ගාල්ල සිරංගිකා ලොකුකරවිට
හිනිදුම දී ගිං ගඟේ දිය නෑමට ගිය මවක් (39) දියණියක් ඇතුළු සිව් දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි. මියගිය අනෙක් දෙදෙනා දියණියගේ මිතුරියන් දෙදෙනකු බව ද දැනගන්නට ඇත.
දැරියන් තිදෙනා 14 වැනි වියේ පසුවූහ. නිදුම නගරය ආසන්න නුගගල හන්දියේ පිහිටි නිවසට පැමිණි මෙම යෙහෙළියන් දෙදෙනා සමග අම්මාත් දුවත් ගිං ගඟේ දිය නෑමට ගොස් මේ අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මලා, දූ වරුන්ට වැඩිය බුද්ධිමත් කියන කතාව බොරු නේද ..? "පනින්න පෙර සිතා බලන්න" කියන කතාව අහල තිබුනේ නැතුව ඇති...
ගෙදර ලිඳේ වතුර නැද්ද මන්දා.. අකාලේ මෙහෙම ගංගාවල් වලට බිලිවෙන්නේ.
අනේ දෙවියනේ... පව් ඇත්තට සතියකට වරක් වගේ අහන්න ලැබෙනවා මේ වගේ අනතුරු. එත් හිතන්නේ වත් නැතුව යනවා නාන්න හොයන්නේ බලන්නේ නැතිව..
ගරු අධ්‍යාපන ඇමති තුමණි, නොපමාවම පිහිනීම වයස් වර්ග කාණ්ඩ යටතේ විෂය නිර්දේශ යට ඇතුලත් කරවා පිහිනීම පාසල් ක්‍රීඩාව වශයෙන් නම් කරවන්න.
පේරාදේණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අංශයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි මගේ දරුවාද විනෝදයට නෑමට ගොස් අකාලයේ සමුගත් නිසා මෙම පුවත මගේ හදවත නැවත එතැනට ගෙන ආ බැවින් සටහන් කරමි. වැඩිහිටියන්ගේ ආශීර්වාදය හා මග පෙන්විම නොමැතිව මෙවන් අකල් මරණ ඉදිරියටත් සිදුවීම වලක්වාගත යුතුය. ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති් බව වැටහුණු විටකදී ජලය සමග සෙල්ලම් කිරීම හොඳ නැත. කරුණාකර ඔබේ දරුවා ගැන හැකි සෑම විටම පෞද්ගලිකව අවධානයෙන් ඉන්න. තව කෙනෙතු පිළිබඳ විශ්වාසය නොතබන්න. මියගිය දරුවන් සහ මව ගැන මම එදා දුක් වූ සේම දුක්වෙමි. සියළු දෙනාට නිවන් සැප ලැබේවා!
හොඳට පීනන්න දන්නේ නැත්නම් ගංගා ඇලදොළ වල හා වැව්වල නාන්න යෑම අවදානම් සහිතයි. පීනන්න දන්නා කෙනෙක් වුනත් දියේ ගිලෙන කෙනෙක් බේරගන්න ක්‍රමය දන්නේ නැතුව කරන උත්හසයෙන් දෙදෙනාගේම ජීවිත නැතිවෙන්න බොහෝදුරට ඉඩතියෙනවා. මම වයස අවුරුදු 4 සිට පීනුවත් අවුරුදු 12 දී විතර බෝට්ටු කොටයකට හිරවෙලා 99න් තමයි බේරුනේ.
බලධාරීන් විසින් පොදු ස්ථාන වල (මුහුද , ගංගා , ඇල , දොළ ආදී ) දියට බැසීම සම්බන්ධයෙන්, තීන්දු තීරණ ගැනීමේ කාලය, දැන් හොඳටම උදාවී ඇත. අවුරුද්දට ඔය වගේ කොච්චර මිනිස්සු සංඛ්‍යාවක් අකාලයේ අනතුරු වලට ලක් වෙනවද කියල හිතල බලන්න . වටිනා ජීවිත නේද .?
ඔබ සැමට නිවන් සුව ලැබේවා!!! මතු භවයකදී මෙවන් අකල් මරණයක් අත් නොවේවා!!!
මීට වසර 25 කට පෙර ගිංගග අද නැති බවත් අද තිබෙන්නේ පතලක් නොපෙනෙන මඩ පිරි ආගාදයක් බවත් මෙම අයට නොතෙරෙන්නේද? පෙර ගං ඉව්රේ වැල්ල තිබූ බැවින් ගැඹුර වැඩිවනුයේ ක්‍රමවත්වය . කාලයක් තිස්සේ වැලි ගොඩ දැමීමෙන් මෙම තත්වය වර්තමානයේ නොමැත. මෙය දන්නා පිහිනීමට නොදත් කිසිවෙක් ගගට නොබැසිය යුතුව තිබුනි.
පිහිනීමට ඉගෙන ගන්නට රෝයල් වගේ ඉස්කෝල වලට තිබුනාම මදෑ. ඒ ගොල්ලෝ බේරිලා ඉන්න හින්දා තමයි අද රට මේ ගානට හරි තියෙන්නේ...
සබන් පෙට්ටිය වතුරෙ පාවෙලා යද්දි ඒක ගන්න ගිහින් නැති වෙලා තියෙන්නෙ..