රංජන් කස්තුරි
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල , ඇමතිවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා , සුසිල් ප්‍රේමජයන්ත , දයාසිරි ජයසේකර , එස් බී දිසානායක , චන්දිම වීරක්කොඩි , ඩබ්.ලිව්. ජේ සෙනවිරත්න යන මහත්වරුන්ට එරෙහිව අද පස්වරුවේ විශ්වාස භංග යෝජනාව කතානායක වරයාට බාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීය.
තවත් ශ්‍රීලනිප ඇමතිවරුන් 9 දෙනෙකුට එරෙහිව විශ්වාස භංග 9ක් ලබන සඳුදා බාරදෙන බව ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! විශ්වාසභංග වලින්ම මේක ගිලෙයිද දන්නේ නැහැ!
ඊට ඉස්සරවෙලා අස්වෙන්නවත් මොලේ කළඳක් තිබුණොත් හොඳයි.
කාලය නාස්ති කරන දේශපාලකයෝ. රටේ ජනතාවට ඇති අගහිඟකම්, රැකියාවන් ගැන උනන්දුවට වඩා, පලිගැනීම්, තම පක්ෂය සහ තනතුරු රැකගැනීම් වැනි කාරණාවන්ට මුල්තැන දෙන මේ දේශපාලන ක්‍රමය කවදා තුරන් වේවිද?
ඇත්තටම මේ රටේ දේශපාලකයන්ට මේ රට ගැන රටේ දියුණුව් ගැන කිසිම හැඟීමක් නැද්ද?
ඕක හරියන වැඩක් නෙවේ. 2020 දක්වාම මේ ඇමැති මණ්ඩලයම කටයුතු කළ යුතු යැයි එකෙක්නෙක් කියද්දී විශ්වාස භංග ඉදිරිපත් කරන්න එපා කියල තව කෙනෙක් කීවා නේද? ඕකට අත්සන් කරලා තියෙන්නෙත් 20 ලු. තව තොගයක් අවුරුද්දෙන් පස්සෙත් දෙන්න යනවලු. දැන් වෙන්නේ මේවා ගැන විවාද කර කර කාලය නාස්තිකරනවා මිස දුන්න පොරොන්දු ඉටු කරන එක නෙවේ. මේවා නිකන් මිනිස්සුන්ට ආණ්ඩුව තවත් එපා කරවන වැඩ.
අස් වෙන්නේ නැති නම් අයින් කරන්න. ඇමති බලතල වලින් වහලා තිබෙන ෆයිල් දැන් වත් එළියට අදින්න.
ගෙදර ගියත් මොකෝ ලක්ෂ තුන් හාරසීයක් එකවර ලැබිලා තියෙනවනේ, සල්ලි දෙනවා නම් මෙයාලා නරකාදියට වුනත් යයි.
දෝෂාභියෝගයක් ගේන්න ඕනේ සිරිසේනට...
ඉහත අදහස් දාන අයට කියන්න තියෙන්නේ දුන් පොරොන්දු ඉටුකරන්න. මේ කකුලෙන් අදින, වැඩක් කරන්න නොදෙන අය අයින් කරලාවත් පුළුවන්ද කියල බලමු. ඉවසන්න.
අගමැතිවරයා එළවීමට ගොස් අනාථ වී ඇති ඉහත සඳහන් ඇමැති පිරිසට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට අවශ්‍ය නැත. ලෝකයේ කිසිම රටක ඇමැතිවරයෙක් තමන් සහභාගී වන කැබිනට්ටුවට විරුද්ධ වී එය පැරදුණ හොත් ඉල්ලා අස්වනවා මිස යළිත් කැබිනට්ටුවට සහභාගි වන්නේ නැත. පසුගිය ඡන්දයේදී මෛත්‍රිපාල සිරිසේනට ඉතාම නින්දිත ආකාරයට බැනවැදුණු ඔය ඇමති පිරිස කිසිම ලැජ්ජාවකින් සහ හිරිකිතයකින් තොරව මෛත්‍රිපාල සිරිසේන සමග එකට එකතුවී සිටියි. ඔය කට්ටිය දේශපාලනය කරන්නේ වරප්‍රසාද, යානවාහන වලට තිබෙන කෑදරකම නිසාය. රටට සේවය කිරීමට නම් නොවේ. කෙසේ වෙතත් කරුණාකර ඔය කට්ටියට කැබිනෙට්ටුවට යලිත් සහභාගි වීමට අවස්ථාව දෙන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය ඇමති කට්ටිය විශ්වාස භංගය පරදින බව දැන දැනත් එයට පක්ෂව ඡන්දය දී තිබෙන්නේ අගමැතිවරයා තව තවත් ශක්තිමත් කිරීමේ ඒකායන අරමුණින් බව තේරුම් ගන්න.
මේ 7දෙනාට දැඩි තීරණයක් ගන්න. මොකද මේ අය යහපාලනයට ආවේ තමන්ගේ බඩගෝස්තරවාදයට මිසක් රටට ආදරයට නෙමෙයි. මේ අය පරණ රෙජිමයත් එක්ක එකතුවෙලා රට අස්ථාවර කරන බව මුළු රටම දන්නවා. අපි යහපාලනයට රට බාරදුන්නේ ජනාධිපති සහ අගමැතිට මේ අය සමග විහිළු සපයන්න නෙමෙයි. මේ සෙල්ලමෙන් අපිට රටක් නැතිවෙනවා. මේ ඔක්කොම මහා පව්කාරයෝ...
ඇත්තටම මේ මන්ත්‍රීලා කියන අය පාර්ලිමේන්තුවේ අයගේ තැන රැක ගන්න සහ බඩ වඩා ගන්න වැඩ කරනවා ඇරෙන්න රට ගැන හිතන්නේ නැතිද? මේ රට කොහෙන් නවතීද දන්නේ නැහැ. කොච්චර උගත්තු හිටියත් රටකට වැඩක් නැති අය පිරිච්ච කාලකන්නි රටක් මේක...
තමන් සමග සිටින අනිකුත් අය ගැන විශ්වාසයක් නැතිනම් තමන් එතනින් ඉවත්වීම සදාචාරාත්මක පිළිවෙතයි. කවුරුවත් එ් පිළිබඳව තවකෙකුට නොකිය යුතුයි. කොහෙද ඉතින් අපේ රටේ අයට ඒ ටික හිතන්න වත් උගත්කමක් තියෙන්න එපායෑ. පව්කල ගොනෝ ඇදපන් හපුතල් යනවා .. තමයි පොදුජනයට කියන්න ඉතිරිවෙලා තියෙන්නේ.
වෛරයෙන් වෛරය නොසංසිඳේ. වෛරයෙන් අවෛරය සංසිඳේ...
ජේ. ආර්. ජයවර්ධනට පෙර එනම් අපේ මතකය අනුව, ඉස්සර රස්සාවල් දුන්නේ නැහැ. මාරුවීම් දුන්නේ නැහැ. පර්මිට් දුන්නේ නැහැ. කොටින්ම කිව්වොත් පරිපාලන කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැහැ. කලත් ඒ සමාජ සුභසිද්ධියකටම පමණයි. මේ බව මම ලංකාදීප පුවත්පතට ලිපියක් ලියු දයාන් ජයතිලක මහතා මීට පෙර මේ බවද ලියා තිබෙනවා මම දුටිමි. මේ සියල්ල සිදු වුයේ ජේ.ආර්. ජයවර්ධනගේ කාලයෙන් පටන් ගැනීමෙන් පසුවයි කියලා කිව්වොත් හරි. එකල මන්ත්‍රීවරු කළේ තමා නියෝජනය කරන පළාතේ ජනතාවගේ දුක් කම්කොටළුවලට පිළිතුරු පාර්ලිමේන්තු වලින් සොයා ගැනීමයි. මොකද ඔහු පළාතේ ජනතාව විසින් තෝරා පත් කරන නිසයි. නැතුව අද මෙන් වෙනත් පළාතක කෙනෙක් නියෝජනය නොකරයි. එකල ඔහුට කරන්නන්ට වැඩ තිබුණා ... ඔවුන් තම පවුල හැදුවේ නැත. තම ධනය වියදම් කර දේශපාලනය කළේය. උදාහරණ: ගාල්ලේ දහනායක මහතා. අද මේ අයටත් වඩා මොළ පිහිටි අය පාර්ලිමේන්තුවට ගොස් කරන්නේ ජනතාවට සේවය කිරීම නොව බඩ වඩා ගැනීමට භංග යෝජනාවලට පාර්ලිමේන්තුව තුළ තර්ක කිරීමයි. එහෙත් රටේ දැවෙන ප්‍රශ්න එමටයි.
අන්තිම ප්‍රතිඵලය නම් 62%... ජනතාව මහබැංකු මංකොල්ලය අනුමත කළා. මේකද රටේ තත්වය...?