
(රංජිත් රාජපක්ෂ)
හැටන් ප්‍රදේශයට අද පස්වරුවේ ඇද හැළුණු තද වර්ෂාවත් සමග පස්කඳු කඩා වැටීම් සහ ප්‍රධාන ආයතන කීපයක් ජලයෙන් යටවී ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙ කුඩාගම ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පුර්ණයෙන්ම ඇන හිට ඇතැයි පොලිසිය කියයි.
පස් කන්ද කඩා වැටෙන අවස්ථාවේ එම මාරගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් පස් කන්දට යට වී ඇතත්, ඉන් කිසිවකුටත් හානියක් සිදුව නැතැයි පොලිසිය කියයි.
ඇදහැලුණු අධික වර්ෂාවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට විය.
හැටන් නගරයේ වැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ ගලා යෑම හේතුවෙන් එම්.ආර් ප්‍රදේශයෙන් රථවාහන ගමනා ගමනයට දැඩි බාධා වී තිබුණි.
හැටන් බස් නැවතුම්පොළට ඉහළින් වූ ගාමිණිපුර ප්‍රදේශයෙන් බස් නැවතුම්පොළට විශාල ජල පහරක් ගලා ඒම හේතුවෙන් එම ස්ථානයේ නායයෑමේ අවදානමක්ද ඇතැයි නගර වාසීහු කියා සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd