IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මහනගර සභා තුනක බලය පොදුජන පෙරමුණට යද්දී තංගල්ලේ පෙරළියක්

(තරිඳු ජයවර්ධන, රන්න චන්ද්‍රෙස්න ගමගේ, දෙහිවල එච්. එම්. ධර්මපාල සහ මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා)

මේ වසරේදී පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව සහ තවත් මහ නගර සභා තුනක බලය අල්ලා ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (26 වැනිදා) සමත් විය.

එහෙත් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කළ රාජපක්ෂවරුන්ගේ බල කොටුව වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි තංගල්ල නගර සභාවේ මුල් පුටු දෙකම එක්සත් ජාතික පක්ෂයට හිමිවිය. 

තංගල්ල අයත් වන හම්බන්තොට දිස්ත්‍රික්කය පොදුජන පෙරමුණේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ද ප්‍රදේශයයි. බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස 2010 වසරේ සිට කටයුතු කළ ද ඔහුගේ උපන් ගම පිහිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේයය. 

හිටපු කතානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ සහ මන්ත්‍රී නාමල් රාජපක්ෂ නියෝජනය කරන්නේ ද හම්බන්තොට දිස්ත්‍රික්කයයි. රාජපක්ෂවරුන්ගේ නිජ භූමිය ලෙස සැලකෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයයි.
 

මෙවර පළාත් පාලන මැතිවරණයේදී හම්බන්තොට නගර සභාවට ඒ ඒ පක්ෂ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සහ මන්ත්‍රී ධුර සංඛ්‍යාව පහත දැක්වේ.

(ඡායාරූපය 01)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයද මන්ත්‍රී ආසන හත බැගින් දිනාගෙන තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ දිනාගෙන තිබුණේ මන්ත්‍රී ආසන දෙක බැගිනි.  පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තංගල්ල නගර සභාවෙන් ජය ලැබුවේ ඡන්ද 112කිනි.

නගර සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා අද ඡන්දයක් පැවැති අතර ඉන් ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ට සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබිණි. ඊට හේතුව ශ්‍රීලනිපය සහ ජවිපෙ ඡන්දය භාවිත නොකිරීමයි. තංගල්ල නගර සභාවට එජාපයෙන් සහ පොදුජන පෙරමුණෙන් ලැබුණේ සමාන මන්ත්‍රී සංඛ්‍යාවකි. ඒ අනුව කුසපත් ඇදීමක් පැවැත්වුණු අතර එමගින් තංගල්ල නගර සභාවේ සභාපති ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා තේරී පත් විය.

2011 පළාත් පාලන ඡන්දයේදී තංගල්ල නගර සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රී ආසන හයක් හිමිකරගත් අතර එක්සත් ජාතික පක්ෂයට ලැබුණේ මන්ත්‍රී ආසන තුනක් පමණි. එවර සන්ධානය එම ප්‍රාදේශීය සභාව ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 100කිනි.

2006 වසරේ පැවැති පළාත් පාලන ඡන්දයෙන් ද තංගල්ල නගර සභාවේ බලය පිහිටවනු ලැබුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසිනි. 2002 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයෙන් තංගල්ල නගර සභාවේ බලය පිහිටවනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂය විසින් වන අතර එවට තරඟ කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ දෙක පමණි. ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් දෙකක් ද තරග කර තිබිණි. එවර ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රී දුර තුනක් හිමි විය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද සමත් විය.

 දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේ වැඩි ඡන්ද 956 කිනි. පොදුජන පෙරමුණට සහ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 19 බැගින් ලැබිණි.

මීට අමතරව පොදුජන පෙරමුණ ජය ගත් මොටුව සහ දඹුල්ල මහ නගර සභාවවල බලය ද අද පිහිටවනු ලැබුවේ එම පක්ෂය විසිනි.



අදහස් (0)

මහනගර සභා තුනක බලය පොදුජන පෙරමුණට යද්දී තංගල්ලේ පෙරළියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site