IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව ඇමැති අමරවීර කියයි

චන්ද්‍රසේන ගමගේ

සියලු දේශපාලක පක්ෂවල සහභාගීත්වයෙන් යුතු සර්ව පාක්ෂික රජයක අවශ්‍යතාවය මතුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
 
වසර හැටකට ආසන්න කාලයක් තනි දේශපාලන පක්ෂ රට පාලනය කළත් ප්‍රශ්න අඩු නොවූ බවත්, ප්‍රධාන පක්ෂ දෙක එක්ව නිර්මාණය කළ ජාතික ආණ්ඩු ක්‍රමය ද අසාර්ථක බවත් ඇමැතිවරයා කීවේය.
 
මහින්ද අමරවීර හතා මේ බව පැවසුවේ අද රන්න කට්ටකඩුව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය. 
 
‘අද බලයේ ඉන්න අය තම බලය රැක ගැනීම සදහා උත්සාහ ගන්නවා. බලය නැති අය බලය ලබා ගැනීම සදහා උත්සාහ ගන්නවා. මේ නිසා රට ආරජික වෙනවා. රට ගැන නොසිතා බොහෝ අය තම දේශපාලන පැවැත්ම ගැන හිතන නිසා මේ රටේ ප්‍රශ්න වැඩි වුණා. මේ ක්‍රමය වෙනස් වී රට අලුත් දිශාවකට යා යුතු කාලය එළඹ තිබෙනවා. 
 
අගමැතිවරයාට එරෙහිව ගෙන එන ලද විශ්වාස භංග යෝජනාව පිළිබදව හෙට(02) රාත්‍රී ජනාධිපතිවරයා   සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වෙනවා. එහිදී අපි තීරණය කරනවා විශ්වාස භංගයේදී කුමක් කළ යුතුද කියා. කොහොම නමුත් අපි අපේ තනතුරු ගැන හිතන්නේ නැතිව රට ට හිතරක තීන්දුවක් ගන්නා බව මෙහිදි සදහන් කරන්න කැමතියි.‘



අදහස් (19)

සර්ව පාක්ෂික ආණ්ඩුවක අවශ්‍යතාව ඇමැති අමරවීර කියයි

Rathna Sunday, 01 April 2018 12:59 PM

තවත් මහා විනාශයක් කරන්නයි හිතන්නේ...

:       39       163

kolitha Sunday, 01 April 2018 01:07 PM

ඇමැතිකම් තියාගෙන මුළු ජීවිත කාලේම බලයේ ඉන්න හීන දකිනවද? ආප්පයක වාටියක් හදාගෙන... සිරිකොතේ කට්ටක් සූප්පු කරගෙන...

:       1       142

sirimal Sunday, 01 April 2018 01:15 PM

ලිච්ඡවී පාලනය ඉවරද? මුළු පාර්ලිමේන්තුවම එකට තියලා නේද අලුත් ව්‍යවස්ථාව හදනවා කියලා කීවේ? ඔතන ඉන්න සමහරුන්ට හොඳින් හරි නරකින් හරි බලයට එන්න අවශ්‍යයි. හේතුව දන්නවනේ. ඒකට පතෝල, බණ්ඩක්කා වර්ගයේ උදේට එකක් කියන, සවසට වෙන එකක් කියන, එළියේදී තවත් එකක් කියන, ඇතුලේදි වෙනමම දෙයක් කියන, ගෙදරදී ඒ සේරටම වැඩිය අමුතුම දේවල් කියන ගන්ධබ්බ නායකත්වය හොඳ අත්වැලක් වෙලයි තියෙන්නේ. ඉතින් ඉතුරු කාලයත් ඔහොමම කුලල් කා ගනිමින්, කරන්නේ මොනවද? කියන්නේ මොනවද කියලා දන්නේ නැතුව අන්ධකාරයේ අතපත ගාමින් නිදිමරගාතේ ඉන්න අතරතුරේ දන්නෙම නැතුව ගෙවිලා යයි. දැනටමත් "අනාගත නායකත්වය" චීනයේ යුනාන් විශ්ව විද්‍යාලයේදී "රාජ්‍ය පාලනය සහ ආර්ථික කළමනාකරණය" පිලිබඳ වසර දෙකක පුළුල් පාඨමාලාවක් හදාරන්නට ගිහිල්ලා. පත්තරේ තිබුනේ දැක්කේ නැද්ද? ඔය කට්ටිය පරණ බයිලා ගහ ගහ එක එක්කෙනාගේ බෙලි කපාගන්නේ කොහොමද කියලා හොයන අතරේ අනිත් කට්ටිය බලය ගන්න අවශ්‍ය සියලු කරුණු කාරනා සුදානම් කරගෙන හමාරයි.

:       0       161

Kumar Sunday, 01 April 2018 01:21 PM

හොඳින් තිබුණු රට අරාජික කර අයට සාප වෙනවා...

:       2       231

shan saudi Sunday, 01 April 2018 03:14 PM

1977 සිරිමාවෝ මැතිණිය ලොවට ණය නැති රටක් යූඑන්පී එකට බාරදෙන විට රටේ තිබුණු තැන රටේ තිබුණු ධනය එදා සිට අද දක්වා රට පාලනය කල සියළුම නායකයින් විසින් විනාශ කළා. 1977 සිට 1993 දක්වා යු එන් පී එකෙන්ද, 1993 සිට මේ දක්වා ශ්‍රී ලංකා හා පොදු පෙරමුණෙන්ද, රටේ ධනය, ජාතික දේපළ, රටේ ඉඩම් විකුණමින් පුද්ගලික ආයතන බවට පත්කරමින් තමන්ගේ අභිවෘද්ධිය පතා ලෝකෙන් විශාල ණය ගනිමින් සියලුම රාජ්‍ය දේපල සුරාගෙන කමින් නායකයින්ගේ දරුවන්ට ජාතික ධනය සුරාගෙන කෑමට උපරීම නිදහස හා පහසුකම් මෙන්ම බලය ලබා දෙමින් ආරක්ෂක අංශවලට අනිසි බලපෑම් කරමින් ඔවුන් විරුද්ධවාදීන් නැසීමට යොදා ගනිමින් කළ මේ මහා අපරාධයට 1977න් පසු පත් වූ සියලු නායකයින්ට සාප.. වෙන්න ඕනේ යළිත් මනුස්ස ආත්ම භාවයක් කිසිම දිනක නොලැබෙන්න ඕනේ. අද වනවිට තව අනාගත වසර ගණනාවකට උපදින්න ඉන්න දරුවන් පවා ලෝකයට ණය කරුවන් කර හමාරයි.

:       314       469

PJMonday, 02 April 2018 12:59 AM

මැතිනිය කරපු දේවල්වල හොඳ කම නිසා තමයි 1977 දී හොම්බෙන් ගියේ. අනේ මේ නොදන්නා දේවල් ගැන කතා කරන්නේ නැතුව ඉන්නවා. රෙස්ට් හවුස්වලට ගෙන්වල ටීචර්ලට ගරු පත්වීම් දීපු කාලේ ගැන අමතකද?

:       48       3

dasunMonday, 02 April 2018 03:56 AM

ශාන් සෞදියට වෙලා ඉන්න නිසා වෙන්න ඇති නේද අර ප්‍රභාකරන් කියන එක්කෙනා කරපු ටික ඔයාගේ ලිස්ට් එකට නොදැම්මේ. ඒ විනාසය නවත්වන්න යුද්ධ කරන්න සල්ලි ගියා.ශාන්ගේ විග්‍රහයට අඩු පාඩු ගොඩයි. පුලුවන්නම් ශාන් වගේම ලංකාවේ ඉන්නෙත් නැතුව ලංකාවේ වැරදි දකින කෙනෙක් ශාන්ට උදවුවට කතා කරන්න.

:       25       0

Raveendra Sunday, 01 April 2018 01:50 PM

මේ හාදයා බලය නැමැති "බූරුවාගෙන් " කුල්මත්වෙලා වගේ...

:       0       127

de silva Sunday, 01 April 2018 01:51 PM

ඔව් එතකොට ඔක්කොමලා එක්ක එකතුවෙලා පාර්ලිමේන්තුවේ ඇමැති පට්ටම් 200ක් විතර ඇතිකරලා හැමෝටම කෝටි 5-6 වටිනා වාහන දීලා ඒවාට පැට්‍රල් ගහන්න තව මාසෙකට ලක්ෂ 2-3ක් විතර දීලා, තව වාහන කාර්යාල නිල නිවෙස් එහෙමත් දීලා, තව පරම්පරා කිහිපයකට හරියන්න හම්බ කරගන්න පුළුවන්නේ... පුරවැසි අපි දුක් විඳලා හම්බ කරන කරන එකෙනුත් 80% විතර ගෙවන්නේ බදු...

:       0       97

sg Sunday, 01 April 2018 01:59 PM

නිවැරදි ඍජු තීන්දුවක් ගතයුතුය.

:       0       1

සෙනෙවි Sunday, 01 April 2018 02:07 PM

එල්ලෙන්න වැල් නැතිව බයිලා ගහනවා.

:       0       122

Kandy Sunday, 01 April 2018 03:17 PM

බස් කොන්දොස්තරලා පාර්ලිමේන්තුවට ඇවිත් කරන අපරාධයක්....

:       0       70

Sapumal. Sunday, 01 April 2018 03:49 PM

මෙයා කියන්නේ ප්‍රායෝගික නොවන සුරංගනා කතා. සර්ව පාක්ෂික රජයක් ආවොත් කොහේ කරන්නද? දැන්වත් බැරිකොට. රටේ සල්ලි මදිවෙයි මේ අයගේ වියදමට. අන්ත පරාජය වූ මේ අය තමන්ගේ පැවැත්මට හා අපේත්, රටේත් කාලය කන්න තමයි මේවා කියන්නේ. මෙයා කියන කතා හරියට කැකිල්ලේ නඩු තීන්දු වගෙයි. අවසානයේදී 'පැමිණිලි කරුවෝ, වැරදි කාරයෝ, විත්ති කාරයෝ නිදහස් '.

:       0       165

Imalk Sunday, 01 April 2018 04:20 PM

මෙයා හිතන් ඉන්නේ රටේ ඔක්කොම මෝඩයෝ කියලා

:       0       58

Thilina Sunday, 01 April 2018 05:38 PM

"සා.පෙළ. දැනුම ස්පර්ශ නොවූ චින්තනයෙන් බිඳක්."

:       0       74

Prabath Monday, 02 April 2018 02:28 AM

මෙයා මහරජාගේ රේගිමයේ නැව ගිලෙනකොට පැනල ජාම බේරාගත්තේ.දැන් පොර ටෝක් දෙනවා.යහපාලනය විනාස කරලා නැවත රෙජිමයට මෙයා පාර කපනවා.

:       11       174

samarageMonday, 02 April 2018 04:03 AM

ප්‍රභාත් මල්ලි, ඔයා දැන් පොර ටෝක් දෙන්නේ, ඔය කියන මහා රජා මුල්වෙලා බටහිරට බය නැතුව ප්‍රභාව ඉවර කරන්න පාර කපපු නිසා නේද. මොකද ඔයා කියන්නේ ඔය කියන රෙජීමය නැත්නම් ප්‍රභාත් විසින් ප්‍රභාකන්ට ගේමක් දෙනවා කියලද. මහින්ද අමරවීර කියන්නේ ආප්පේ කොටස්කරුවෙක්. චන්ද පැරදිලා ඇමතිකම් ගත්තේ ඔවුන්. අඩුගානේ මහින්ද මහත්තයාගේ වටේ ඉන්න කට්ටිය චන්ද පැරදිලා පින් ඇමතිකම් ගත්ත එවුන් නෙවෙයි. අන්න ඒවාට (පින් ඇමැතිකම්වලට) බනින්න.

:       252       28

Rohana Monday, 02 April 2018 02:56 AM

සර්ව පාක්ෂික ආණ්ඩුවක් ප්‍රායෝගික වශයෙන් අපේ රටේ ක්‍රියාත්මක කරන්න පුලුවන්ද? පාර්ලිමේන්තුවේම ඉන්න හොරු තක්කඩි රටේ සම්පත් මංකොල්ල කන්න මංකොල්ල කාරින් සමග මොන සර්ව පාක්ෂික ආණ්ඩුද. දේසපාලන නායකයින් එයට සුදානම්ද? රට මුහුණපා සිටින ප්‍රශ්න ගැන අවබෝදයක් තිබේද? රට ගමන් කලයුතු මාර්ගය පිළිබද දැක්මක් තිබේද? නැත. බල සහිත වරප්ප්‍රසාද ඇමතිකම් 200 ක් විතර ඉල්ලයි. රටට ආදරය කරන නායකයෙක් සහ කණ්ඩායමක් බිහිවෙන්නේ කවදද? පෙනෙනතෙක් මානයක නැත, රට දිනෙන් දින අගාදයට අරජකත්වය කර ගමන් කරමින් සිටි. එයයි තිත්ත ඇත්ත.

:       0       17

Sugath Monday, 02 April 2018 06:53 AM

තවත් බල තණ්හාව වැඩිවෙලා වගෙයි. ඇමැතිතුමෝ බොරු හිස් වචන ඇද බාන්නේ නැතුව දේශපාලනයට සමුදීලා ගෙදර ඉන්න.

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 210 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 1018 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 1071 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට
2025 මැයි මස 08 151 0

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය 2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.


ආංශික සභා 6කට නව මන්ත්‍රීවරු
2025 මැයි මස 08 325 0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා හයක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහ


ආහාර විද්‍යාවට වෙනම ආයතනයක්
2025 මැයි මස 08 304 0

ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1164 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 293 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1331 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site