(අංජුල මහික වීරරත්න)
අගමැතිවරයාට හා රජයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය දුන් කැබිනට් ඇමැතිවරු 6 දෙනා ඇතුළු මැති ඇමැතිවරුන් 16 දෙනාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්‍ෂ සියල්ලක්ම ඒකමතිකව තීරණය කර තිබේ.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාටද තනතුරේ විශ්වාස භංගත්වයට පත් කළ බවට ගෙනා විශ්වාසභංගයට සහාය දීමටද හවුල්කාර පක්‍ෂ තීරණයක සිටියි.
එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්‍ෂ වල ඉහත තීරණය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාට දැනුම් දුන් අතර සති අන්තයේදී ඉහත තීරණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාට හා රජයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය ප්‍රකාශ කළ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු සියලු කණ්ඩායම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ඇමතිවරුන්ට එරෙහිව ගෙනෙනා විශ්වාසභංග යෝජනාවේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව ජන්දය ප්‍රකාශ කරන බවත් සභා නායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
ඇමැතිවරුන් 6 දෙනාද රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 9 දෙනා සමඟ නියෝජ්‍ය කතානායකවරයාට එරෙහිව ගෙනෙනා විශ්වාසභංග යෝජනා වැඩි ජන්ද 50කට වැඩි ගණනකින් ජයග්‍රහණය කරනා බවද සභා නායකවරයා ප්‍රකාශ කළේය.
රජයට හා අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ජන්දය ප්‍රකාශ කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි ශ්‍රීලනිප මැති ඇමතිවරු කිහිප දෙනෙකුද මේ අවස්ථාවේදී එක්සත් ජාතික පෙරමුණ සමඟ ඡන්දය ප්‍රකශ කරන බවද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රිලනිප 16ට එරෙහි විශ්වාසභංගයට එජපෙ සහාය
Ashan Friday, 06 April 2018 07:06 AM
හොද වැඩේ. ලැජ්ජාවක් නැති මිනිස්සු.
sirimal Friday, 06 April 2018 08:45 AM
යන්න කියනවා. යන්නේ නෑ කියනවා. යන්න අවශ්‍ය නෑ කියනවා.පර්ලිමෙන්තුවේ ඉන්න ආණ්ඩුව එක්ක වැඩකලහැකි සියලුම දෙනාට එන්න කියනවා. අලුතෙන් විශ්වාසභංග පෝලිමේ එනවා. ඕකෙන් මේකෙන් දන්නෙම නැතුව 2020 ත් එයි. එදාට වෙන්නේ සේරටම කුද ගහගෙන වල පල්ලට යන්නයි. හිර කාමරේ පොළොව පලාගෙන අවීචි මහ නරකාදියට යවනවා කියල කියපු උද්වේගකර කතා බතා දැන් එහෙම පිටින්ම අමතක වෙලා. අනේ මන්දා කවදා පාඩමක් ඉගෙනගෙන පොරොන්දු උන වැඩේ කරයිද කියල.