අංජුල මහික වීරරත්න
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ රජයට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කැබිනට් , රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව විශ්වාසභංග 16ක් පාර්ලිමේන්තුවේදී හෙට (6) කථානායකවරයාට බාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
අමාත්‍ය ධූර වල වරප්‍රසාද භුක්ති විඳිමින් එම ඇමති වරුන්ට තව දුරටත් රජයේ පාර්ශ්ව කරුවන් ලෙස කටයුතු කරන්නට සදාචාරාත්මක අයිතියක් නොමැති බව කී මන්ත්‍රීවරයා විශ්වාසභංග සඳහා මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 15 දෙනෙකු අත්සන් කර තිබෙන බවද කීය.
රෑට විජේරාම මාවතේත් උදේට මහගමසේකර මාවතේත් කකුල් තබා ගෙන සිටින පිරිසක් සමඟ තව දුරටත් එකට ආණ්ඩු කරන්නට තමන්ට විශ්වාසයක් නැති හෙයින් මෙම විශ්වාසභංග 16 බාර දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති පිරිසක් ආණ්ඩුවේ තබාගෙන සිටීම සුදුසු නොවන බව විශ්වාසභංගයෙන් අවධාරනය කර ඇතැයිද රහුමාන් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි කරලා රටට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි කියන එකයි අපි කියන්නේ.
වෙන්න ඕනි එහෙම. ඊට පස්සේ අනිත් පැත්තට ගිහින් ආයෙත් ඇමතිලා වේවි.
UNP එක කවදාවත් එම 16 දෙනාට විරුද්ධව මොන තීරනයක්වත් ගන්නේ නැහැ. එහෙම කලොත් SLFP එකේ තව කොටසක් විරුද්ධ පක්ෂයට යන එක අනිවාර්යයි. ඉතින් ඔය කතා පිළිගන්න එපා.
සිංහලයා දෙපැත්තට වෙලා මරාගන්න විට ඉදිරියේදී රටේ පාලනයට දෙවියන්ගේම පිහිටයි. අද තීන්දු තීරණ ගන්න පිරිස් බලනවිට. ලුසේනා
යුඑන්පී කියන්නේ අනුන්ගේ පහනින් රජකරන අය. ඉතින් එයාලා විශ්වාසභංග ගෙනාවොත් එයාලට තියෙන සහයෝගයත් නැතුව යනවා.
ඔය පාර්ලිමේතුවේ ඉන්න සෙට් එකටම විරුද්ධව මහජන අපිට විශ්වාස භංගයක් ගේන්න බැරිද ?
කතාව හරි. ආණ්ඩුව කෙරෙහි විශ්වාසයක් නැති බව හැන්සාඩ් ගත වන පරිදී පැහැදිලිව සළකුණු කැර සිටියදී තව දුරටත් තම ධූරවල වරප්‍රසාද භුක්ති විඳිමින්, රජයේ වැදගත් තීන්දු තීරණ ගැනීමේ දී ඇතිකරන යම් බලපෑම් තුලින් යා යුතු වන ගමන්මග අහුරමින් හෝ වෙනස් කරනමින් හෝ යම් දුරකට බාධා පමුණුවමින් හෝ ක්‍රියා කරන දෙපැත්තේ පය ගසාගෙන සිටින මේ නොගැලපෙන කණ්ඩායම බැහැර කිරීම 2015 ජනවාරි ජනවරමේ අපේක්ෂාවන් ඵල ගැන්වීමට බෙහෙවින් ඉවහල් වනවා ඇත. පරාජයට පත් කරනු ලැබූ විශ්වාස භංගයට "පක්ෂයි" කියූ මේ අය අමාත්‍ය මණ්ඩලයෙන් තමන් ඉවත් නොවන බවට පාරම් බෑම එක්තරා විදියක තර්ජනයක් බව පෙනේ. මේ අය සමග කැබිනට් රහස් සාමූහිකවත් කේවලවත් රැක ගැනීමට හැකි වෙතැයි සිතිය නොහැක. අවශ්‍යම අවස්ථාවේ සුදුසුම තීරණය, බාල ගිරි දෝෂය මෙන් නොවී , අප්‍රමාදව ගන්නා සැටි වරම දුන් ජනතාව බලා සිටිනු නොඅනුමානය. මාතෘකාව පරිදී නීත්‍යානුකූලව ස්ථිරවම බැහැර කරන්නේ නම් ඡන්දය දුන්නෝ නොඅනුමානවම සතුටු වෙති.
රටේ මිනිස්සු බදු පිට බදු ගහලා මරද්දී ඊට විරුද්ධ නොවී ආණ්ඩුව වෙනුවෙන් කඩේ යන ආණ්ඩුව ආරක්ෂා කරන සම්බන්ධන් ඇතුළු හොර විපක්ෂ නඩයට විශ්වාස බංගයක් ගෙනාවනම් නරකද??
ඉතා හොද කාරණාවක් මින් ඉදිරියේදී හෝ ආත්මාර්ථකාමී නොවී දෙබිඩි පිළිවෙත් බැහැර කිරීමට රට අස්ථාවර නොකිරීමට ජනතාවට වගකියන ක්‍රියා දාමයකට යා යුතුමයි.
කිසිම සමගියකින් වැඩක් කරලා රට ඉදිරියට ගෙනියන්න හිතන්නේ නැහැ. දැන් මේවයින් වාසි ගන්නේ චීන්නුයි IMF එකයි ලෝක බංකුවයි
එක මාසෙට එක භංගෙ ගානෙ ගෙනාව නම් හරි. කාලෙත් ගානට ඉවර වෙනවා.
ඔච්චර ප්‍රශ්නයක් තියෙනවනම්, පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරණයකට යන්න. එතකොට බලාගන්න පුළුවන් කවුද භංග වෙන්නේ කියල
රසි කොහෙද ඔයගේ මොළේ තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරවලා මැතිවරණයකට යන්න. එතකොට ඔයාද කෝටි ගාණක් ඒ සදහා මුදල් දෙන්නේ මෝඩ කතා කියන්න එපා
ලෙස්ලි, ඔයාගේ මොලය නම් තියෙන තැන මට හොද අවබෝදයක් තියෙනවා. මැතිවරණයකට යන වියදම කෝටි 300 කියල හිතමු. නමුත් අස්ථාවර සහ ජනතාව අනුමත නොකරන ආණ්ඩුවක් රටක පවතින විට ආයෝජකයන් නොපැමිණීමෙන්, තීරණ ගැනීමේ නොහැකියාව, කිසිදු සංවර්දන කටයුත්තක් ආරම්බ නොවීම, රාජ්‍ය සේවය අකර්මන්‍ය වීම ඇතුළු තව බොහෝ කරන නිසා රටේ ආපස්සට යාමේ පාඩුව බිලියන ගානක් විය හැකියි. ඔබ වැනි පුද්ගලයන් නිසා තමයි මෙවන් ආණ්ඩු පිස්සු කෙලින්නේ.
ඕවා කරලා වෙලා තිබුණොත් රටත් සංවර්ධනය කරන්න හොදේ....
වරප්‍රසාද වලට දෙන කෝටි ගණන් මුදල් නවත්තලා ඡන්දෙකට ගිහින් ස්ථාවර ආණ්ඩුවක් හදාගන්නෙක නරකද
රට ඉදිරියට ගෙනයන්න බැරි මේ වගේ අය ඉන්න නිසයි.
ඔය 16 දෙනා දන්නවා අර පැත්ත නැවත බලයට ආවොත් තව අවුරුදු 25ක් 30ක් පාර්ලිමේන්තුවේ කිසිම කරදරයක් නැතුව ඉන්න පුලුවන් බව. ඉතින් ජනාධිපති තුමාව රවටගෙන මේ කරන සෙල්ලම අපි හොදට දන්නවා.
ඔව්න්ට ඕක තමයි කරන්න ඕන
මෙතැනදී වහාම තීරණයක් ගන්න වෙනවා. හැබැයි ඉතින් එහා පැත්තට ගිහින් ලෝකේ නැති අසත්‍ය ප්‍රචාර පතුරවමින් රට අස්ථාවර කරන්ට පුළුවන්
ඒ 16 දෙනාගේ විශ්වාසය භංග වී ඇති බව රටම හොදින් දුටුවා තව කතා කුමටද .? ජනතාව අවදියෙන් ...!!!
ඉතුරු අවුරුදු දෙකත් මේ වගේ නාඩගම් බල බල හිටිය හැකි. මොකක් නැතත් රට නම් බංග වෙනවා සිකුරුයි.
විකාරයෙන් ගෙනාපු විශ්වාසබංගවලට කවුද අත උස්සන්නේ පිස්සොම මිසක්. ජනතාව ප්‍රතික්ෂේප කරපු සෞඛ්‍ය ඇමතිලා ඕවට අත උස්සයි. ඒත් ඉතින් ඕවා නිකන්ම පරාද වෙනවා.