රංජන් කස්තුරි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කරන බව ශ්‍රීලනිප මැති ඇමැතිවරු 15 දෙනෙක් පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය හමුවක් කැඳවමින් කීහ.
ශ්‍රීලනිපයේ කිහිප දෙනකු පමණක් තම මතයට එරෙහි වූ බවත්, පාර්ලිමේන්තුවට පැමිණීමටවත් ඔවුන්ට කොන්දක් නොවූ බවත් එම මැති ඇමැතිවරු කීහ.
එස් බී දිසානායක, ජෝන් සෙනවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, අනුරාධ ජයරත්න ඇතුළු පිරිසක් ඊට එක්වූහ.
විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ද ඇමැති මණ්ඩලයෙන් ඉවත් නොවන බව ඔවුහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුවා නැතුව නේද බලිය නටන්න වෙන්නේ?
අපුරු දෙයක්නේ මේ අය කියන්නේ.මොවුන්ව වහාම ඇමතිකම් වලින් ඉවත්කළ යුතුයි. මොවුන්ට ඇමතිකම් වල රැඳීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැත.
ලැජ්ජා නැතිකම ඇමතිකමටත් වඩා ලොකුයි ! නැත්නම් අගමැතිවරයාට වීරුද්ධව ඡන්දය දීලා ඔහු යටතේ ඇති ආණ්ඩුවේ ඇමති දරන්න පුලුවන්කමක් නැහැ.මේ අයව අනිවාර්යෙන් ඇමතිකම් වලින් ඉවත්කරන්න ඕනා
කෑදරකම මේකෙන් පේනවා.
කොන්ද පණ තියෙනවනම් මේ කට්ටිය ඉල්ලා අස්විය යුතු වෙන්න ඕනේ. අගමැති ගැන විස්වාසයක් නැත්නම් අගමැති එක්ක වැඩ කරන්නත් බැහැ අගමැතිට ඔවුන් එක්ක වැඩ කරන්නත් බැහැ.