( ඉන්දිකා රාමනායක)
යුද සමයේ මෙරට ජනාධිපතිවරුන් භාවිතා කළ මිළ අධික වෙඩි නොවදින සුපිරි මෝටර් රථ හා ජීප් රථ 8 ක් හා සහ එල් ටී ටී ඊ සංවිධානය සතුව තිබු ‘‘වෙලින් ’’ නැමැති නෞකාව ද අද (26) මීගමුවට ආසන්න බටහිර මුහුදු ප‍්‍රදේශයේ ගැඹුරු මුහුදේ ගිල්ලවා විනාශ කළ බව නාවික හමුදාව කියයි.
මේවායේ සවිකර තිබු සන්නිවේදන උපකරණ ඇතුළු විටනා කොටස් ගලවා ඉවත් කිරීමෙන් පසු මෙලෙස ගිල්වා දැමු බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
යුද සමයේ හිටපු ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හා මහින්ද රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් මහතා භාවිතා කළ වාහන කළ වාහන 25 ක් භාවිතයෙන් ඉවත් කර ගිල්වා දැමීමට සුදානම් කර ඇති අතර විනාශ කර ඇත්තේ ඉන් 8 ක් පමණි.
ජනාධිපති කාර්යාල විසින් නාවික හමුදාව වෙත ලබාදුන් මෙම වාහන නාවික හමුදාවට අයත් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවක පටවා එම නෞකාව ද ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් සියළු වාහන මෙලෙස ගිල්වා දැමු බවද නාවික හමුදාව සඳහන් කරයි.
මෙම මෝටර් රථ වෙන්දේසි කළ හොත් ඒවා පාතාල සාමාජිකයින් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් අතට පත්වීමට ඉඩ ඇති හෙයින් එය වලක්වා ගැනීම සඳහා මෙලෙස ගැඹුරු මුහුදේ ගිල්වා දැමීමට පියවර ගෙන ඇත.
අද ගිල්වා දැමු ‘‘වෙලින් ’’නෞකාව එල් ටී ටී ඊ සංවිධානයට ආයුධ ප‍්‍රවාහනය කළ නෞකාවක් වන අතර එය ඒල් ටී ටී ඊ ජාත්‍යන්තර නායකයකු වු කුමරන් පද්මනාදන් ( කේ .පී) අයත් එකක් බවත් එම නෞකාවය ඉන්දුනීසියාවේ සිට නාවික හමුදාව මෙරටට ගෙන්වා තිබු එකකි.
එම නෞකාව නාවික හමුදාව ද වසර කිහිපයක් පරිහරණය කර පසුව භාවිතයෙන් බවත් කළ බවද නාවික හමුදාව කියයි.
රංගල නාවික හමුදා කඳවුරේ නවතා තිබු මෙම නෞකාවද වෙනත් නෞකාවකින් ඇදගෙන ගොස් සෙසු වාහන සමග ගිල්වා දැමු බවද නාවික හමුදාව පවසයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා පාවිච්චි කරපු කේපී ඇතුළු අයත් මේ සමග ගිල්ලුවා නම් රටට සෙතක්...
අප්‍රිකානු රටවලට විකුණන්න පුළුවන්.
ලංකාවට සල්ලි නැත, ලෝකෙට ණයවී ඇත කියන එකේ, සමහර ආයතනවල පඩි ගෙවන්න සල්ලි නැත. සල්ලි නැති නිසා ගුරුවරුන්ගේ පවා හිඟ වැටුප් තවම අවුරුදු ගණනක් නොගෙවා තියන එකේ, ඕවා කැබලි කර යකඩවලට විකුණලාවත් සල්ලි කරගන්න විදිහක් තිබ්බේ නැද්ද?
මෝඩ වැඩ... ඇයි වාහනය වාහනයක් විදියට වෙන්දේසි කරන්නේ? පරණ යකඩ වලට කපලා කපලා දෙන්න තිබුණා.
කේපීගේ නැවත් ගිල්ලුවද? කේපීගේ සල්ලිවලට මක් වුණාද? කවුරුවත් ගිල්ලද?
ආණ්ඩුව පාතාලෙට මෙච්චර බයද?
ඇත්තටම ඕවා අාපහු ඒ ආයතන වලටම දෙන්ට පුළුවන්නේ... එහෙම නේද?
මුහුදට නොදා කිසියම්ම හෝ ප්‍රයෝජනවත් දෙයකට යොදා ගත්තා නම් තමයි දක්ෂකම...
ඇත්තටම ලංකාවේ මෙහෙම මෝඩ මිනිස්සු ඉන්නවද?... ගිල්ලවන්නේ නැතුව වෙන ක්‍රමයක් තිබ්බේම නැද්ද කරන්න?
මේ කාලකන්නි පාලකයෝ කළොත් කරන්නේම ඔය කාලකණ්ණි අපරාධ තමයි.
ඇයි, ජනාධිපති ජපානයට ගිහිල්ල සහනදායි ණය ලැබුණාලු. මේ අය තියෙන දේවලුත් විනාශ කරනවා. පුදුමාකාර සල්ලි තියෙන රටක්නේ. යකඩ වලටවත් පාවිච්චි කරන්න බැරිද? ලංකාවේ ක්‍රමය තවම තේරෙන්නේ නැහැ.
සල්ලි... මෙයාලට පිස්සුද? කන්න නැහැ.. යකඩ වලට විකුණුවා නම් හරිනේ..
මේ වගේ අය ඉන්න රටක් කොහෙවත් නැතුව ඇති. මේවා කැබලි කරලා අමුද්‍රව්‍ය ගන්න තිබ්බා කෝටි ගාණක් වටින. කවුද දන්නේ නැහැ මේක කරන්න කිව්වේ...?
අනේ මන්දා මේ රජයට කිසිම දැනුමක් නැද්ද? එහෙම නැත්නම් වුවනාවක් නැද්ද කියලා මොකද කෝටි ගාණක යකඩ මේවා යකඩ වලට විකුණලා යුදහමුදාවේ වැඩ කරපු අයට හෝ ගෙවල් නැති ඕනෑම ජාතියේ අයට අයත් කෙනෙකුට ගෙවල් හදල දෙන්න තිබුණා. ඇයි අපේ ජනාධිපතිතුමා දැක්කේ නැද්ද? අපි රට ඉන්න නිසා මේවායේ වටිනාකම දැනෙනවා. මේ රට කිසිම දෙයක් විසිකරන්නේ නැහැ. මේවගේ රටේ නීති හදන්න ඕනේ රටේ දියුණුවට මිසක් රට නැති වෙනවට නෙමේ. ගොඩක් දුකයි... මේවට මම අවුරුදු 20ක් රට ඉන්නේ...
ඇත්තටම මේවා යකඩ වලට කැබිලි කරලා වෙන්දේසි කරන්න බැරි ඇයි? කැබිලි කළාම පාවිච්චි කරන්න බැරිවෙන්න හරිනේ. එහෙම නොකරන්න හේතුවක් තියනවා නම් දන්නා කෙනෙක් කියන්න.
පාතාලේ නැවැත්තුවා නම් හරිනේ...
ප්‍රතිචක්‍රීකරණය කල හැකි වටිනා භාණ්ඩ පරිසරයට අහිතකර ලෙස මුහුදේ ගිල්වා දැමීම සම්බන්ධව පරීක්ෂණ කරන්න. මීට අදාළ වංචා රාශියක් සිදුව ඇති නිසා ප්‍රතිචක්‍රීකරණයට නොවිකුණා ගිල්වා දමන්න ඇති කියා මම සිතනවා.
විනයාගමූර්ති මුරලිදරන් සහ කුමරන් පද්මනාදන් ( කේ .පී) කොටි සාමාජිකයන්ද? එසේනම් චෝදනා ගොනුකරලා නැත්ද? නඩු දාලා නැත්ද? දන්නේ නැති නිසා අහන්නේ... දන්නා කෙනෙක් කියන්න... හැමෝටම දැනගන්න...
මම නම් කියන්නේ, වාහනයි, නැවයි ගිල්ලවන්න තීන්දු කළ මේ කාපාලුවෝ ටික අල්ලලා මහ මුහුදේ ගිල්ලවන්න ඕනෑ. ඔය කියන වෙඩි නොවදින රථ මේ රටට අාවේ නොමිලේද? මේ වගේ තීන්දු තීරණ ගන්න අමුතු වර්ගයේ පාලකයෝ සහ නිලධාරීන් ඉන්නේ අපේ මේ, ලෝකෙන් උතුම් රටේ විතරමයි.
කේ. පී ගේ අයුධ ගෙනා නෞකාව කියලා ප්‍රදර්ශනයට තිබ්බත් ගාණක් හොයාගන්න තිබුණා. කාර් වුණත් අරයගේ, මෙයාගේ කියලා ප්‍රදර්ශනය කරලා ගානක් හොයන්න තිබුණා.
ඉගෙනගන්න චීනෙට ගිය අයගෙන්වත් ඇහුවේ නැද්ද? මේවට මොනවද කරන්නේ කියලා... හෙට, අනිද්දා මුහුදට අපවිත්‍ර ද්‍රව්‍ය එකතුකළාට විදේශ සංවිධානවලට උත්තර බඳින්න වෙයි.
හරි වාහන පිළිබඳ තර්කය නම් ටිකක් හරි සාධාරණයි කියමුකෝ. එ්ත් අර නැවත් පාතාලයෝ ගනී කියලද බය වුනේ. යකඩ ටොන් කීයක්ද? කොල්ලෝ ජීවිත පරදුවට තියලා ගිලුනු නැව්වල කෑලි ගලවනවා පරණ යකඩ වලට. මෙයාලා තියන නැව් ගිල්ලනවා. මේවා අැතුලට තව මොනවා මොනවා දාලද දන්නෑ ගිල්ලුවේ.
ඔය ටික කොහෙහරි ගාල් කරලා ප්‍රදර්ශනයකට තියලා බලන්න එන අයට ටිකක් විකුණලා කීයක් හරි හොයාගෙන වැඩකට ගන්න තිබුනනේ.
පහුගිය ආණ්ඩුව තිබුණනම් එයාලා පුද්ගලිකව හොරෙන් හරි මේවා පරණ යකඩ වලට විකුණගන්නවා. සම්පත් නාස්තියක් වෙන්නෙ නෑ.
ආණ්ඩුවට පිස්සුද?
මේ වාගේ මෝඩ අය. අපිට සල්ලි වැඩි වෙලාද ඔයවගේ තීරණ ගන්නේ. මෙවගේ පාලකයො ඉන්න අපේ රටේ දියුණුව සිහිනයකි
මේ සම්බන්දයෙන් ඇයි කලින් දැනුම් නොදුන්නේ? ඇයි මේක නරඹන්න, අර මත්ද්‍රව්‍ය ගිනි තියන කොට ආව වගේ මේකටත් ඒ සකලවිධ ගනයේ ප්‍රභූ ජනයාටත් එන්න තිබ්බනේ . සමුද්‍ර පරිසරය හිතාමතා අපයෝජනයට ලක් කිරීමක් නොවේද ? මේ කරලා තියෙන්නේ. කාට හරි මේකට උත්තර ගැට ගහන්න පුලුවන්ද?
ඉතින් මේවට පරිසර හානි නැති ද ?
සමහර රටවලනම් තලලා යකඩ විදියට විකුනනවා. ලංකාවේ එහෙම කරන්න බැරිද ? නීතිමය බාධා තිබේද ? අපි විදුලි මීටර් තලලා ටෙන්ඩර් කරනවා . නැත්නම් ඒවා හොරකමට පාවිච්චි කරවී කියල . ඒවගේ කරන්න බැරිද ?
කිසිම දෙයක වටිනාකමක් දන්නේ නැත
මේ සියල්ලටම වඩා රටක විනය අගනේය
මොන මෝඩ තීරණයක්ද? ඔය නැව පරණ යකඩ වලට විකුනන්න තිබුණා. ඒ වගේම ඔය කාර් වල වෙඩි නොවදින සන්නායක ගලවලා සමාන්‍ය කාර් බවට පත් කරන්න පුළුවන්.
මොන අපරාදයක්ද පරණ යකඩෙට වීකුන්න පුළුවන්නේ
ලෝකයේ සුපිරි ධන වාදී රටකවත් මෙවන් දෙයක් කරන්නේ නැහැනේ
මේවා පාලකයින්ගේ මෝඩ වැඩ...
ඔය ටික කොහෙහරි ගාල් කරලා ප්‍රදර්ශනයකට තියලා බලන්න එන අයට ටිකක් විකුණලා කීයක් හරි හොයාගෙන වැඩකට ගන්න තිබුනනේ.
titanic, ඇයි නැත්තේ. Oxide සහ අනිත් දේවල් මාළු වලට හොඳ නෑ. ටිකෙන් ටික දියවී මාළු ශරීර වලට හොඳ නැත ඇරත් මාළු කෑමෙන් මිනිසුන්ගේ ශරීර වලට අනවශ්‍ය ලෝහ යාමෙන් නොයෙක් ලෙඩ වෙන්න පුළුවන්.
මේ භාණ්ඩවල යකඩ කොටස් වලට වෙන් කරලා ප්‍රතිචක්රේය කරලා වෙනත් අත්‍යවශ්‍ය යකඩ මිශ්‍රිත දේවල් හදන්න තිබ්බ.. මෙහෙමත් මෝඩ කමක්. මොනතරම් විනාශයක්ද.
අද පරිසරය ගෙන කතා කරනවා මේවා මුදුදට දල එම පරිසරය දුෂණය කරන එක හරිද මේවා කට්ටිය කියල තියෙනවා වගේ යකඩ වලට ගන්න ක්‍රමයක් තිබුනේ නෙතිද
අනේ අපේ රට ගොඩක් පොහොසත් බව අද දැනගත්තේ
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු .....පතෝල වැඩ ....
කොහොමද ටිකිරි මොලේ ???
මේ නැව බග්ලාදේශ් ෂිප් බ්රෙඅක් වලට විකුනන්න තිබුන
පරණ නැව් යකඩ වලට ගන්න ඕනෑතරම් මිනුස්සු ලංකාවේ සහ ලෝකේ පුරා ඉන්නවා. මේවගේ අපරාද කරන එවුන්ගෙන් පුද්ගලිකව මේ මුදල් අයකරගන්න ඕන.
මේ කාර් ලංකාවේ පාතාලේ පාවිච්චි කරයි කියල බයනම් , පිටරටට විකුනපන් . නැත්නම් පරිත්‍යාග කරපන් විනාස කරන්නේ නැතුව. ලංකාවේ පාතාලේ මර්දනය කරන්න බැරිනම් , කරන්න පුළුවන් එකකුට රට බාරදීල ගෙදර යන්න ඕන මිනිසුන්ගේ ජීවත්වීමේ නිදහස නැතිකරන්නේ නැතිව.
ඉහිහසය පුරාම සිදුඋනේ මේ වගේ දේවල් තමයි . එක නිසා තමයි අපි ආපස්සට යන්නෙත් අනෙක් රටවල් දියිනු වෙන්නෙත් .
කාටවත්ම හිතෙන්නේ නැති දෙයක් තියෙනවා. අද ලංකාවේ ඉන්න පරිපාලන නිලදාරීන් 95% ආර්ට් (ARTS ) කරපු අපි හැමොගේම පන්තිවල බුද්දි මට්ටම 4 වෙනි තැනට තිබුනා අය ( බුද්දි මට්ටම1 සහ 2 Engineering / Medicine ගියා . බුද්දි මට්ටම 3 commerce /Econ කරන්න ගියා ) . එහෙම උනාට රට පාලනය කරන්නේ මෙයාල සහ lawyers ලා . උදාහරණ මහින්ද / රනිල්/දයාසිරි/ දිනේෂ්/අජිත් පෙරේරා /ජි.එල් තව බොහෝ අය. ඉතින් බුද්දි මට්ටම 4 වෙනි තෙනට තිබුනා අයගෙන් මිට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවලු. කුණු කඳු කඩ වැටුනට / නැවූ ගිලුන්ට / ආර්ථිකයක කඩා වැටුනට මොවුන්ට බනීන්න එපා / අපි අපිට ම බැනගමු
රජයට අත්අඩංගුවට ගන්න කුඩු පාර්සල් මුහුදු බත් කරන්න මෙහෙම උනන්දුවක් නැත්තේ ඇයි.
නියම ගොං වහන්සේලා ලංකාවේ ඉන්නේ. තවත් තියා ගන්න බැරිනම් ඕවා යකඩ වලට උණු කෙරුවානම් ඉවරයිනේ. හොරකමට නම් උපන් ගෙයි මොලේ තියෙනවා පක්ෂ භේදයකින් තොරව.
මේ කාර් ටික දවසකින් ඉන්දියාවේ පාතාලයෝ පාවිච්චි කරාවි හෙමිහිට ඇදගෙන ගිහිල්ල
මේ යහපාලන රජය කරතොත් කරන්නේ ගොන් වැඩමයි
මුහුද කියන්නේ තවදුරටත් යකඩ අපදුව්‍ය ලෙස බාරගන්න තැනක් නොවෙයි , අද පි ඉන්නේ අපදුව්‍ය පරතිචක්‍රීය කරන සමාජයක.නාවික හමුදාව ක්‍රියාත්මක කළාට ඉහල නිලධාරීනට මීට වඩා දුරට සිතා බලන්න තිබුන.වාහන කවුතුකාගාරයක් ඇති කරන්න තිබුන අපී රට ගැන කණගාටුයි !!
ගොන්හරක් ටිකත් ඒ නැවටම දාල ගිල්ලන්නනේ තිබුනේ පස්සේ ගිහින් මුන්ගේ එව්වෝ කෑලි ගලෝගෙන එනවා ඇති.
ඇයි මේ අපේ රට මෙහෙම විනාශ කරන්නේ? අපේ රට පාලනය කරන්නේ සත්තුද? ජනතාවට බදු ගහලා ඒ සල්ලි වලින් තමයි ඔය වාහන ගෙන්වලා තියෙන්නේ. මේ වගේ තීරණ ගන්න අයගේ පරම්පරාවම ......... යන්න ඕනේ. මේක ඇමෙරිකාව නොවේ. මේ රට ශ්‍රී ලංකාව. මේ රට අගාධයට ඇදලා දාන්න එපා දෙයියනේ ..................
අය්යෝ සිලිසේන...!
අපරාදෙ යකඩ වලට වත් කෑලි කරක විකුනන්න තිබ්බනෙ මේ ගිල්ලුව කීවට කව්ද දන්නෙ සේරම ගිල්ලුවද කියල
මේ රටේ ඉන්න පොඩි මිනිහට මේව පාවිච්චි කරන්න් පුළුවන් විදියක් ගැන මතක් වෙන්නේ අපි හරිම අරපරිස්සමින් එදිනෙදා වියදම් කරන නිසා. අපි කඩෙිකට ගියත් දෙයක් ගන්න කලින් ඒක ගන්නම ඔනද කියල හිතනවා. ඒ අපේ අතේ තියන මුදල කොහොමහරි අපේ අවශ්‍යතා එක්ක පිරිමහ ගන්න ඕන නිසා. ඒත් මේ රට පාලනය කරන කාලකණ්නි සහ ඉහල නිලධාරින් ට ඒවගේ පිරිමහන්න උවමනාවක් නෑ. උන්ට ඕනතරම් බදු ගහන්න පුළුවන් උන්ගෙ අවශ්‍යතා වලට සල්ලි හොයා ගන්න. ඉතින් උන්ට මේවගේ ආවස්ථික පිරිවැය කියල දෙයක් ගැන තේරෙන්නේ නෑ. කොහොමත් 2015 ඉදන රට පාලනය කරන එවුන් දන්නේ විනාස කරන්නම විතරයි කියන එක අපිට තේරිල ගොඩක් කල්. ඉතිං අපි මේ කාලකන්නින්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ.
තව ටික කලකින් ගිල්ලපු තැන ඕව ඔහොම්මම තියේද දන්නේ නැහැ? මමත් ලාංකිකයෙක්. නමුත් කියන්න ඕන ලංකාවේ මිනිස්සු හරි මෝඩ මිනිස්සු... ලොකු ලොක්කෝ ඕක ආපහු නොකර සද්දේ ගොඩ අරගෙන, බලන්න කරන දේ කාටත් ඇස් වලට වැලි ගහලා. හැමෝම දන්නා අපරාදයක් කියන එක ඔය මිනිස්සුන්ට නොතේරෙනවා නෙමේ. ඔය වැඩ වල යටි අරමුණක් ඇතුව ඔය මිනිස්සු ඕවා කරන්නේ.
මතු පරපුරට දැකගන්න ජනපති වාහන කෞතුකගාරයට දෙන්න තිබුනා. කොටින්ගේ ඒවා නම් කමක් නැහැ.
ඉන්දියාවේ පරන නැව් වල යකඩෙන් බයික් හදලා මෙහෙ එවනවා, මෙහෙ වැඩක් ගන්න පුලුවන් නැව් ගිල්ලලා නැව් ටෝක් දෙනවා. ඕකටත් හෙට අනිද්දට පෝස්ටරයක් ගහයි.
අනේ මෙහෙමත් මෝඩ රැලක්. මේවා මෙහෙම කරන්නේ නෙතුව යකඩ වලට විකුනුවනම් සල්ලි ගන්න තිබුනා. නැව අලුත් වැඩියා කරලා කුලියට හරි දෙන්න මොලයක් නැද්ද ?
උපදෙස් ලැබුනේ කොහෙන්ද කියලා ටිකක් හොයලා බලන්න. කියුබාවෙන් නම් වෙන්න බෑ.
මෙම වාහන සංරක්ෂණය කරලා විශේෂ කෞතුකාගාරයක තියලා රටේ ඉදිරි පරම්පරාවට බලන්න පිළිවෙල කරන්න තිබුණා. දියුණු රටවල්වල ජනාධිපතිවරු අගමැතිවරු වෙනුවෙන් පක්ෂ භේදයෙන් තොරව මේ දේවල් කරලා තිබෙනවා.
අර පරිසරය ගැන මැරෙන්න හදන මනුස්සයට මුහුද පරිසරයේ කොටසක් නෙමෙයි වගේ. වැව් තාවුලු ත් අතහැරලා නේ තියෙන්නේ.
මේ අදහස් දාන අය මොනවා කතා කරනවද. ගුවන් තොටුපල, වරායවල් කුණු කොල්ලෙට දෙන අයට මේවා මොන කජ්ජක්ද ? වෙහෙර ගිල්ල එකාට අග්ගලේ මහා දෙයක්ද?
කරුණාකරලා මට කියන්න . කවුද මේ තීරණය ගත්ත උත්තමයා?
රටට පාඩුවක් . ලොකු කමට විසිකළ ඕවා. ආයෙත් ගොඩගන්න හැකියාවක් තියෙනවාද.?
කතා එපා. දැනටමත් ඔය පාතාලේ කට්ටිය කිමිදිලා ගිහින් කාර් ටික ගොඩට ගෙනත් ඇති.
අනේ අනේ ?
මේවා අනුමත කල පුද්ගලයන් කවුද.?
මේක ඉතාම හොඳ වැඩක්. දැන් ලෝකේ අනිත් රටවල් දැන ගන්නවා අපිට මුහුදේ ගිල්වන්න තරම් මුදල් හදල් තියෙනවා කියලා. සල්ලි කාරයන්ට කවුරුවත් අත තියන්නේ නැහැනේ. දැන් අපිට මුළු ලෝකෙම බය වෙයි. මුළු ලොව මේ රටට යටයි...
මේවා මොනවද.?
අපේ පරිසර ඇමතිට ජයම වේවා. කර්මාන්ත විද්‍යා කටුතු ඇමතිටත් ජයම වේවා.
මේ සියල්ල මුහුදේ ගිල්ලවීමට ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවේ පාලකයන්ගේ දැනීමේ තරම පැහැදිලිවම පේනවා . අනේ මේ මෝඩ තීරණය ගත්ත අයවත් මේකෙම දාලා ගිල්ලවන්න තිබුනානම් රටට කොපමණ යහපතක්ද ?
ගිනස් පොතට දාන්න පුලුවන්ද දන්නේ නෑ.....මෝඩකමේ තරම.....
මහත්වරුනි, මෝඩයින් පාලනය කරන රටක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක.