(අංජුල මහික වීරරත්න)
කොළඹ මහනගර සභාවේ පාලන බලය හිමි කරගත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත්‍රී කණ්ඩායම අද (19) පස්වරුවේ දිවුරුම් දෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන උත්සවයේදී දිවුරුම් දීම සිදුකෙරේ.
කොළඹ නගරාධිපතිනිය ලෙස රෝසි සේනානායක මහත්මිය පත් කරන බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් වරයා විසින් මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දේශපාලන පාට, පක්ෂ පැත්තකට දමමින් ඔබතුමියට සුබ පතමු.
ඔබතුමියට කොළඹ නගරය පිරිසිදු, මතින් සහ දුරාචාරයෙන් තොර නගරයක් බවට පත්කිරීමට හැකිවේවා කියා සුභ ප්‍රාර්ථනා කරමි... ජය!!!
හරියට දෙයක් කරලා තමන්ගේ හැකියාවන් පෙන්නුවෝතින් විතරක් ඔබට අනාගතයක් තිබේවි... එ්කට සුභ පැතුම් !!!
එදා "කොළඹට කරු - පායයි හිරු!" අද "කොළඹට තරු - පෙනේවි තරු!"
මෑත ඉතිහාසයේ කොළඹ මහ නගර සභාවට පත්වූ විශිෂ්ඨතම පුරපතිවරයා වූයේ පවුසි මහතා. ඔහුගේ පාලන කාලයේ කොළඹ නගර සභාව ඉතාමත් ක්‍රමවත් වූ අතර, නගරයේ කැලිකසල බැහැර කිරීම කාණු පද්ධති නඩත්තුව මෙන්ම මාතෘ සායන වෛද්‍ය මධ්‍යස්ථාන විදුලි පහන් නඩත්තුව හා නගර සභාවට අයත් මාර්ග නඩත්තුවද ඉතා හොඳින් කල අතර පසුව එම තනතුරට ආ දේශපාලකයින් තම දේශපාලන හා පුද්ගලික වුවමනාවන් වෙනුවෙන් නගර සභාවේ දේපළ මෙන්ම සේවකයින්ද භාවිතා කිරීමෙන් හා දහස් ගණනක සේවකයන් සිටියත් කසල බැහැර කිරීම හා වෙනත් කටයුතු තම පෞද්ගලික ලාභය වෙනුවෙන් පුද්ගලික සමාගම් වෙත පැවරීමෙන් කොළඹ නගර සභාව පරිහානියට පත්වු අතර කොළඹ නගරය රටේ අපවිත්‍ර හා අශෝභන නගරය බවට පත්විය.
පොෂ් පුරපතිනියට කොළඹ පොෂ් කරන්න හැකිවේද?
මැලේසියාවේ මහකොමසාරිස්තුමිය ලෙස රාජකාරි කළ ඔබතුමියට ක්වාලා ලම්පූර් අග නගරය ගැන විස්තර කිරීමට අටුවා, ටීකා, ටිප්පනි අවශ්‍ය නොවේ. එකී අගනගරය ආසියාවේ ලස්සනම 6 වැනි අගනගරයයි. කොළඹ අගනගරයද ආසියාවේ ලස්සනම අගනගර 10 අතරට ගෙන ඒමේ අභියෝගය කොළඹ සිය ඡන්ද දායකයින් ඔබතුමියට එල්ල කර ඇත.
මෙයත් අනනවා. එ්ක නම් ෂුවර්...
වැඩ බාරගන්න කළින් මුඩුක්කු පැලක එක වරුවක් ගතකරලා එනවද?