(රංජන් කස්තුරි)
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එනු ලැබූ විශ්වාස භංග යොජනාව අද (4) වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය.
විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 76 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 122 ලැබිණි.
ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 26ක් සභා ගැබේ නොසිටියහ.
විශ්වාස භංගයේදී මන්ත්‍රීවරු ඡන්දය භාවිත කළේ මෙසේය.
රනිල් වික්‍රමසිංහ - විරුද්ධයි
තලතා අතුකෝරල - විරුද්ධයි
වජිර අබේවර්ධන - විරුද්ධයි
ජෝන් අමරතුංග - විරුද්ධයි
මහින්ද අමරවීර - නොපැමිණි
සරත් අමුණුගම - නොපැමිණි
ගයන්ත කරුණාතිලක - විරුද්ධයි
අකිල විරාජ් කාරියවසම් - විරුද්ධයි
ලක්ෂ්මන් කිරිඇල්ල - විරුද්ධයි
මනෝ ගනේෂන් - විරුද්ධයි
දයා ගමගේ - විරුද්ධයි
දයාසිරි ජයසේකර - පක්ෂයි
නිමල් සිරිපාලද සිල්වා - නොපැමිණි
පලනි දිගම්බරන් - විරුද්ධයි
දුමින්ද දිසානායක - නොපැමිණි
නවීන් දිසානායක - විරුද්ධයි
එස් බී දිසානායක - පක්ෂයි
එස් බී නාවින්න - විරුද්ධයි
ගාමිණී ජයවික්‍රම පෙරේරා - විරුද්ධයි
හරීන් ප්‍රනාන්දු - විරුද්ධයි
සුසිල් ප්‍රේමජයන්ත - පක්ෂයි
සජිත් ප්‍රේමදාස - විරුද්ධයි
රිෂාඩ් බදුයුදීන් - විරුද්ධයි
ආර් එම් රංජිත් මද්දුම බණ්ඩාර - විරුද්ධයි
චන්ද්‍රානි බණ්ඩාර - විරුද්ධයි
තිලක් මාරපන - විරුද්ධයි
ෆයිසර් මුස්තාපා - නොපැමිණි
අනුර ප්‍රියදර්ශ යාපා - පක්ෂයි
සාගල රත්නායක - විරුද්ධයි
අර්ජුන රණතුංග - විරුද්ධයි
පාඨලී චම්පික රණවක - විරුද්ධයි
චන්දිම වීරක්කොඩි - පක්ෂයි
මලික් සමරවික්‍රම - විරුද්ධයි
මංගල සමරවීර - විරුද්ධයි
රවීන්ද්‍ර සමරවීර - විරුද්ධයි
මහින්ද සමරසිංහ - නොපැමිණි
රංජිත් සියඹලාපිටිය - නොපැමිණි
ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න - පක්ෂයි
රාජිත සේනාරත්න - විරුද්ධයි
විජිත් විජයමුණි සොයිසා - නොපැමිණි
ඩී එම් ස්වාමිනාදන් - විරුද්ධයි
රාහුෆ් හකීම් - විරුද්ධයි
අබ්දුල් හලීම් - විරුද්ධයි
කබීර් හෂිම් - විරුද්ධයි
පී හැරිසන් - විරුද්ධයි
සරත් ෆොන්සේකා - විරුද්ධයි
තිලංග සුමතිපාල - පක්ෂයි
සෙල්වම් අඩෙයිකලනාදන් - විරුද්ධයි
ලක්ෂ්මන් යාපා අබේවර්ධන - පක්ෂයි
වසන්ත අලුවිහාරේ - විරුද්ධයි
ටී බී ඒකනායක - පක්ෂයි
පියසේන ගමගේ - නොපැමිණි
මොහාන් ලාල් ග්‍රේරු - නොපැමිණි
හර්ෂ ද සිල්වා - විරුද්ධයි
අජිත් පී පෙරේරා - විරුද්ධයි
ඩිලාන් පෙරේරා - පක්ෂයි
නිරෝෂන් පෙරේරා - විරුද්ධයි
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - පක්ෂයි
ඒ ඩී ප්‍රේමදාස - විරුද්ධයි
පාලිත රංගේබණ්ඩාර - විරුද්ධයි
විජයකලා මහේෂ්වරන් - විරුද්ධයි
වී එස් රාදාක්රිෂ්නන් - විරුද්ධයි
එරාන් වික්‍රමරත්න - විරුද්ධයි
රුවන් විජයවර්ධන - විරුද්ධයි
ශ්‍රියානි විජේවික්‍රම - නොපැමිණි
දිලිප් වෙදආරච්චි - විරුද්ධයි
සුජීව සේනසිංහ - විරුද්ධයි
ලක්ෂ්මන් සෙනවිරත්න - නොපැමිණි
වසන්ත සේනානායක - විරුද්ධයි
එම් එල් ඒ එස් හිස්බුල්ලා - නොපැමිණි
ඒ එච් එම් ෆවුසි - නොපැමිණි
අශෝක් අබේසිංහ - විරුද්ධ
ලසන්ත අලගියවන්න - නොපැමිණි
ජේ සී අලවතුවල - විරුද්ධයි
ෆයිසාල් කාසිම් - විරුද්ධයි
දුනේෂ් ගන්කන්ද - විරුද්ධයි
අනෝමා ගමගේ - විරුද්ධයි
අනුරාධ ජයරත්න - පක්ෂ
සුමේදා ජී ජයසේන - පක්ෂයි
පාලිත තෙවරප්පෙරුම - විරුද්ධයි
එච් ආර් භාරතී දුෂ්මන්ත - නොපැමිණි
මනූෂ නානායක්කාර - නොපැමිණි
කරුණාරත්න පරණවිතාන - විරුද්ධයි
සුසන්ත පුංචිනිළමේ - පක්ෂයි
ලක්ෂ්මන් වසන්ත - පක්ෂයි
ඉන්දික බණ්ඩාරනායක - නොපැමිණි
තාරානාත් බස්නායක - පක්ෂයි
නිශාන්ත මුතුහෙට්ටිගම - නොපැමිණි
රංජන් රාමනායක - විරුද්ධයි
මුත්තු සිවලිංගම් - නොපැමිණි
අමීර් අලී - විරුද්ධ
එච් එම් එම් හාරිස් - විරුද්ධයි
හෙක්ටර් අප්පුහාමි - විරුද්ධයි
රෝහිත අබේගුණවර්ධන - පක්ෂයි
මහින්ද යාපා අබේවර්ධන - පක්ෂයි
සිසිර කුමාර අබේසේකර - විරුද්ධයි
තුෂාර ඉඳුනිල් - විරුද්ධයි
දිලුම් අමුණුගම - පක්ෂයි
ඩලස් අලහප්පෙරුම - පක්ෂයි
ආනන්ද අලුත්ගමගේ - විරුද්ධයි
මහින්දානන්ද අලුත්ගමගේ - පක්ෂයි
රවී කරුණානායක - විරුද්ධයි
අරවින්ද් කුමාර් - විරුද්ධයි
වේලු කුමා - විරුද්ධයි
නාලක ප්‍රසාද් - විරුද්ධයි
කවින්දරන් කෝනේෂ්වරන් - විරුද්ධයි
චන්ද්‍රසිරි ගජධීර පක්ෂයි
චන්දිම ගමගේ - විරුද්ධයි
සිරිපාල ගම්ලත් - පක්ෂයි
උදය ගම්මන්පිල - පක්ෂයි
නිහාල් ගලප්පත්ති - පක්ෂයි
දිනේෂ් ගුණවර්ධන - පක්ෂයි
බන්දුල ගුණවර්ධන - පක්ෂයි
එඩ්වඩ් ගුණසේකර - විරුද්ධයි
සිසිර ජයකොඩි - පක්ෂයි
මලික් ජයතිලක - නොපැමිණි
නලින්ද ජයතිස්ස - පක්ෂයි
නලීන් බණ්ඩාර - විරුද්ධයි
ප්‍රියංකර හේරත් - පක්ෂයි
කාවින්ද ජයවර්ධන - විරුද්ධයි
ලකී ජයවර්ධන - විරුද්ධයි
ප්‍රේමලාල් ජයසේකර - පක්ෂයි
මයිල්වාගනම් තිලකරාජා - විරුද්ධයි
තුරෙයි රත්නසිංහම් - විරුද්ධයි
ජනක බණ්ඩාර තෙන්නකෝන් - පක්ෂයි
ආරුමුගම් තොණ්ඩමන් - නොපැමිණි
එම් එස් තව්ෆික් - විරුද්ධයි
ශ්‍රීමාල් ද මෙල් - විරුද්ධයි
පියල් නිශාන්ත - පක්ෂයි
මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - පක්ෂයි
රංජිත් සොයිසා - පක්ෂයි
අනුර කුමාර දිසානායක - පක්ෂයි
මයන්ත දිසානායක - විරුද්ධයි
විමලවීර දිසානායක - පක්ෂයි
වීරකුමාර දිසානායක - නොපැමිණි
සාලින්ද දිසානායක - පක්ෂයි
ඩග්ලස් දේවානන්ද - විරුද්ධයි
මොහොමඩ් නවාවි - විරුද්ධයි
මොහොමුදු නසීර් - විරුද්ධයි
වාසුදේව නානායක්කාර - පක්ෂයි
චාල්ස් නිමලනාදන් - විරුද්ධයි
බුද්ධික පතිරණ - විරුද්ධයි
රමේෂ් පතිරණ - පක්ෂයි
කේ කේ පියදාස - විරුද්ධයි
සනත් නිශාන්ත - පක්ෂයි
සුජිත් සංජය -විරුද්ධයි
අරුන්දික ප්‍රනාන්දු - පක්ෂයි
ජොන්ස්ටන් ප්‍රනාන්දු - පක්ෂයි
අශෝක - විරුද්ධයි
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - විරුද්ධයි
එස් ප්‍රේමරත්න - පක්ෂයි
බන්දුලාල් බණ්ඩාරිගොඩ - විරුද්ධයි
තාරක බාලසූරිය - පක්ෂයි
විජිත බේරුගොඩ - පක්ෂයි
එම් ඉබ්රාහිම් - විරුද්ධයි
එස් එම් මරික්කාර් - විරුද්ධයි
අලීඩ් සහීර් මවුලානා - විරුද්ධයි
කාදර් මස්තානා - නොපැමිණි
ඉම්රාම් මහරුෆ් - විරුද්ධයි
අබ්දුල්ලා මහරුෆ් - විරුද්ධයි
අජිත් මාන්නප්පෙරුම - විරුද්ධයි
ආශු මාරසිංහ - විරුද්ධයි
එස් ඊ මුතුකුමාරණ - පක්ෂයි
සින්නතම්බි යෝගේෂ්වරන් - විරුද්ධයි
අතුරලියේ රතන හිමි - නොපැමිණි
බිමල් රත්නායක - පක්ෂයි
සී බී රත්නායක - පක්ෂයි
ලොහාන් රත්වත්ත - පක්ෂයි
ප්‍රසන්න රණතුංග - පක්ෂයි
ප්රසන්ද රණවීර - පක්ෂයි
රොෂාන් රණසිංහ - පක්ෂයි
කෙහෙළිය රඹුක්වැල්ල - පක්ෂයි
ඉෂාක් රහුමාන් - විරුද්ධයි
මුජුබර් රහුමාන් - විරුද්ධයි
හර්ෂණ රාජකාරුණා - විරුද්ධයි
චමල් රාජපක්ෂ - පක්ෂයි
නාමල් රාජපක්ෂ - පක්ෂයි
මහින්ද රාජපක්ෂ - පක්ෂයි
විජයදාස රාජපක්ෂ - විරුද්ධයි
අංගජන් රාමනාදන් - නොපැමිණි
නිමල් ලන්සා - පක්ෂයි
ගාමිණි ලොකුගේ - පක්ෂයි
ජානක වක්කුඹුර - පක්ෂයි
පවිත්‍රාදේවි වන්නිආරච්චි - පක්ෂයි
විදුර වික්‍රමනායක - පක්ෂයි
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න - විරුද්ධයි
ඒ ඒ විජේතුංග - විරුද්ධයි
තුසිතා විජේමාන්න - විරුද්ධයි
ලක්ෂ්මන් විජේමාන්න - විරුද්ධයි
රෝහිනී කුමාරි විජේරත්න - විරුද්ධයි
චමින්ද විජේසිරි - විරුද්ධයි
දුලිප් විජේසේකර - පක්ෂයි
කංචන ජයසේකර - පක්ෂයි
හේෂාන් විතානගේ - විරුද්ධයි
තේනුක විධානගමගේ - පක්ෂයි
එස් වියලේන්ද්‍රන් - විරුද්ධයි
විමල් වීරවංශ - පක්ෂයි
කුමාර වෙල්ගම - පක්ෂයි
එස් ශ්‍රීදරන් - විරුද්ධයි
ඥාණමුත්තු ශ්‍රී - විරුද්ධයි
ශාන්ති ශ්‍රී විරුද්ධයි
ජයන්ත සමරවීර - පක්ෂයි
සන්දිත් සමරවීර - විරුද්ධයි
ආර් සම්පන්දන් - විරුද්ධයි
සරවන භවාන් - විරුද්ධයි
ධර්මලිංගම් සිද්ධාර්තන් - විරුද්ධයි
එස් සිවමෝගන් - විරුද්ධයි
අනේමලේ නඩේසන් - විරුද්ධයි
එම් ඒ සුමන්තිරන් - විරුද්ධයි
වඩිවේල් සුරේෂ් - විරුද්ධයි
මාවෙයි සේනාධිරාජා - විරුද්ධයි
චතුර සේනාරත්න - විරුද්ධයි
ෂෙහාන් සේමසිංහ - විරුද්ධයි
සුනිල් හඳුන්නෙත්ති - පක්ෂයි
විජයපාල හෙට්ටිආරච්චි - විරුද්ධයි
ඉන්දික අනුරුද්ධ හේරත් - පක්ෂයි
කනක හේරත් - පක්ෂයි
විජිත හේරත් - පක්ෂයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුන්ට ආයෙත් රට අල්ලගන්න බැරි වුන එක ගැන සතුටුයි. දැන්වත් ජනවාරි 8 දුන්න පොරොන්දු ඉටු කරන්න, තව අවුරුදු 2 ක් බලාගෙන ඉන්නේ නැතුව.
රනිල් වික්‍රමසිංහ- ශ්‍රී ලංකාවේ අගමැති මීලග මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය එනතුරු
අවංක මිනිසෙකුගේ ජය වෙනුවෙන් අගමැතිතුමාට සුභ පතමි. ජයවේවා ...!
අගමැති දිනයි. රට පරාදයි.
ගරු අගමැති තුමාට ජයවේවා!
දැන් ඉතින් අලුත් ව්‍යවස්ථාවේ වැඩේ කඩි මුඩියේ කරගෙන යන්න හැකි වෙයි.
හොඳ ප්‍රවෘත්තියක්.
අගමැතිතුමනි, ජය වේවා
ජය ශ්‍රී අගමැතිතුමනි. සතුරු බලසෙන් බිඳ දමා පෙරටම යනු මැන. අපද ඔබතුමාට ශක්තිය හා දිරිය දුන්නෙමු.
අගමැතිදුනි, ඔබතුමාට සදා ජය.
අපි ඔබතුමන්ට සුබ පතමු. නමුත් අපි එසේ සුබ පතන්නේ ඔබතුමන් ගැන පැහැදීමකින් නොවේ. අප 2015 හි නව පෙරළියකට තැබූ බලාපොරොත්තු අද සුන් වී ගොසිනි. අප බලාපොරොත්තු වූ ඒවාට වඩා අපට දකින්නට ලැබුනේ ඩීල් මිසක් දුන් පොරොන්දු ඉටු කිරීමක් නොවේ. තව සුළු කලක් මෙම පදවිය දැරීමට ඔබට ඉතිරී වී ඇත. ඒ කාලය තුලදී වත් 2015 දී දුන් පොරොන්දු අවංකව ඉටු කරනු දැකීම ජනතාවගේ බලාපොරොත්තුවයි.
අර්ජුන් මහේන්ද්‍රන්ට දැන් සතුටු ඇති.
කකුළුවා සහ දිය හැලීයෙ කතාව මතක් වුනා .
දැන්වත් 2015 දුන් පොරුන්දු ටික ඉෂ්ට කරන්න
"ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 26ක් සභා ගැබේ නොසිටියහ." ප්රජාතන්ත්රවාදයේ ප්‍රතිපාදන අනුව තම හෘද සාක්ෂිය මත පක්ෂව/විපක්ෂව අදහසක් ප්‍රකාශ කරන්නට තරම් සෘජු නැති අබල දුබල සිරස් ජීවින් ලෙස රටේ උත්තරීතර ආයතනයක ඉඳිමින් මේ රටේ අහිංසක දුප්පත් ඡන්ද දායකයා ගේ බදු මුදලින් කන බොන යැපෙන වැජබෙන සැතපෙන මොවුන් හට සාප කරන්නට තරම් දුර්වල මානසිකත්වයක් නම් අපට නැත්තේමය.
වාහනයේ එකට යමින් ටයර් කපන, වැඩක් කරන්න යනකොටම කකුලෙන් අදින , ශත පහකට ගනන්ගන්න බැරි දවල් මිගෙල් රෑ දනියෙල් කුම්භාණ්ඩයින් ටික එලවා දමා අලුත් ගමනක් එඩිතරව, නොබියව, නොපසුබටව යෑමට මේ ලැබුන වරමින් රනිල් මැතිතුමන් උපරිම ප්‍රයෝජන ගන්නවා ඇති විශ්වාස කරමි. ඔබට ශුභ පතමි.
සේරම එකතු වෙලා රනිල්ව එලවන්න හැදුවත් තනි එජාප ඡන්දවලින්ම රනිල් දිනුම්.
මේවා ඔක්කොම රඟපෑම්. ඔක්කොම එකතුවෙලා රටට විජ්ජා කර කර මෝඩ ජනතාව රවටනවා විතරයි. පේනවානේ මෙතනම රැවටිලා ඉන්න සෙට් එක.
ජයවේවා අගමැතිතුමනි
ඉතා සතුටුදායකයි.
බොහෝ අය බලාගෙන හිටියෙ පාර්ලිමේන්තුවේ ඉන්න හොදම හොරු ටික එකතුවෙලා ලංකාවෙ දැනට ඉන්න පරිණතම, උගත්ම, වැඩිම විදේශ පිලිගැනීමක් ඇති දේශපාලකයා පරදනකම්. මිනිස්සු කොච්චර මෝඩද?
ඇත්තෙන්ම ජය ගත්තේ කවුද? මේ හොරුටික පන්නනකල් රටට ජනතාවට අනාගතයක් නැත,
මට නම් පිස්සු වගේ.
මේක එක්සත් ජාතික පක්ෂයේ පරාජයේ තවත් සංධිස්ථානයක්
එක්කෙනෙක් තුවක්කු දෙකකුයි, කුරුඳු පොලු 99 කුයි අමෝරාගත් මාර සෙනග පිරිවරා ගන මහනුවර ඉඳල ආවා අගමැතිතුමාට එලවන්න! ඔය ඉතින් කෙරුවද? ඔය කටවල් බිම උලා ගත්තා නම් හොඳයි, කාගේ කාගේත් කාලේ නාස්ති කරන්නේ නැතුව!
ගරු අගමැතිතුමාට ජයවේවා මේ ඔබතුමා ලබපු ජයග්‍රහණයකට වඩා රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලබන ලද ජයග්‍රහණයකි. ලංකාවේ නිතිය, ප්රජාතන්ත්රවාදය, සමානාත්මතාවය ලද ජයග්‍රහණයකි. නීතිගරුක විනයගරුක රටක් සමාජයක් ඇතිකිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා.
මම හිතනවා මේකෙන් යමක් ඉගෙනගෙන අගමැතිතුමා කිසියම් හරි හොඳ දෙයක් කරයි කියල.
අනේ ඔය එක්කෙනෙක්වත් ඔය රටක් ගැන හිතන අය නෙමෙයි තමන්ගේ වාසිය විතරක් හිතන අය.
හොරුන්ට නැවත රට අල්ලන්න බැරි වුනා කියලා කියනවා ඇහුනා. ටිකක් හැරී බලන්න විපක්ෂව ඡන්දය දීමට TNA එකට දෙන්න එකඟවූ ඉල්ලීම් මොනවාද කියා.
සිංහලයින් විපක්ෂව ඡන්දය දුන්නේ තමන්ගේ පැවැත්මට සුළු ජාතීන් විපක්ෂව ඡන්දය දුන්නේ ඔවුන්ගේ ජාතියේ පැවැත්මට.
මේක අර කියමන අනුව කන්දක් වැලලිලා මී පැටියෙක් වැදුවා වගේ නොවෙයි. කඳු යායක්ම වැලලිලා මී පැටියෙක්වත් වදාගන්න බැරිවුණා අවස්ථාවක්. ඒකාබද්දයේ සමහරු කිවේ විශ්වාසභංගයෙන් ඒගොල්ලෝ දිනන එක ඉර හඳ මෙන් විස්වාස බවයි.
නලින් බණ්ඩාර - පක්ෂයි?????
ඔවු දැන් අර්ජුන් මහේන්ද්‍රන්ට ප්‍රශ්නයක් වෙනේ එකක් නැහැ, රටේ වැඩකරලා හම්බකරන ජනතාවට පුළුවන් බදු ගෙවෙලා ඒ පාඩුව පියවන්න. අර මධ්‍යම අධිවේගේ හදන ජපානයේ හිරේයාමා කොම්පැනියටත් එහෙ හිරේ ඉඳම්ම වැඩ කරගෙන ගියහැකිවේවි. ඔවු දැන් හොඳයි තමයි. අපිට ලොකු දියුණුවක් ලැබේවි.
ජයෙන් ජය නායකතුමනි! කකුලෙන් අදින අයට පයින් ගහලා, පොරොන්දු වුන ගමන යන්න විශාල වරමක් ලැබිලා තියෙනවා, අමාරුවේ වැටුන වෙලාවේ බලයට ගෙනාපු එක්කෙනෙක්වත් හිටියේ නෑ රැකගන්න. විරුද්ධ වෙච්ච අයව හුරතල් කරන්නේ නැතුව තමන්ව ආරක්ෂා කරපු කට්ටියත් එක්ක ගමන යන්න රට වෙනුවෙන්. ධම්මික
ශාන් , මේක ජයක් නොවේ බේරීමක්. ගැලවීමක්. මේ බේරීමක් මිසක ජයක් නොවේමය. රටක් ලෙස දරුණු පරාජයක්මය. දෙපැත්තේම උදවිය තමන්ගේ පක්ෂේ කෙනා බේරුනාම සතුටු වෙනවා. මාරුවෙන් මාරුවට පරදින්නේ රට.
මේ ක්‍රමය වෙනස් කල යුතුයි. රට දියුණු කරන්නනම් නව නායකයෙක් ලංකාවට ඕනේ.
දැන් ඉතින් කරන්න තිබෙන්නේ අගමැති එලවලනවාමයි කියා කයිවාරු ගහපු ටික ඉදිරියෙන් තියාගෙන ගිහින් ඔක්කොම ටික බේරේ වැවට පැනලා නාගන්නයි ..
ඉන්න මේ අවුරුදු 2 ට සිංහල ජාතියට හානියක් වෙන තීන්දු නම් ගන්න එපා.
අද ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උගත් ලෝකයේම පිළිගැනීමක් තියෙන එකම පුද්ගලයා අගමැති රනිල්
අගමැතිතුමනි, ඔබතුමාගේ නිර්දෝෂීභාවය සනාථ වීම පිළබඳ මගේ සතුට. දැන් කල යුතුව ඇත්තේ කලක් තිස්සේ ඔබතුමාට එරෙහිව සිට විශ්වාශය නැති බව ප්‍රකාශ කල කණ්ඩායම පළවා හැර වසර 20 ක් තිස්සේ දුක් විඳි එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කොට රට නංවාලීම පිණිස ක්‍රියා කිරීමයි. පරණ හොරු රැල දඟ ගෙට යැවීමට ක්‍රියා කිරීමයි.
මේ අවුරුදු දෙකට ප්රාතිහාර්යයක් කරන්න බැරි බව ඇත්ත, ඒක්ෂණයෙන් සංවර්ධනය කරන්න බැරි බව ඇත්ත, ණය බරින් මුදවන්න බැරි බව ඇත්ත, ඒත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා, මේ රටට විනාශයක් වුනු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්න, ඒ දෙය කරන්න නම් හංගාගෙන ඉඳල එකපාරට අතාරිනවා වෙනුවට බින්දුවේ ඉඳලම මිනිස්සුන්ට හොඳ ප්‍රචාරණ වැඩපිළිවෙලක් මගින් උගන්වන්න ව්‍යවස්ථාවේ වටිනාකම, ඒත් ඒක බුද්ධිමත් මිනිසුන් විසින් මෙහෙයවන එකක් විය යුතුයි, මිනිස්සු අනිවාර්යයෙන් සහයෝගය දේවි. ඒ දෙයම ඇති මේ රට හරි මාර්ගයට ගන්න. ඔන්න අභියෝගය, මෙතෙක් කල් සිටියා වගේ කඹ ඇද ඇද සිටියොත් අනිවාර්යයෙන් ම මීළඟ මැතිවරණයෙන් යනෙනමන් නැතිවෙනවා.
ජනතාව පරාදයි. සියලුම මන්ත්‍රීවරු දිනුම්.
ඔය බැදුම්කර බැදුම්කර කියන අය විස්තර කරන්න මොකද්ද බැදුම්කරයක් කියන්නේ කියලා. ඔහේ කියවනවා තමන් කැමති දේශපාලකයා කියන ඒවා ඔහේ පිලිගන්නවා අඩු ගානේ තේරුමවත් දන්නේ නැහැ. මෙවැනි දැනුමෙන් තොර බුද්ධියෙන් අඩු බහුතර ඡන්දදායකයින් තමයි රටේ සිටින්නේ.
ගරු අගමැති තුමනි, ඔබට සුබ පතන අතර විවාදයේදී අනුර කුමාර දිසානායක මහතා කල කතාව මුල සිට අගටම හිතට ගන්න, ක්‍රියාත්මක වෙන්න. දැන්වත් ජනවාරි 8 මිනිසුන් දුන්න ජනවරමට සාධාරණයක් කරන්න.
දැන් පර්ලිමෙන්තුවර ගිහින් විශ්ව විද්‍යාලයක උගත් සිසුන්ට දෙන දේශනා දෙන්න යන්න එපා අගමැති තුමනි . පාර්ලිමේන්තුව කියන්නේ බලු පොරයක් වගේ. හොරු අල්ලලා ඉක්මනට දඬුවම් දීලා ඉතිරි අවුරුදු ටික හරියට කළේ නැතිනම් නැවත තකඩියන්, හොරුන් පාර්ලිමේන්තුව ඇවිත් මුළු රටම විනාශ කරය්. ඔබතුමා ඉතිහාසයට එකතු වන්නේ බිය ගුල්ලෙකු විදිහට . අමතක කරන්න එපා ඔබ තුමාගේ වැදගත් පරම්පරාව. කැළණි විහාරය ගොඩ ගත්තේ කව්ද කියල මතක තියාගන්න . එඩිතර බිය නැති නායකයෙක් වන්න .
ඒ කාලේ ඉතා අඩුවට තිබ්බ බඩු මිල අහස උසට ගෙනිච්චේ කවුද? සමන්ත ඒක කලේ යුද්දයට නියම කාලයේ දී යුද්දයෙන්ම උත්තර දී ගන්න බැරිව සිටි නිවට දෙසපාලකයෝ. අලිමංකඩ , කිලිනොච්චිය කියා පරදේශ් තිබෙන බව ඔබවත් දන්නවාද? රටෙන් කෑල්ලක් කැඩෙන්න ඔන්න මෙන්න තිබියදී කුහකකම පැත්තකින් තියලා රට බේරා දුන්නට ස්තූති කරන්න.
අපිව අවුස්සා ගන්න එපාලු . දෙමල ඩයස් පොරාවත් සමග හැප්පෙන මම ඔබව අවුස්සන්නේ මම නහය වහගෙන "අද මේ වෙලා තියෙන්නේ ඒවගේ කරුමේ තමයි" 2009 සිට 2014 දක්වා නොතිබ්බ කරුමයක් දැන් පල දුන්නේ අර 62 ලක්ෂයක් කොටළුවෝ නිසා. 2014 දී මේ යහපාලකයෝ නාවානම්. අපිට බදු බරත් නැහැ සංවර්ධනයත් කෙරෙනවා සිංහලයා කොන්ද කෙලින් තියා ගෙන ජීවත් වෙනවා. යුරෝපයේ ඉන්න ටැක්සි රියදුරන් ඕවා දන්නේ නැත.
මේ සේරටම කලින් චන්දෙ ගන්න සම්බන්දන් ඇතුළු නඩේට දුන්න පොරොන්දු ඉටු කරලා දෙන්න වෙයි අගමැතිතුමා. නැත්නම් ඉඳල ඉවරයි.
මේ ජය ලබා ගන්න අගමැති ඩොලර් මිලියන කීයක් වියදම් කරන්න ඇතිද? බොරු ෂෝ දාන්න එපා ලංකාවේ තවමත් ගොන් රැලවල් හිටියට බහුතරයක් මිනිස්සු හරක් නෙමෙයි. තමන්ගේ බඩ වඩා ගන්න ඕන උන් ටික මුලදි පක්ෂ විදියට ඉදල කුට්ටිය ලැබුණම එක්කො ආවේ නෑ නැත්නම් විපක්ෂව ජන්දය දුන්නා. මේවා ඔක්කොම දේශපාලන විජ්ජා. අපි කියන්නේ අපේ බදු සල්ලිවලින් මේ අයට පිනට කන්න දෙන්න අපි ගිය ආත්මවල ලොකු පවක් කරල ඇති. ඒත් ඒ පව අපේ දරුවන්ටත් ඉතිරි නොකර මේ රට හදන්න පියවරක් තියපියන්න ඕන.. ඇත්තම කියුවොත් දිනපු එවුනුයි පැරදුන එවුනුයි හැම එකාම අපිට අරහං.. ඔක්කොම අපිට පේන්න විරුද්ධයි පක්ෂයි කිය කිය රෑට එකට බි බී ඩාන්ස් කරනවා. අපි මෙයාලට පිනට කන්න දෙන්න උදේ දවල් නැතිව මැරෙනවා. මේ වගේ අය හින්ද තමයි එදා හොදට තිබුණ සෝමාලියාව, ඉතියෝපියාව, හයිටි වගේ රටවල් අද අපායවල් වෙලා තියෙන්නේ. කවදහරි ඒ ටික මේ ලංකාවටත් කරල අපි බඩගින්නේ මැරෙනකොට මෙයාල එංගලන්තෙට, ඇමරිකාවට ගිහිගින් සැපට ජීවත් වෙයි.
පරිණත භාවයෙන් කටයුතු කරන්න.