(අංජුල මහික වීරරත්න )
උසස් අධ්‍යාපන මහා මහාමාර්ග ඇමැති කබීර් හෂීම් මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුළු මොහොතකට පෙර බාර දුන් බව සිරිකොත ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉදිරියේදී සිදුවන එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයේදී සියළු තනතුරු වෙනස් වීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරනව කියපු වෙනස් කමක් කරන්න යන්නේ . අලුත් ලේකම් අකිල ද?
අකිල සහ හරින්, ඔබලාට දොර විවුර්තව ඇත. නියම නායකත්වයක් යටතේ එක්සත් ජාතික පක්ෂය ගොඩ නැගීම ඔබලාට බාරයි.
එජාප ඉදිරියට ගෙනියන්න තරුණ නායකයන් බිහිකර පුහුණු කරන එක දැන් සිටින වයසක නියෝජිතයන්ගේ වගකීමක්. ඒ වුනාට අපි දකින්නේ වියපත් වෙලත් බදාගෙන ඉන්න දඟලන කට්ටියක්. තරුණ නියෝජිතයන් රැසක් දැන් ඉන්නවා. ඒ අයට තැනක් නෑ.
මම යෝජනා කරනවා අපේ එක්සත් ජාතික පක්ෂ නායක ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපේ පක්ෂයේ මහා ලේඛම් තනතුර තිස්ස අත්තනායක හිටපු මහා ලේකම්තුමාවම නැවතත් පත්කරන මෙන්. රොහාන් දයාදර පැරිස්
නායකයා වෙනස් විය යුතුමයි. නැතිව වෙන මොනවා කලත් වැඩක් නැහැ.
මාස ගණනක් තිස්සේ රට අරාජික කරමින් කුණු කසල විකිණීමේ මහඟු අවස්තාවක් මාධ්‍යයන්ට ලබාදෙමින් පටන්ගන්න කලිනුත් පරදින බව පෙනුන මේ කමකට නැති උත්සාහයෙන් රටට සිදුකළ ආර්ථික හානිය කෙතරම්ද? ඒ සඳහා පෙරමුණ ගනිමින් බොරු ගොතමින් සිදුකළ සංස්කෘතික හානිය කෙතරම්ද? මේ හානියට වගකිවයුත්තන් බොහොමයකි. ආණ්ඩුව පටන්ගත්දා සිට එක කණ්ඩායමක් අඟේ සිට කන සපාකද්දී සමගිය ගැන සිතා ඔවුන්ට ප්‍රතිප්‍රහාර නොදීම මෙයට මුලිකම හේතුව විය.
ඔබලාට අනාගතය පෙනෙන නිසාද නැතිනම් වෙන වාසියකටද?
කැලේ මාරු කලාට කොටියගේ පුල්ලි මාරුවෙන්නෑ. තනතුරු මාරු කළ පමණින් පක්ෂයේ දර්ශනය වෙනස් වෙන්නෑ. අවුරුදු 70 ක් රට පාලනය කළ ලොකු පක්ෂ දෙකේම තියෙන්නේ එකම අාර්ථික හා දේශපාලන දර්ශනය. එ්ක ලංකාවට ගැලපුන්නෑ. එකයි ලංකාව එනන් එන්නම පහලට ගියේ. පාරලවල් හැදුවට ගොඩනැගිලි හැදුවට රටක සංවර්ධනය මනින්න බෑ. එ්ක බලන්නේ අය වැය හා ආනයන අපනයන වෙළඳාම අතර පරතරයෙන්. එ්ක සෘණ අගයක හැමදාම. වෙනස් වෙන්න ඕන දේශපාලන අාර්ථික දර්ශනයයි.