මහ බැංකු අධිපති රවීට උත්තර දෙයි ‘‘මහ බැංකුවට හොඳ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. ඔවුන්ගේ දැනුම ඉතා ඉහළයි. වැඩකට නැති ප්‍රකාශවලට පිළිතුරු දීමට මා කාලය නාස්ති කරන්නේ නැතැ’’ යි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ මහ බැංකු ශ්‍රවණාගාරයේදී ඊයේ (26) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 27 September 2017
මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ට මාරුවක් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා පවසයි. 26 September 2017
පළාත් සභා බලය පාර්ලිමේන්තුවට ගන්නවාට විරුද්ධයි-මහිපාල හේරත් පළාත් සභාවලට දුන් බලතල නැවත ආපසු පාර්ලිමේන්තුව වෙත උදුරා ගැනීමට තමන් විරුද්ධ බව සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය මහිපාල හේරත් මහතා පවසයි. 26 September 2017
රවීගේ සැලසුම ගැන බන්දුල කියයි රවී කරුණානයක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට තර්ජනයක් වන අයුරින් තරුණ කොටස් එකතු කර ගැනීමේ සූක්ෂම වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම දී පැවසීය. 26 September 2017
ඔසරි පොටේ පරික්ෂණ තවදුරටත් පුළුල් කෙරේ මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා පාසල් සිසුවියන් 250 දෙනකු සහභාගී කරවා ගනිමින් ඔවුන් හිංසනයට ලක්කළේ යැයි කියන සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අරඹා ඇති පරික්ෂණය තව දුරටත් පුළුල් කළ බව එහි සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. 26 September 2017
මහ ඇමැති නිදහස් - සාරි පොටේ වරද ලේකම්ට ගිනස් වාර්තා තැබූ මංගල උත්සවයක මනමාලියගේ සාරිපොට උස්සා ගැනීමට පාසල් සිසුන් යෙදවීමේ චෝදනාවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක මහතා නිදහස් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය අද පැවැති රැස්වීමක දී ප්‍රකාශ කළාය. 25 September 2017
ශිවාජිලිංගම් ජාත්‍යන්තර අධිකරණයක් ඉල්ලයි යුද්ධය පැවති සමයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සිදුකළ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවය පවතින බව උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. ශිවාජිලිංගම් ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රකාශ කර තිබේ. 25 September 2017
ලලිත් ජයසිංහ අත්අඩංගුවට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 25 September 2017
මාර්තුවට පෙර පළාත් සභා ඡන්දය ඕනෑ පළාත් සභා ඡන්ද විමසීම ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වෙන බව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙන හෙයින් මාර්තු මාසය වනවිට එම කටයුතු ඒ ආකාරයට සිදුවිය යුතු බවට වගබලා ගන්නා ලෙස කතානායක කරු ජයසූරිය මහතා පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුත්තාෆා මහතාට සහ පළාත් සභාවල සීමා නිර්ණය කරන කමිටුවේ සභාපති කනගරත්නම් තවලිංගම් මහතාට උපදෙස් දී තිබේ. 25 September 2017
ගැටුමකින් පසු දර්ගා නගරයේ දෙදෙනක් රෝහලට අලුත්ගම දර්ගානගරයේ වැලිපිටියේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු කැපුම් කෙටුම් තුවාල ලැබූ දෙදෙනකු අද (24) රාත්‍රී කළුතර නාගොඩ රෝහලට ඇතුළු කළ බව පොලිසිය කියයි. 24 September 2017
1000 දුම්රිය ටිකට්පත 3000ට විකුණලා මහනුවර දුම්රිය ස්ථානයෙන් දුම්රිය මගීන් සඳහා නිකුත් කරනු ලබන සීඝ්‍රගාමී දුම්රිය ප්‍රවේශ පත රුපියල් 1000.00 ටිකට් පතක් රුපියල් 3000.00 ට අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තුමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 24 September 2017
හිඟ බිල්පත් ගෙවන්න මහා භාණ්ඩාගාරයට බිලියන 4 ක් බිලියන 6.6ක නොගෙවූ මහා මාර්ග සංවර්ධන බිල්පත් ගෙවීම සඳහා අධිවේගී මාර්ගවලින් උපයා ගත් බිලියන 4ක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර ඇත. 24 September 2017
ව්‍යවස්ථාවට වඩා සයිටම් ප්‍රශ්නයට තැන දිය යුතුයි ව්‍යවස්ථාව අනුමත කිරීමට වඩා සයිටම් ප්රශ්නය විසඳීමට රජය ප්‍රමුඛතාවය දිය යුතු යැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. “මාස හතක් තිස්සේ වෛද්‍ය ශිෂ්‍යයින් 6500ක් දේශනවලට යන්නේ නෑ.සීමාවාසික වෛද්‍යවරු බිහි වෙන එක නැවතිලා නිසා මේ අවුරුද්දේ වෛද්‍යවරු 1200ක් රෝහල්වලට එන්නේ නෑ.මේක රජය වහාම විසඳිය යුතු ප්‍රශ්නයක්. 23 September 2017
කාලය අවසන්වන සභා තුනේ පාලනය ආණ්ඩුකාරවරුන්ට සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන්වීමෙන් පසුව ඒවායේ පාලනය මැතිවරණය පවත්වන තුරු එම පළාත් තුනේ ආණ්ඩුකාරවරුන්ට පැවරෙන බව පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඊයේ (21) පැවැසීය. 22 September 2017
නීතිපතිවරයා ඉවත් කරන්නැයි යෝජනාවක් නීතිපතිවරයා ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමින් යෝජනාවක් කතානායකවරයාට බාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 21 September 2017
ඡන්දය දුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමටයි - ජවිපෙ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පක්ෂව ඡන්දය ලබාදුන්නේ පළාත් සභා මැතිවරණයේ විකෘතිය නිවැරදි කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවසීය. 21 September 2017
පළාත් සභා සංශෝධිත පනත තුනෙන් දෙකෙන් සම්මතයි පළාත් සභා සංශෝධිත පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම තුනෙන් දෙකකට වැඩි ඡන්දයෙන් අද රාත්‍රී පාර්ලිමේන්තුවේදී සම්මත විය. 20 September 2017
ලලිත්ට- අනුෂට ඇප පසුගිය ජනපතිවරණ සමයේ සිල්රෙදි බෙදාදීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට යන මහත්වරුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද(20) ඇප ලබා දුන්නේය. 20 September 2017
වර්ජනය කළ ලංවිම සේවකයෝ 3000ක් දොට්ට ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩවර්ජනයට සම්බන්ධ වූ සේවකයන් 3000කට අධික පිරිසක් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කිරීමට ලංවිම පාලනාධිකාරිය තීන්දු කර තිබේ. 19 September 2017
අරුන්දික විපක්ෂයේ අසුන්ගනී හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය. 19 September 2017
20ට ජනමත විචාරණයකුත් ඕනෑ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. 19 September 2017
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසියට ජනපති එක් වෙයි එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වැනි සැසිවාරය හෙට (19) නිව්යොර්ක් නුවරදී ආරම්භ කෙරෙන අතර ඒ හා සමගාමීව සංවිධානය කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය සභාවේ සැසිය අද (18) පස්වරුවේ නිව්යොර්ක් නුවර එක්සත් ජාතීන්ගෙ සංවිධාන මූලස්ථානයේ දී පැවැත්විණි. 19 September 2017
ජනපති සමඟ ඇමෙරිකා යන්න ෆොන්සේකාට වීසා නෑ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. 18 September 2017
අධ්යක්ෂවරුන් නැතිව නාමල්ගේ නඩුව විභාගයට ගනී හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක් මුදලක් උපයා ගත් බවට මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලැබ සිටින ගවර්ස් කෝපරේෂන් සමාගමේ අධ්යක්ෂවරුන් දෙදෙනෙකු නොමැතිව නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද (18) තීරණය කළේය. 18 September 2017
පර්පෙචුවල් පලිසේනට බෝනස් කෝටි 10 ක් පර්පචුවල් ටේරෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාට එම සමාගම 2016 වසරේදී රුපියල් කෝටි 10 ක පාරිතෝෂිත දීමනාවක් ගෙවා ඇති බව බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගයේදී හෙළි විය. 18 September 2017
විස්ස ගැන අදහස ආණ්ඩුව අතහරී සියලු පළාත්සභාවල ඡන්දය එකම දිනයක පැවැත්වීමේ විධිවිධාන ඇතුළත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ අදහස අතහැර දැමීමට ආණ්ඩුව තීන්දු කර තිබේ. 17 September 2017
සයිටම් හිමිකාරිත්වය වෙනස් කරන්න නිර්දේශ සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු බව සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව යෝජනා කර තිබේ. 17 September 2017
සියලු මැතිවරණ කොට්ඨාස ක්‍රමය යටතට ඉදිරි සියලූ මැතිවරණ කොට්ඨාශ ක්‍රමය යටතේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසීමට තමන් කැපවී සිටින බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි. 17 September 2017
බල්ලෙක් දින හතක දරුවකු මරා දමයි හබරණ නාමල්පුර ප්‍රදේශයේ දින හතක් වයසැති දරුවකු නිදාගෙන සිටියදී බල්ලකු විසින් සපා කනු ලැබීමෙන් මිය ගොස් තිබෙන බව හබරණ පොලීසිය පවසයි. 17 September 2017
ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභා ලැයිස්තුවේ සයිටම් නෑ ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විශ්ව විද්‍යාල අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහන් නොවෙයි. 16 September 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026