(අනීෂා මානගේ)
කතරගම ප්‍රදේශයේ දී අද (21) අලුයම සිදු වු වෙඩි තැබීමකින් පොලිස් බුද්ධි අංශ නිලධාරියකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි..
රාජකාරී සඳහා වාර්ථා කරමින් සිටි මෙම බුද්ධි අංශ පොලිස් නිලධාරියාට අද (21) උදෑසන 6.50ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු කතරගම නගරයේදී වෙඩි තබා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කතරගම වල්ලිමාතාගම ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය බුද්ධි අංශයේ තංගල්ල කාර්යාලයේ සේවය කරන පුෂ්පකුමාර කොඩිතුවක්කු නම් පොලිස් කොස්තාපල්වරයෙකි.
වෙඩි ප්‍රහාරයෙන් නිළධාරියාගේ වම්අතේ මැණික් කටුව අසලට හානි වී ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා දෙබරවැව රෝහලට ඇතුළත්කර වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ප්‍රවෘතියේ හා පහල ඇති රුපපෙලෙයි සම්බන්ධය.?
පාතාලය රට පුරා හිස එසවීමට පටන්ගෙන ඇත. පොලිසිය සහ රජය මර නින්දේ .
පවතින තත්වය නම් ඉතාමත්ම හොඳ නැහැ.
නාමල් තුමා තමයි මම බලා පොරොත්තු වන්නේ
වෙඩි තිබ්බ කියමුකෝ. මෙහෙම රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ගේ නම්, පදිංචි ස්ථාන සමාජයට එලි කරනවද? ඒක ඉදිරියේදී මේ නිලධාරියාට බලපෑමක් වෙන්නේ නැද්ද?
අපේ රට දවසි දවසින් දවසට බයානක මුඩුක්කුවක් බවට වෙනවා... මෙවට වගකියයුත්තන්ට මේවා පාලනය කරගත නොහෙකිනම්, කරුණාකරලා මෙ වගකීම් හමුදාවට බාරදෙන්න.
පුවත්පත් බුද්ධි අංශයේ නිලධාරීන්ගේ අනන්‍යතාවය එළිකිරීම පුවත්පත් ආචාර ධර්මයන්ට එකඟද?