වී දෙකට ඉරන ඔය මාෆියා කල්ලි දෙක බැන ගැනීමෙන් පමණක් ඇයි නවතින්නේ?
සරත් වීරසේකර ඔබ මේ කරන සේවයට ජාතිය ඔබටත් ණයගැතිය.
ජිනීවා මානව හිමිකම් සැසිවාරය පිළිබඳව ලංකාවේ මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන අදහස වන්නේ මේක ලංකාව පිලිබඳ පමණක් සාකච්චා කරන සැසිවාරයක් ලෙසට බවයි පෙනෙන්නේ. ඒක එහෙම නෙවේ. ලෝකයේ බරපතල ලෙස මානව හිමිකම් උල්ලංඝනය කෙරෙන බොහෝ රටවල් සහ ආණ්ඩු සම්බන්ධයෙන් මෙහි මුලිකත්වයක් දී කටයුතු කෙරෙනවා. ලංකාවට ඔය කියන තරමේ භයානක තත්වයක් ලැබී නැහැ. ලංකාවේ දේශපාලනයට සම්බන්ධ කොටස් සහ වෙනත් කණ්ඩායම් මේ පිළිබඳව අතිශයෝක්තියෙන් යුතු කතා බහක් නිර්මාණය කර ඇත්තේ පටු දේශපාලන වාසි ලබාගැනීම උදෙසා පමණය. මේකත් කලින් ප්‍රචාරය කෙරුණු විදුලි පුටු නාට්‍යයේ තවත් කොටසකි.
මට එක දෙයක් තේරෙන්නෙ නෑ. දෙමළ ඩයස්පෝරාව මේ රැස්වීමේ කොටසක්? ඔවුන් රටක් නියෝජනය කරන්නේද? නැහැ, ඔවුන් එසේ නොවේ. ඔවුන් රටක් නියෝජනය නොකරනවා නම්, එම රැස්වීමට සහභාගි වීමට අවසර ලබා දෙන්නේ ඇයි? බටහිර රටවල් ලෝක දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරිත්වය හා කණ්ඩායම් අනුමත කරන බව පැහැදිලිව පෙන්වා දෙයි. ඉතිං "ශ්‍රී ලංකාව" ලෙස අපි ඉහළ නියෝජිත කණ්ඩායම් යැවීම ඇයි?
මේ පාලකයින්ට කඩේ යන අයට රටක් වැඩකට නැත. නමුත් මේ රට ගැන හිතන මිනිසුන් පිරිසක් ඉන්නවා. ඒ දේශ ප්‍රේමීන් රට වෙනුවෙන් සැමවිටම යමක් කරනවා.