අංජුල මහීක වීරරත්න
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් හෙට දිනයේදීත් යළි හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර අද රාත්‍රී පැවැති සාකච්ඡාවේදී එකඟත්වයක් ඇතිවී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් අතර සාකච්ඡාව පැවැතියේ කොළඹ හත මලලසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදීය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අනුගමනය කරන පියවරයන් පිළිබඳව මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.
විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර තිබෙන මත පිළිබඳව ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂ කැබිනට් ඇමැතිවරුන්ට කරුණු ප්‍රකාශ කර තිබේ. තවත් පාර්ශ්ව කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු හෙට දිනයේදීත් එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරුන් හමුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ජාතික රජය ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පවතින අලුත් වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද මෙහිදී විමසීමක් කළ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ජනපති සමඟ පැවැත්වූ සාකච්ඡාව ධනාත්මක මට්ටමක පැවැති බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අසාධාරණ බදු මහින්දගේ කාලේ යුද්දේ තියෙනකොටවත් තිබුනේ නෑ.
ප්‍රතිපත්ති වලින් වෙනස් පක්ෂ දෙකක් රට කරන්න එකතුවෙනවා කියන්නේ අමු ප්‍රෝඩාවක්. මේගොල්ලෝ ජීවත් වෙන්නයි මේ වෑයම.
ආණ්ඩුවේ ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුළුතරයක් විතරයි පක්ෂයේ සභාපති කියන දේවල් අහන්නේ. ඕනෑනම් වැඩිම වුනොත් 10 ක් ඇති. අනිත් සේරම පසුගිය මැතිවරණ දෙකේදීම මහින්ද රාජපක්ෂ දිනවීමට සම්පුර්ණ සහයෝගය ලබාදුන් කට්ටියයි. ඒගොල්ලෝ දැනුත් ශරීරයෙන් පක්ෂයේ හිටියට හදවතින් ඉන්නේ පොහොට්ටුව සමඟයි. පක්ෂයේ තීරණ වලට පිටින් කටයුතු කල හැම අවස්ථාවකම "පක්ෂයේ විනය නීති උල්ලංඝනය කල සියලුදෙනාට විනයානුකුල ක්‍රියාමාර්ග ගන්නවා" කියල රැස්වීම් වලදී කිව්වා මිස ඒවා ක්‍රියාවට නැංවීමට තරම් එඩිතර නොවීමේ ඵල විපාකවලට තමා දැන් මුහුණ දීමට සිදුවී ඇත්තේ. විශ්වාස භංගය දිනුවත් පැරදුනත් මේ රජයට වැඩක් කරන්නට අවස්තාවක් නොදී සියලුදේම කඩා කප්පල් කරමින් මාධ්‍ය මඟින් රජයට එරෙහිව විශාල ජනමතයක් ගොඩ නැඟීමේ ආරම්භය 5 වෙනිදාට සිදුවෙනු ඇත. බොහෝ මාධ්‍ය ඉන්නේ මහින්ද සමඟය. මාධ්‍ය සදාචාරය ලංකාවට ඔට්ටු නැත. මේ වන විටත් රජය කෙරෙහි මහජනයාතුල අප්‍රසාදයක් බිහිකිරීමට ඒකාබද්ධය සමත්වී ඇත්තේ එබැවිනි.
අනේ sirimal, නිකන් බොරු කියන්න එපා. මේ විශ්වාස භන්ගේ ගේන්නේ රනිල් බහ බැංකු හොරු ආරක්ෂා කරපුවට එරෙහිව. මේ ආණ්ඩුව හරියට කරපු එකදෙයක් කියන්න පුලුවන්නම්? වීපක්ෂයට කඩාකප්පල් කරන්නේ දෙයක් නැහැ, ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා.
මේ වෙනසකට කාලයයි. විශ්වසභංගයට ජය වේවා!!!
බල තණ්හාව නිසා එක්සත් ජාතික පක්ෂය වල පළලටම යවන්නද මේ උස්සහ කරන්නේ
අවුරුදු 70 රට උලා කාල දැන් හදන්නේ හවුල් වෙලා ඉතුරු ටිකත් කාබාසිනියා කරලා දාන්නයි. කිසිම් ප්‍රතිපත්තියක් නැති දේශපාලුවෝ
නියම නාටකය .... නව බදු වැඩිකිරීම්, ජීවනවියදම ඉහළයාම, ඩොලරය අගය වැඩිවීම දැන් කාටත් අමතකය.... අපි හැමෝම මේ නාටකයෙන් මත්වී සිටිමු ....
ඉස්සර නම් කට්ට සම්බෝලයි ආප්පයි කාල එන්න තිබුන. දැන් ඉතින් මොනවද වැඩිම උනොත් කෙහෙල් කොලේක ඔතපු බත් මුලක් හම්බවෙයි.
විශ්වාසභංගය කෙසේවෙතත් අද රටේ ඇතිවී තිබෙන ආර්ථිකයේ දරුණු තත්වය හමුවේ ජනතාව විශාල පීඩනයකට මුහුණ දෙමින් සිටී. මෙම තත්වය කළමණාකරණය කිරීමට හැකි සුදුසුම කෙනා රනිල්. බලමු ජනාධිපති කෙසේ ආර්ථිකය කළමණාකරණය කරයිද කියලා. රනිල් ගියොත් වාසිය ඔහු සහ එජාපයටයි.
යුද්දේ කාලේ අමර හිටියේ ලංකාවෙන් පිටද ? ඒ කාලේ වැට් බද්ද 20% මතකද ? ගෑස්, ඉන්දන, ලාබෙට තිබුන නේද ?
ආර්ථික විශ්ලේෂකයන් කුමක් පැවසුවත් රට මේ වන විට දැඩි අස්ථාවර මට්ටමක පවතින බව පෙනෙන්නට තිබේ. එයට මෙම ආණ්ඩුව සම්පුර්ණයෙන්ම වග කිව යුතුව ඇත. ගිය ආණ්ඩුවෙන් කුමන බරක් ලැබුනද, පසු ගිය වසර 3 තුල, මේ රටේ කිසිදු ප්‍රධාන ව්‍යාපෘතියකට ආරම්භයක් ලැබී නැත. අපේ රටේ සංවර්දනයට සහ දර්ශක වලට ප්‍රධාන දායකත්වයක් දක්වනුයේ ඉදිකිරීම් ශේත්‍රය වේ. ඒවා සියල්ලම වැටි ඇත. තවද විදුලි අර්බුදයක් ළඟ බව පෙනේ. රටේ ජීවනාලිය බදු මධ්‍යම පන්තික පිරිස් වාහන ගැනීමට සහ නිවාස සැදීමට අධික ලෙස ණයවී ඇත. කර්මාන්ත ශේත්‍රයේ කිසිදු ආයෝජනයක් නොපෙනේ. ඒ සමගම බදු මිල ඉහල ගොස්, නව බදු සේවකයන් මත වැටෙමින් තිබේ. මේ සියල්ල වෙද්දී, දේශපාලකයන් කිසිදු දෙයක් අඩුම ගානේ ඔවුන්ගේ වියදම් අඩු කර තමන්ගේ විනය හදා ගැනීමට කිසිවක් නොකරනු පෙනේ.
මේක තනි පුද්ගලේක්ගේ උවමනාවට රට අස්ථාවර කිරීම වැරදියි
මට හිතෙන විදිහට මෙතන තියෙන්නේ එජාපෙට දිනන බැරිකමවත් ආණ්ඩුවක් පිහිටවන්න බැරි කමවත් නෙවෙයි............. ඇමතිකම් අඩුවෙන නිසා හවුල් මගුලේම එල්ලිලා ඉන්න ඕනෑකම.
UNP ඡන්දෙන් ඇවිල්ලා, ආණ්ඩුවේ කැබිනෙට් එකේ ප්‍රධානියා හැටියට ඉඳගෙන, ආණ්ඩුවටම විරුද්ධව ගේන විශ්වාස භන්ගයට මෙයා විරුද්ධ වෙන්න වැනෙනවා. මේ වගේ ගුණමකු මිනිස්සු රටේ ඉන්නවද කියලත් හිතෙනවා.