
(බී. ජී. චතුරංග)
මිහින්තලය නොච්චිකුලම ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී "අග්බෝ" නම් දැවැන්ත හස්තියා අසල අටවා තිබූ මාරාන්තික බඳින තුවක්කුවක් සහ එය සවිකල පුද්ගලයා වනජීවී නිලධාරීන් සොයා ගත් බව වනජීවි සංරක්ෂක දෙපාර්තමේන්තුව සදහන් කළේය.
බඳින තුවක්කුව අටවා තිබූ ස්ථානය ආසන්නයේ ගැවසෙමින් සිටි අග්බෝ ඇතා මෙම මරු වැලට බොහෝ දුරට බිලි වීමට ඉඩ තිබූ බව වනජීවී නිලධාරීහු සඳහන් කලහ.
අනුරාධපුර වනජීවී කලාපයට අයත් තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත, මෙම සෝදිසි මෙහෙයුම ක්රියාත්මක කෙරුණු අතර එහිදී අග්බෝ ඇතා අනුරාධපුර, මිහින්තලේ, නොච්චිකුලම වැව ආසන්නයේ බඩඉරිඟු වගාවක් සහිත හේනක් සමීපයේ නිරීක්ෂණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd