ෂෙහාන් චාමික සිල්වා
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තුවක් නිකුත් කළාය.
මීට පෙර අධිකරණය විසින් මහ බැංකු බැඳුම්කර මුල්‍ය වංචාව පිළිබඳව පවත්වනු ලබන මහේස්ත්‍රාත් විමර්ශනයේ පළමු සැකකරු වන මහේන්ද්‍රන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට කරන ලද නොතීසි ප්‍රකාරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටිම පිළිබඳ සළකා බලමින් මෙම නියෝගය නිකුත් කැරිණි.
මීට අමතරව පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මහතා මාර්තු 29 වැනි දා දක්වා රිමන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, මුන්නහේව ඕන වෙලාවක ලංකාවට ගෙන්වල දෙන්න කෙනෙක් පොරොන්දු වෙලා හිටිය නේද?
ඇති යාන්තම්..............ටිකක් කරදර වෙයි හැබැයි මොකද එකා දැන් කොහේ හරි හැංගිලා ඇත්තේ.....
අධිකරණයේ තීන්දුව ඉතාමත්ම ප්‍රශංසනීයයි. මොහුව අත් අඩංගුවට ගෙන නඩුව ඉවරවෙන තෙක් රිමාන්ඩ් භාරයේ තබා ගන්න.
ඔය මිනිහව මෙහෙට අරන් ආපු එක්කෙනාට මොකවත්ම කරන්න බැරිද. අහකයන නයි රෙද්ද අස්සේ දා ගෙන අපිට ගෙවන්න කියනවා.
හානේ හොරගෙඩිය. මේ කලබල අස්සේ අමතක වෙලාම ගියානේ..............
කොහොමද කොමිසමට ඇවිල්ල සුද්ද වන්තයෝ වගේ කතා කරපු ලස්සන. අපිනම් දැන ගත්තා මෙය පට්ට හොරෙක් කියල
මෙන්න මේවට තමා කියන්නේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා කියල
අධිකරණ තීන්දුව ප්‍රශංසනීයයි! හැබැයි අත්අඩංගුවට අරන් මාසයක් අතුලේ තියල, රු ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් මත නිදහස් කරා කියන්න එපා පස්සේ හොඳේ. ඔය වෙච්ච අලාභය සම්පූර්ණයෙන් ඔය අදාල පුද්ගලයන්ගෙන් අයකරගන්න ඕන. ඔය මංකොල්ල කාපු සල්ලි රටේ අහිංසක මිනිස්සුන්ට ගෙවන්න බැ.
අශ්වයාට පැනලා යන්න ඉස්තාලයේ දොර ඇරලා දැන් හොයන්න.. මහන්සිවෙනවා. මෙහෙම කරන්න ඕනේ නැහැනේ! නීතිපතිට තිබුණා මොහු විදේශ ගතවෙන එක වළක්වන්න.. එහෙම කළේ නැහැ. සාමානය මිනිහෙක් පොල් ගෙඩියක් හොරකම් කරත් මාස ගණන් රිමාන්ඩ් එකේ ඉන්නවා. නඩු අහලා ඉවර වෙනකම් අගමැතිගේ යාළුවට නීතිය නැවෙන්නේ මෙහෙම නම් අගමැති ගැන කවර කතාද?
කරුණාකර මහබැංකුවේ වත්මන් පාලකයා ඉවත් කරන්න. ඉන්ද්‍රජිත් මහතා. ඔහු ද කැනේඩියානු පුරවැසියෙකි. ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාවක් දෙන්න. අපගේ මිනිසුන්ට සුදුසුකම් තිබෙනවා.
අල්ලයි නැට්ට දැන්....
කලබල ඇති කලේ ඒ අදහසින් නොවැ....
සියලු හොරුන්ට සමානව සලකන්න. කාරුණිකවන්න. ඔවුන් සැමට අර්ජුන්ට මෙන් සලකන්න. සැමට එක නීතියක් ලබාදෙන්න....
තව පස් හය දෙනෙකුට ආණ්ඩුව ගානේ රට යන්න පොටක්.
වරෙන්තුව නිකුත් කෙරුවට ඔහුව සොයාගන්නේ කොහොමද?
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ.
අපේ රටට මේ තරම් විනාසයක් කරපු මේ පුද්ගලයා තවමත් නිදැල්ලේ
අර පොලිසියේ අය සැකකරු අත්අඩංගුවට ගන්න බැරි උනහම ඔහුගේ ළගම පවුලේ කෙනෙක් ඇපයට තියාගන්නවා වගේ මෙයා එනකම් එයාගේ ළගම හිතවතා වන අගමැතිතුමාව තියාගන්න බැරිද දන්නේ නැහැ!
දිගටම අධිකරණය මගහැරියොත් තහනම් කොට තියෙන මෙයාගේ දේපළ රාජසන්තක කලානම් මුදලයි පොළියයි දෙකම ලැබෙනවා. කවදාහරි එයාවත් කොටුකර ගන්න පුළුවන් වේවි. ඒත් පුදුමය කියන්නේ, මුළු රටම අද කතා කරන්නේ මේ ගැන විතරයි. අනෙක් මහා පරිමාණ හොරුන් නිදැල්ලේ සිටිනවා. ඒ අයගේ දේපළ තහනමක් ගැන කිසිම කතාවක් නැහැ.ඒ අයගේ දේපළත් තහනම් කොට ඉක්මනින්ම අධිකරණයට කැඳවීම ඉතාම වැදගත් දෙයක් වෙනවා.
අධිකරණ තීන්දුව ප්‍රශංසනීයයිලු. තීන්දුව ප්‍රශංසනීය වෙලා වැඩක් තිබෙනවාද? යාලුවෝ මෙයාව අල්ලන්න ඉඩදෙන්නේ නැතිනම්...
"දිගටම අධිකරණය මගහැරියොත් තහනම් කොට තියෙන මෙයාගේ දේපළ රාජසන්තක කලානම් මුදලයි පොළියයි දෙකම ලැබෙනවා. " මෙයාගේ දේපොලක් ලංකාවේ කොහෙද? මෙයත් අනිකුත් අයවගේ ලංකාවට ආවේ හිස් අතින්.