සිරාජ් හසීම්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් ගනු ලබන තීරණයක් විය යුතු යැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
මෙම විශ්වාසභංගයේදී කුමන හෝ පාර්ශවයක් හට සහාය වීමට පෙරාතුව එකී පාර්ශවය සමගින් ලිඛිත අබබෝධතාවකට අත්සන් කළයුතු බවද මහ ඇමතිවරයා සදහන් කර සිටියේය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය කටයුතු ආකාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පළ කළේය.
වත්මන් දේශපාලන වාතාවරණයේදී සුළු ජාතීන්ට එරෙහි ක්‍රියාවන් ඇතිවීමට හේතු ඇත්තේ මහාජාතියේ නායකයින්ට එල්ල වන බලපෑම් බවත් මෙම අවස්ථාවේදී කල්පනාකාරීව කටයුතු කරමින් සුදුසු තීරණයක් ගතයුතු බවත් විග්නේෂ්වරන් මහතා සදහන් කර සිටියේය.
තමන් එක් එක් දේශපාලන පක්ෂ කෙරෙහි වෙන වෙනම අවධානය යොමුකළ බවත් මේ සියළු පක්ෂවල නායකයින් අදහස් දක්වන්නේ ඔවුනගේ තනිමතය අනුව බවත් මෙවන් තීරණ ජනතාවගේ අදහසට අනුව ගතයුතු බවත් කීය
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නැගීසිටි එක්සත් ජාතික පක්ෂයේම නියෝජිතයින් අගමැතිවරයා වෙනුවෙන් කටයුතු කිරීමට එකගතාවක් ඇති කරගෙන ඇති නම් එම තීරණය පසුපස කුමක් හෝ වාසියක් සිදුව ඇති බවද මහ ඇමතිවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මේවාට තමා කියන්නේ "හිවල් න්‍යාය" නොහොත් බොරදියේ "මාළු බෑම".
ලෝකයේම අවිහිංසාවාදියාගේ ලොකුම ගෝලයාවූත් ඥාතිවරයෙක් වූත් ජවහාල් ලාල් නේරු අගමැතිවරයාට අනුව නූපන් දමිලාත්, මැරුණු දමිලාත්, පින්තූරයේ දමිලාත් හැර අන් සියලුම දමිල්ලු විශ්වාස නොකළ යුතුයි.
දැක්කා නේද? මිනිහා බලන්නේ මේ වේලාවේ, කොහොමද මිනිහගෙ කට්ටියට හොඳක් කර ගන්නේ කියලා. ඒකට අපේ අය...
නියම නායකයෙක් තමන්ගේ වර්ගයාගේ සුභසිද්ධිය තකා කල්පනාකාරීව බුද්ධිමත් තීරණ ගන්නවා. එ්කට අපේ හරක්.. අපිවම කන්න හදනවා. අලුත් බදුත් ගහලා තව....
මේකට කියන්නේ බ්ලැක් මේල් දේශපාලනය කියලා මෙයා දන්නේ නැහැ. රනිල් ගියොත් එන්නේ මහින්ද කියලා....
වාසුදේව කියන්න ඇත්තේ අහන්න...
මොන පොරොන්දුද? විග්නේශ්වරන් කියන්නේ පළාත් මහඇමති කෙනෙකු මිසක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්වත් නොවේ. ඔහුගේ අදහස් ඒ ඒ ප්‍රාදේශීය පක්ෂවල කට්ටිය එක්ක මිස පොදු දෙමළ බස කතාකරන සියලු ජනයාගේ අදහස් නොවේ. පසුගිය අවුරුදු 30-40 දීත් වුනේ ඔයටිකමයි. අනිකුත් පළාත්වල පොදුවේ විවිධ ජාතින් ජීවත් වුවත් එක පළාතක උදවියට තීරණ ගන්න ඉඩතියන්න එපා අනිකුත් අය ගැන... එයාට එයාගේ වැඩක් බලාගන්න කියන්න.
ඔය එක එක බහුභූත නොවේ..., මහින්ද අාවොත් ඔබතුමාලාට වෙනදේ ඔබතුමාලාවත් දන්නේ නැත.
ඔය එක එක අයට ඩීල් දෙන්නවත්, දාන්නවත් ඕනේ නැහැ. 4 වෙනිදාට කලින් සජිත්ට අගමැතිකම දීලා රනිල් ගෙදර යන්න තවත් රට විනාශ නොකර දැන් වටේම ඉන්න නරි බලා ඉන්නවා. සිංහයා ඩැහැගත්ත ගොදුර කාලා ඉතුරු වුනාම ඒක කාලා හූ කියන්න පසුගිය ආණ්ඩුවල උන්නු නායකයෝ සේරම කලේ ඔයවගේ එක එක්කෙනා එක්ක ඩීල් දාලා ජාමෙ බේරගත්ත එක.. එ්කෙන් රට විනාශ වුනා. කොටි හදාගත්තෙත් ඔය වගේ 1977 ජේ.ආර්. දාපු ඩීල් නිසා තමයි.
ලිඛිත පොරොන්දුවක් නොදෙන්න තරම් කොන්ද පණ තියෙන දේශපාලකයෙක් ඉන්නවද කියලා බලමු. ඒ කියන්නේ දේශප්‍රේමියෙක්...
ඇඟිල්ලේ තරමට ඉදිමුණා නම් හොඳයි.
රනිල් මේ වේලාවේ ඕන ඉල්ලීමක් දෙනවා...
ඔයාගේ මස්සිනා එහෙම ගන්න කිව්වද?
විග්නේෂ්වරන් කියන්නේ දෙමළ ජාතික සංවිධානයේ නායකයා තියා අඩූම තරමේ පාර්ලීමේන්තු මන්ත්‍රී කෙනෙක්වත් නොවෙයි. දැනටමත් දෙමල ජාතික සන්ධානයේ සහයෝගය රනිල්ට ප්‍රකාශ කරලා තියනවා. ඒක නිසා මෙයා කියන ඒවා බැරෑරුම් ලෙස සැලකිය යුතු නොවේ.
මස් රාත්තලම ඉල්ලලා ඇති. රටම දන්නවනේ ඔය කට්ටිය ගැන.