චන්ද්‍රසේන ගමගේ
සියලු දේශපාලක පක්ෂවල සහභාගීත්වයෙන් යුතු සර්ව පාක්ෂික රජයක අවශ්‍යතාවය මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
වසර හැටකට ආසන්න කාලයක් තනි දේශපාලන පක්ෂ රට පාලනය කළත් ප්‍රශ්න අඩු නොවූ බවත්, ප්‍රධාන පක්ෂ දෙක එක්ව නිර්මාණය කළ ජාතික ආණ්ඩු ක්‍රමය ද අසාර්ථක බවත් ඇමැතිවරයා කීවේය.
මහින්ද අමරවීර හතා මේ බව පැවසුවේ අද රන්න කට්ටකඩුව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.
‘අද බලයේ ඉන්න අය තම බලය රැක ගැනීම සදහා උත්සාහ ගන්නවා. බලය නැති අය බලය ලබා ගැනීම සදහා උත්සාහ ගන්නවා. මේ නිසා රට ආරජික වෙනවා. රට ගැන නොසිතා බොහෝ අය තම දේශපාලන පැවැත්ම ගැන හිතන නිසා මේ රටේ ප්‍රශ්න වැඩි වුණා. මේ ක්‍රමය වෙනස් වී රට අලුත් දිශාවකට යා යුතු කාලය එළඹ තිබෙනවා.
අගමැතිවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව පිළිබදව හෙට(02) රාත්‍රී ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙනවා. එහිදී අපි තීරණය කරනවා විශ්වාස භංගයේදී කුමක් කළ යුතුද කියා. කොහොම නමුත් අපි අපේ තනතුරු ගැන හිතන්නේ නැතිව රට ට හිතරක තීන්දුවක් ගන්නා බව මෙහිදි සදහන් කරන්න කැමතියි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මහා විනාශයක් කරන්නයි හිතන්නේ...
ඇමැතිකම් තියාගෙන මුළු ජීවිත කාලේම බලයේ ඉන්න හීන දකිනවද? ආප්පයක වාටියක් හදාගෙන... සිරිකොතේ කට්ටක් සූප්පු කරගෙන...
ලිච්ඡවී පාලනය ඉවරද? මුළු පාර්ලිමේන්තුවම එකට තියලා නේද අලුත් ව්‍යවස්ථාව හදනවා කියලා කීවේ? ඔතන ඉන්න සමහරුන්ට හොඳින් හරි නරකින් හරි බලයට එන්න අවශ්‍යයි. හේතුව දන්නවනේ. ඒකට පතෝල, බණ්ඩක්කා වර්ගයේ උදේට එකක් කියන, සවසට වෙන එකක් කියන, එළියේදී තවත් එකක් කියන, ඇතුලේදි වෙනමම දෙයක් කියන, ගෙදරදී ඒ සේරටම වැඩිය අමුතුම දේවල් කියන ගන්ධබ්බ නායකත්වය හොඳ අත්වැලක් වෙලයි තියෙන්නේ. ඉතින් ඉතුරු කාලයත් ඔහොමම කුලල් කා ගනිමින්, කරන්නේ මොනවද? කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව අන්ධකාරයේ අතපත ගාමින් නිදිමරගාතේ ඉන්න අතරතුරේ දන්නෙම නැතුව ගෙවිලා යයි. දැනටමත් "අනාගත නායකත්වය" චීනයේ යුනාන් විශ්ව විද්‍යාලයේදී "රාජ්‍ය පාලනය සහ ආර්ථික කළමනාකරණය" පිලිබඳ වසර දෙකක පුළුල් පාඨමාලාවක් හදාරන්නට ගිහිල්ලා. පත්තරේ තිබුනේ දැක්කේ නැද්ද? ඔය කට්ටිය පරණ බයිලා ගහ ගහ එක එක්කෙනාගේ බෙලි කපාගන්නේ කොහොමද කියලා හොයන අතරේ අනිත් කට්ටිය බලය ගන්න අවශ්‍ය සියලු කරුණු කාරනා සුදානම් කරගෙන හමාරයි.
හොඳින් තිබුණු රට අරාජික කර අයට සාප වෙනවා...
මේ හාදයා බලය නැමැති "බූරුවාගෙන් " කුල්මත්වෙලා වගේ...
ඔව් එතකොට ඔක්කොමලා එක්ක එකතුවෙලා පාර්ලිමේන්තුවේ ඇමැති පට්ටම් 200ක් විතර ඇතිකරලා හැමෝටම කෝටි 5-6 වටිනා වාහන දීලා ඒවාට පැට්‍රල් ගහන්න තව මාසෙකට ලක්ෂ 2-3ක් විතර දීලා, තව වාහන කාර්යාල නිල නිවෙස් එහෙමත් දීලා, තව පරම්පරා කිහිපයකට හරියන්න හම්බ කරගන්න පුළුවන්නේ... පුරවැසි අපි දුක් විඳලා හම්බ කරන කරන එකෙනුත් 80% විතර ගෙවන්නේ බදු...
නිවැරදි ඍජු තීන්දුවක් ගතයුතුය.
එල්ලෙන්න වැල් නැතිව බයිලා ගහනවා.
බස් කොන්දොස්තරලා පාර්ලිමේන්තුවට ඇවිත් කරන අපරාධයක්....
මෙයා කියන්නේ ප්‍රායෝගික නොවන සුරංගනා කතා. සර්ව පාක්ෂික රජයක් ආවොත් කොහේ කරන්නද? දැන්වත් බැරිකොට. රටේ සල්ලි මදිවෙයි මේ අයගේ වියදමට. අන්ත පරාජය වූ මේ අය තමන්ගේ පැවැත්මට හා අපේත්, රටේත් කාලය කන්න තමයි මේවා කියන්නේ. මෙයා කියන කතා හරියට කැකිල්ලේ නඩු තීන්දු වගෙයි. අවසානයේදී 'පැමිණිලි කරුවෝ, වැරදි කාරයෝ, විත්ති කාරයෝ නිදහස් '.
මෙයා හිතන් ඉන්නේ රටේ ඔක්කොම මෝඩයෝ කියලා
"සා.පෙළ. දැනුම ස්පර්ශ නොවූ චින්තනයෙන් බිඳක්."
මෙයා මහරජාගේ රේගිමයේ නැව ගිලෙනකොට පැනල ජාම බේරාගත්තේ.දැන් පොර ටෝක් දෙනවා.යහපාලනය විනාස කරලා නැවත රෙජිමයට මෙයා පාර කපනවා.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් ප්‍රායෝගික වශයෙන් අපේ රටේ ක්‍රියාත්මක කරන්න පුලුවන්ද? පාර්ලිමේන්තුවේම ඉන්න හොරු තක්කඩි රටේ සම්පත් මංකොල්ල කන්න මංකොල්ල කාරින් සමග මොන සර්ව පාක්ෂික ආණ්ඩුද. දේසපාලන නායකයින් එයට සුදානම්ද? රට මුහුණපා සිටින ප්‍රශ්න ගැන අවබෝදයක් තිබේද? රට ගමන් කලයුතු මාර්ගය පිළිබද දැක්මක් තිබේද? නැත. බල සහිත වරප්ප්‍රසාද ඇමතිකම් 200 ක් විතර ඉල්ලයි. රටට ආදරය කරන නායකයෙක් සහ කණ්ඩායමක් බිහිවෙන්නේ කවදද? පෙනෙනතෙක් මානයක නැත, රට දිනෙන් දින අගාදයට අරජකත්වය කර ගමන් කරමින් සිටි. එයයි තිත්ත ඇත්ත.
තවත් බල තණ්හාව වැඩිවෙලා වගෙයි. ඇමැතිතුමෝ බොරු හිස් වචන ඇද බාන්නේ නැතුව දේශපාලනයට සමුදීලා ගෙදර ඉන්න.