(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි.
ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සිව් දෙනෙක් වන අතර ලොරි රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන රටකනම් මේ අනාරක්ෂිත ත්‍රිරෝද රථ තහනම් කරලා ගොඩක් කල්. කාර් වල පවා නිසි ආරක්ෂක විදි ගැන සතුටුදායක නැතිනම් ඒ වාහන තහනම්. ඉන්දියාවේ මරුටි කාර් කටුත් එහෙමම තමයි. ඒත් ඉතින් අපේ රටේ මැරෙන තරමක් මැරෙන මේ මිනිස්සු අහිංසක දුප්පත් මිනිස්සු. මැද පෙරදිග ගිහින් අනන්ත දුක් විද පෙට්ටියෙන් ගෙදර එන්නෙත් ගම්වල අහිංසක දුප්පත් ගැහැණු. ඒ ජිවිත ගැන මහා එවුන්ට දැනෙන්නේ හරියට වාහනයකට අහුවෙලා මැරෙන කුබියෙක්, කටුස්සෙක් ගානට. අරාබියේ රජෙක් හරි ඉන්දියාවේ මුදලාලි කෙනෙක් හරි ගානක් දීලා අපේ මහා එවුන්ට කිවම මේක තහනම් කරන්න එපා කියල මහා ආර්ථික විද්‍යාවෙන් තර්ක කරනවා මේවා තහනම් නොකළ යුතුය කියල. මේවා නතර කරන්නට දින වකවානු යොදා ඒ වෙනවිට ගම වල මේ මිනිසුන්ට අත මිටට කියක් හරි ලැබෙන්න කිසියම් සුළු කර්මාන්තයක් හදුන්වා දෙන්නට වැඩපිළිවෙලක් නෑ. උන්ට එහෙම දේවල් හිතාගන්නටවත් බෑ. අර ගෑනු එවන සල්ලි වලින් පිස්සු කෙලලා රට දියුනුකරා කියල ලොකුකමුත් කියනවා.
අධික වේගයෙන් ත්‍රී රෝද රථ ධාවනය සහ නොසැලකිලිමත් රිය ධාවනය සියල්ලටම හේතුවය. රිඅදුරු වූ පමණින් සියල්ල හරි යයි සිතා රිය ධාවනය කරන නොහික්මුණ රියදුරන් නිසා මෙවන් අනතුරු බහුල වෙයි
ඔය ත්‍රී වීල් කක්කුස්සි නැතුව ජනතාවට හොද වහනයක් ගන්න දෙන්නෙම නැද්ද දෙසපලුවන්ට සාප වේවා
ත්‍රී වීල් තහනම් කරන්නම ඕනේ ! ලෝකේ රටවල් කීයෙන් කීයද මේවා භාවිතා කරන්නේ... ඔක්කොම ලංකාව වගේ පජාත දේශපාලකයෝ ඉන්න රටවල්. රටේ ඉන්න මිනිස්සුන්ට බින්දුවක හරි ආදරයක්, ආරක්ෂාවක් දෙන්න කියලා හිතෙනවා නම් මේ මරණ මංචකේ තහනම් වෙලා ගොඩාක් කල්...
අනේ අපරාදේ ජීවිත... නමුත් හතර දෙනෙක් මෙහි ගමන් කරන්න තහනම් නේද?
මේ ඉරිදා පත්තරේ තිබුණු කොඩ්රිසයිකල් වාහනේට ත්‍රීවීල් සංගම් විරුද්ධයි කියලා, ඔවුන්ට අමතක වෙලා. කොඩ්රි සයිකල් වාහනේ අනාරක්ෂිත වුණත් ත්‍රීවීල් ඊට වඩා අනාරක්‍ෂිතයි කියලා... කොඩ්රිසයිකල් වාහනේ අඩුම තරමින් ආවරණය වුනු වාහනයක් කියලා පෙනෙන්න තියෙනවා. දොරවල් තියෙනවා. රෝද තුනට වඩා රෝද හතර වාහනය පෙරැළීමට ඇති හැකියාව අඩුයි. මිල වුණත් ත්‍රීවීල් වලට වඩා ස්වල්පයක් වැඩි වේවි.. මේ හැම එකකටම වඩා 90 මැද මයික්‍රෝ කාර්ස් සමාගමෙන් ඉදිරිපත් කල ප්‍රිවිලේජ් කාරය ආරක්ෂිතයි. මෙතරම් පරණ වුවත් තවමත් ඒවා හොඳින් ධාවනය කෙරෙනවා. ඒ සමාගම එම ව්‍යාපෘතිය අතාරින්නෙ නැතිව දිගටම කරගෙන ගියා නම් ත්‍රීවීල් වෙනුවට හොඳ විකල්පයක් වෙන්න තිබුණා.
මේ මොකුත් ඕන නැහැ දෙයියනේ හරියාකාරව ආරක්ෂිතව මහජනයාට වෙලාවට ගමන් කල හැකි පොදු ප්‍රවාහන සේවයක් හදන්න දෙයියනේ...
මේ දින වල රටේ රිය අනතුරු බහුලව සිදු වෙනවා ඒ රිය අනතුරු වල ජිවිත හානියක් තියෙනවමයි රියදුරෝ මගියෝ ඔක්කොම ප්‍රවේසම් වීම තමයි වැදගත්
සාක්ෂරතාවය 90% ගණන් කියා කියා උදම් ඇනුවට, රටේ මිනිස්සුන්ගේ නුගත්කමත් මේ අනතුරුවලට එක හේතුවක්. තමන්ගේත් අනුන්ගේත් ආරක්ෂාව ගැන හා ජීවිත වල වටිනාකම තැකිය හැකි බුද්ධිමත්භාවයක් රියදුරෙකුට තිබිය යුතුමයි.
සාක්ෂරතාවය 90% ගණන් කියා කියා උදම් ඇනුවට, රටේ මිනිස්සුන්ගේ නූගත්කමත් මේ අනතුරුවලට එක හේතුවක්. තමන්ගේත්, අනුන්ගේත් ආරක්ෂාව ගැන හා ජීවිතවල වටිනාකම තැකිය හැකි බුද්ධිමත්භාවයක් රියදුරෙකුට තිබිය යුතුමයි.
අද ත්‍රිරෝද රථ අනතුරුවලින් මැරෙන සංඛ්‍යාව ලෙඩරෝග වලින් මැරෙන ගණනට වඩා වැඩි දියුණු රටවල මේවගේ වාහන දුවන්නේ නෑ... මේවාට නීති ගෙනාවොත් අපේ මිනිස්සු පාරට බහිනවා.. අපරාදේ මනුෂ්‍ය ජීවිත..