රංජන් කස්තුරි
ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයකට මුහුණදීම සඳහා යැයි පවසමින් රුපියල් කෝටි 5500ක පාඩුවක් ලබමින් පෞද්ගලික බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
පෞද්ගලික අංශයට අයත් දැනට වසා දමා තිබෙන බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර අදාල ගිවිසුම්වලට අනුව මූලික ප්‍රාග්ධන වියදම් ලෙස එම රුපියල් කෝටි 5500 වසර තුනක් ඇතුළත ගෙවීමට නියමිත බව ද වාර්තාවේ.
මෙම බලාගාර තුන මීට වසර 10කට 15කට පෙර ලංවිම සමඟ ගිවිසුම්වලට එළඹ ලංවිමට විදුලිය ජනනය කර දුන් අතර එම කාලය තුල අදාල ගිවිසුම් ප්‍රකාරව ලංවිම මගින් මූලික ප්‍රාග්ධන වියදම් ද කොටස් වශයෙන් ගෙවා නිම කර තිබිණි.
ඉන් පසුව හදිසි විදුලිය අවශ්‍යතා මත මීට වසර දෙකකට පමණ ඉහතදී තවත් මාස හයක් විදුලිය ලබා ගැනීම සඳහා එම බලාගාර තුන සමඟ ලංකා විදුලි බල මණ්ඩලය ගිවිසුමකට එළැඹී තිබිණ.
එම දෙවැනි ගිවිසුම ද නිමවී වසර දෙකක් පමණ ගතවී ඇති අතර එම කාලය තුළ බලාගාර තුන වසා දමා තිබේ.
ගිවිසුමට අනුව කාලය නිමවූ පසු එම බලාගාර ලංකා විදුලිබල මණ්ඩලයට පවරා ගත යුතු නමුත් එසේ නොකර ලංකා විදුලි බල පනත පවා උල්ලංඝණය කරමින් එම බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට තීරණය කිරීම ගැටළු සහගත බව ද ලංවිම ආරංචි මාර්ග කසඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආදායම ලක්ෂෙට වැඩිනම් සියයට 4 බැංකු පොලියට, සියයට 5ට රට සල්ලි එවද්දී සියයට 5 ගෙවල් ඉඩම් දෙවන වරට විකුණද්දි සියයට 10. වැඩි කරන බදු මුදල් අරපරිස්සමින් ගෙදර ගෙනියන්න ඇමතියෝ ටික දැන්මම පටන් අරගෙන වගේ...
වතුර පොම්පයක්වත් නැති බහුතරය අතර පෞද්ගලික බලාගාර තියන මිනිස්සුත් ඉන්නවා. අතිශය දුප්පතුන් පිරි රටක මෙවැනි ව්‍යාපාර කරන්නේ මැති ඇමතිවරුන්ගේ කළු සල්ලිත් ආයෝජනය කර ඇති කුප්‍රකට ව්‍යාපාරිකයින්. රටේ නොම්මර එකේ ව්‍යාපාරිකයෝ ලෝකේ අහවල් වැනිය කියන්නේ රටේ මිනිස්සුවත් නොදැන මෙවැනි කූට ව්‍යාපාර වලින් සල්ලි හම්බ කරනවටයි.
ඔය මුදලින් සෑම නිවසකටම සූර්ය කෝෂ නොමිලේ දුන්නත් පාඩු නැහැ නේද? නැතිනම් සූර්ය තාප බලාගාරයක් හදන්න බැරිද?
ඌ මට ගහනවා මට ඌ ගහනවා. මේ අයට අපගේ වටිනා ඡන්දය දීලා ඉල්ලගෙන කනවා. දේශපාලකයින්ට අපි වියදම් කරන සල්ලිවලින් බලු කපුටු දානේ දුන්නා නම් ඊළඟ දවසේ අඩුම ගානේ බල්ලන් නගුට වනයි, කපුටන් කාක් කියයි.
මේ බලාගාරවල අයිතිය තිබෙන්නෙ මහා ධන කුවේරයන්ට. අවුරුදු දහයක සින්නවීමේ අයිතිය රජයට තිබියදීත් ඒවා රජයට පවරා නොගන්නෙ ඇතැම් යටිකුට්ටු දේශපාලකයෝ මේවා රජයට සින්න නොවීමට බලාගාර හිමියන් ආරක්ෂා කරන නිසයි. විදුලිබල මණ්ඩලයේ සමහරුන් මේ තත්වයන් දැන දැනත් නිහඬව ඉන්නවා. ටික දෙනෙක් එළිපිටම දුෂණයට එරෙහි වෙනවා.
ලංකාවේ විදුලි බල කර්මාන්තයේ මාෆියාවක්.
මහ ඡන්දෙ එනතුරු මම ඉන්නේ මග බලා.....
මුං වැපිරුවොත් ලැබෙන්නෙ මුං, තල වැපිරුවොත් ලැබෙන්නේ තල වගේ, අද ජනතාව භුක්ති විඳින්නේ තමන් වපුරපු දේ. පක්ෂ ගැන හිතලා, කාටත් නැති බොරු පොරොන්දු වලට නැවත නැවතත් රැවටෙමින් දේශපාලකයින් පත්කරගන්නා, දැනදැනත්, අර හොරාට වඩා මේ හොරා හොඳයි කියමින් ඔවුන් බලයට පත්කරගන්නා ජනතාවක් සිටින රටක් වෙන කුමක් ලැබෙන්නද?
මගේ යාලුවෙක් සෝලාපවර් එකක් ගහලා අවුරුද්දක් බලාන හිටියා විදුලි මණ්ඩලේ හාමොනික් ටෙස්ට් එක පාස් නැතුව. මේ ඩීසල් බලාගාර වලින් දුම් දාන්නේ නැතුව ඇති.
ඉහල commemts දාල තියන අයට වැහී නැතිවට විසදුම් තියනවද.?
ජනතාවට කරන මේ අපරාද වලට උඩ සිටින දෙවියෝ බලාගන්න ඕනේ
ඔක්කම කරන්න යන දේවල් මිසක් අවුරුදු තුනකට කරපු දෙයක් නැහැ. මොන දේ කරත් අරය අඩුම තරමේ කවදාකවත් ඉවරකරන්න බැරිව තිබුන යුද්දෙවත් ඉවර කරා. මෙයාල කරපු එකම දේ තමයි පාර්ලිමේන්තුවේ 225 ට සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන්න බිලියන ගානක් මුදල් සහ ලක්ෂ 600 වාහන පර්මිට් බෙදාගත් එක. දුප්පත් ජනතාවට අරකට මේකට කියලා පුදුම විදියට බදු ගහපු එකට මුන්ට සහ ගහනවා. අපිට වැඩට යන්න එන්න හරි හමන් දුම්රියක් නැහැ. උදේට වැඩට යන්නෙත් හවසට වැඩ ඇරිලා එන්නෙත් සර්කස් එකක වැඩකරන එකෙක් වගේ යාර දෙකක් විතර බස් එකේ ෆුට්බෝඩ් එකේ නැත්නම් යාර එකහමාරක් විතර දුම්රියේ දොරවල් වලින් එළියේ එල්ලිලා යන්න වෙලා තියෙන්නේ. අඩුම තරමේ හරි හමන් බස් එකක් දුම්රියක් දාපල්ලා වැඩට යන්න. මේ රට සෝමාලියාවට වැඩිය අන්තයි. අඩුම තරමේ ජනතාවගේ සුබසාදනය සඳහා ගනින්නාන්වහන්සේලවත් කතාකරන්නේ නැති එක තමයි පුදුමේ. කොහෙද ඉතින් උන්නාන්සේලටත් කෝටිගණන් වටිනා ඩියුටි ෆ්‍රී පර්මිට් සහ රජ්‍යත්‍රන්තික දිපොල්මැටික් පාස්පෝර්ට් හම්බවෙනවනේ.
දසුන් මොනවද මේ කියන්නේ? මහ චන්දෙ ආවම බලන්න. අපි කවුරුත් එකතු වෙලා තවත් පල් හොරු රැලකට බලය දෙනවා. අපේ චන්ද දායකයෝ හරි හැටි දැනුවත් වෙනකල් ඕක ඔහොම තමයි. අපේ දේශපාලුවෝ ඒකට ඉඩ තියන්නෙ නෑ.
ලංකාවට හොඳින් ගැලපෙන්නේ සූර්ය බලය හා සුළං බලය . භූවිද්‍යත්මක පිහිටීම අනුව වඩාත් ප්‍රතිඵල දායක ප්‍රභවයන් ලෙස මේ ක්‍රම දෙක හැදින්විය හැක. රජය මැදිහත් වීම ඉතාමත් අඩුයි. ඒ වෙනුවට පැරණි යල් පැන ගිය ක්‍රමවේද වලම හිර වී සිටී . ඒ වගේම ලංවිම මාෆියාවක්ද ක්‍රියත්මක නොවෙනවා නොවෙයි. ඒ නිසාම විවිධ කඹ ඇදීම්ද ලංවිම යේ සිදුවේ. තමන්ගේ මඩිය ගැන සිතනා රාජ්‍ය සේවකයින් හා දේශපාලකයන් සිට්නා තුරු රටේ අනාගතය ගැන සිතීම පවා උගහටය .කෙසේ වෙතත් රජය මැදිහත් වී සහනදායි ණය ක්‍රමවේද සැපයීම අනිවාර්යයෙන් කළ යුතුයි . අපි බලා හිදිමු...
මෙහි සඳහන් සාවද්‍ය තොරතුරු බොහොමයක් ඇත. සාවද්‍ය තොරතුරු" මාස හයක් විදුලිය ලබා ගැනීම සඳහා එම බලාගාර තුන සමඟ ලංකා විදුලි බල මණ්ඩලය ගිවිසුමකට එළැඹී තිබිණ." - නිවැරදි තොරතුරු අවුරුද්ද බැගින් අලුත් කිරීම සාවද්‍ය තොරතුරු එම දෙවැනි ගිවිසුමද නිම වී වසර දෙකක් පමණ ගතවී ඇති අතර එම කාලය තුළ බලාගාර තුන වසා දමා තිබේ. නිවැරදි තොරතුරු අවුරුද්ද බැගින් අලුත් කරමින් දැනටත් ජාතික පද්ධතියට විදුලිය සපයමින් පවති. සාවද්‍ය තොරතුරු ගිවිසුමට අනුව කාලය නිමවූ පසු එම බලාගාර ලංකා විදුලිබල මණ්ඩලයට පවරා ගත යුතු නමුත් එසේ නොකර ලංකා විදුලි බල පනත පවා උල්ලංඝණය කරමින් එම බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට තීරණය කිරීම ගැටළු සහගත බව ද ලංවිම ආරංචි මාර්ග සඳහන් කරයි. නිවැරදි තොරතුරු පෙර පැවැති ගිවිසුම් වල විදුලිබල මණ්ඩලයට පැවරිය යුතු බවට සඳහනක් නැත.