(චන්ද්‍රසේන ගමගේ)
මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවට තේරීපත් වු සභිකයෝ අද (26) තංගල්ල නගර සභාවේදී රැස් වුහ.
තංගල්ල නගර සභාවේ ජය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූවද එහි සභාපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ රවිඳු වෙදආරච්චි මහතාට හිමිවිය. උප සභාපති තනතුර සඳහා එක්සත් ජාතික පක්ෂයේ එම්.ඒ මොහොමඩ් සිරාස් මහතා පත්වූයේය.
සභාපති ධුරය සඳහා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විමල් හේවා දුනුවිල හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රවිදු වෙදආරච්චි යන මහත්වරුන්ගේ නම් යෝජනා කෙරිණි. අනතුරුව සභාපති තේරීම සඳහා මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර එක සමාන ඡන්ද සංඛ්‍යාවක් දෙදෙනාම හිමිකර ගැනීම හේතුවෙන් කුසපත් ඇද සභාපතිවරයා කවුරුන්දැයි තේරීමට සිදු විය.
එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ රවිදු වෙදආරච්චි මහතා සභාපති වරයා ලෙස තේරී පත් විය.
උප සභාපතිවරයා ලෙස එම්.ඒ මොහොමඩ් සිරාස් මහතා පත්විය. ඒ සඳහාත් ඡන්ද විමසීමක් පැවැත්වුණ නමුත් ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු දෙපළ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙපළ ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ඡායාරූප - අනීෂා මානගේ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි ගණනක් වියදම් කරලා ඡන්දෙ තියලා සභාපති තෝරන්නේ සීට්ටු ක්‍රමයට. මේක නම් පුදුම රටක් ඕයි.
සාරුවාගේ සුනිල් හිටියා නම් අනිවාර්යෙන්ම තංගල්ලේ උගත්, බුද්ධිමත් ජනතාව එතුමාව තංගල්ල නගර සභාවේ සහාපති කරනු නොඅනුමානයි. එතුමාට හිරේ විලංගුවේ යන්න වුනේ තංගල්ල ජනතාවගේ අවාසනාවට...
විලි ලැජ්ජයිනේ... මහින්ද මහත්තයෝ..
මන්ත්‍රි ඡන්දෙ හිඟාකාල මහජන ඡන්දය පරද්දලා... අපරාදේ මෙච්චර වියදම් කරලා ඡන්දයක් තිබ්බේ. මේ හොරුන්ටම කියලා තොරා ගත්තා නම් ඉවරයි.