(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව අද (09) රාත්‍රීයේදී තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්‍ෂයේ ඇමතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන්ට අපහාස කිරීම් වලට විරෝධය පළ කිරීමක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇමතිවරුන් කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර ඇතැයි පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැති ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවේ සිටිනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා තෙක් හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කළ බව එම පක්‍ෂයේ ප්‍රකාශකයකු ලංකාදීපයට පැවසීය.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ට අමතරව පක්‍ෂයේ සෙසු කැබිනට් ඇමතිවරුන්ද කැබිනට් රැස්වීමට සහභාගී නොවන බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට අද පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී අනුර ප්‍රියදර්ශන යාපා මහතා යෝජනා කර ඇති අතර එස්.බී. දිසානායක මහතා එය ස්ථීර කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට අනුර ප්‍රියදර්ශන යාපා, එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා, ලක්‍ෂමන් යාපා අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු කිහිප දෙනෙකු දැඩිව ප්‍රකාශ කොට ඇතැයි ද අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් 16 දෙනා සකස් කළ වාර්තාවක් ද මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කොට ඇතැයිද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හදිසි නොවී පක්‍ෂයක් වශ්‍යයෙන් තීරණයක් ගත යුතු බවත් ශ්‍රී.ල.නි.ප. මැති ඇමතිවරුන් 41 දෙනාම එකට සිටිය යුතු බවත් ප්‍රකාශ කොට ඇත.
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් ඉවත්වීමට කර ඇති ඉල්ලීම හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වන්නේද? නැද්ද? යන්න සම්බන්ධයෙන් අද හෙටම රැස්වී තීන්දුවක් ගැනීමටද එහිදී තීරණය වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බව මධ්‍යම කාරක සභාවේ වැඩි දෙනෙකු ප්‍රකාශ කර ඇති අතරම විශ්වාසභංග යෝජනාවට සහය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් කැබිනට්ටුවෙන් ඉවත්වීය යුතු බවට මෙන්ම එලෙස යෝජනාවට සහය දුන් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන්ට එරෙහිව එජාප ඇමතිවරුන් කිහිප දෙනෙකු විසින් පසුගියදා කර තිබු ප්‍රකාශ වලට විරෝධය පළ කිරීමක් ලෙස ශ්‍රී.ල.නි.ප. ඇමතිවරුන් සියළු දෙනා හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට සහභාගී නොවීමට තීරණය කොට ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මධ්‍යම කාරක සභාව අනිද්දා (11) රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි තීරණයක් ගැනීම පසුපස ඇත්තේ විශ්වාස භංග යෝජනාවට පක්ෂ වූ කවුරුන්හෝ කැබිනට් රැස්වීමට සහභාගී වුවහොත් ඊට දැඩි විරෝධය පෑමට එජාපයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සූදානම්වන නිසා බව තතු දන්නෝ කියති. ආණ්ඩුවක හිඳිමින් ඒ ආණ්ඩුවටම එරෙහි විශ්වාස භංගයකට සහාය දී තව දුරටත් ඒ ආණ්ඩුවේම හිඳින්නේ රෙදි ඇඳගෙනදැයි විමසන එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම කැබිනට් රැස්වීම ඉදිරිපිට විරෝධය පෑමට සූදානමින් සිටියි. ශ්‍රීලනිපය කැබිනට්ටුව දිගින් දිගටම වර්ජනය කරන්නේ නම් සිදුවන්නේ ඉබේටම තනි එජාප ආණ්ඩුවක් බිහිවී දැනට තුන්බෑ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයා තව තවත් මහින්ද රාජපක්ෂගේ පැත්තට තල්ලුවීමය. මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්නොහැරියේ මන්දැයි දැන් ඉතා පැහැදිලි වන නමුත් ඒ පිරිසට එරෙහිව කිසිදු විනයානුකුල ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂ නායකත්වය ක්‍රියා නොකරන්නේ ඇයිද යන්න පැහැදිලි නැත. මේ යන ආකාරයට ඒකාබද්ධය සැලසුම්කල සියලුදේ හිතුවාටත් වඩා ඉක්මනින් ක්‍රියාත්මක වෙනු ඇත.
මම මිට පෙර සඳහන් කලා වගේ 2020 වෙනකන් මේවා තමයි අහන්න වෙන්නේ.
මේ විදියට රටක් පාලනය කරන්න පුලුවන්ද ? එක වෙලාවකට හිතෙනව මේවා ඕන කමින් ඇති කරවනවාද කියලත්. මොකද දැන් මිනිස්සුන්ට , ඒගොල්ලන්ගෙ ප්‍රශ්නයක්වත් මතක නැහැ , මේවගෙ දේවල් වල එල්ලිලා ඉන්නවා. ජීවන වියදම අහස උසට. අරහෙන් විශ්ව විද්‍යාල වහල මාස ගාණක් වෙනවා. ඒ ළමයින්ගේ අනාගතය අඳුරු වෙලා. අයියෝ ලංකාවට වෙලා තියන දේ .
වහාම රජයෙන් ඉවත් වෙන්න.එජාප අයට ද්‍රවිඩයින්ගේ ඉල්ලීම් දීමට සූදානම්ව එකතුවෙන්න කියන්න. ඊට පසු කලයුතු දේ තීරණය කරන්නේ රටේ ජනතාවය. එවිට රට කබලෙන් ලිපට වැටෙනු ඇත.
අනේ අපේ රට, රට කොහේ යයිද.
ඕකත් විස්වාස භංග යෝජනාව වගේ පුස් වෙඩිල්ලක්. ජනතාවගේ ප්‍රශ්න යටපත් කරන මායාවක්.
ආණ්ඩුව අවුල් කිරීමට විපක්ෂයක් කුමටද ? එය ආණ්ඩුවේ ඉහලින්ම සිදු කරයි. රටට දැන් ඉදිරි ගමනක් නැත.
මේක ඒකාබද්දයේ ඉල්ලීම මත යන ප්ලෑන් එකට යන වැඩක්.
රට පාලනය කරන්න කලින් තම තමන්ව පාලනය කර ගන්න තරම් හැදියාවක් හා ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි. මේ අය එහෙම නොවෙයි පොඩි ළමයි වගේ රණ්ඩුවෙනවා හා එකිනෙකාට නින්දා අපහස කරනවා හැරෙන්න සමගියෙන් සමාදානයෙන් ප්‍රශ්ණ විසදාගෙන රට පාලනය කරන්න හෝ එසේ නැතිනම් වැදගත් විදියට ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ ඉදගෙන ආණ්ඩුව විවේචනය කරන්න මේ අයට ධෛර්යක් හෝ ශක්තියක් නැහැ.
ඇමති තුමා ස්ට්‍රයික්?
ලජ්ජාවට එන්න බැරි නිසා වර්ජනය කරනවා කියනවා.
ඉල්ලා අස්වෙනවා හලෝ බොරු සෝබන නැතුව.
ශ්‍රීලනිපය කැබිනට් රැස්වීම වර්ජනය කළ යුතු යැයි යෝජනා කර ඇත්තේ පක්ෂයේ ප්‍රභලයෙකු බවයි කියන්නේ. මේ අතර ආණ්ඩුවක හිඳිමින් ඒ ආණ්ඩුවටම එරෙහි විශ්වාස භංගයකට සහාය දී තව දුරටත් ඒ ආණ්ඩුවේම හිඳින්නේ රෙදි ඇඳගෙනදැයි විමසන එජාප පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම කැබිනට් රැස්වීම ඉදිරිපිට විරෝධය පෑමට සූදානමින් සිටියහ. ශ්‍රීලනිපය කැබිනට්ටුව දිගින් දිගටම වර්ජනය කරන්නේ නම් සිදුවන්නේ ඉබේටම තනි එජාප ආණ්ඩුවක් බිහිවී දැනට තුන්බෑ වී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපති වරයා තව තවත් මහින්ද රාජපක්ෂගේ පැත්තට තල්ලුවීමය. මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අත්නොහැරියේ මන්දැයි දැන් ඉතා පැහැදිලි වෙන නමුත් ඒ පිරිසට එරෙහිව කිසිදු විනයාලු කුල ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂ නායකත්වය ක්‍රියා නොකරන්නේ ඇයිද යන්න පැහැදිලි නැත. මේ යන ආකාරයට ඒකාබද්ධය සැලසුම්කල සියලුදේ හිතුවාටත් වඩා ඉක්මනින් ක්‍රියාත්මක වෙනු ඇත.
රටේ මිනිස්සු බාගෙට බාගයක් ඔලුවේ අතගහගෙන ඉන්නේ අලුත් අවුරුදු කන්නේ කොහොමද කියලා. මේ අය බලය බෙදාගන්න ලබාගන්න ගේම් ගහනවා. අසරණ ඡන්ද දායකය ගැන හිතන්නේ නැහැ. මේ අය වෙනම ලෝකෙක ඉඳලා හීන බලනවා. එක අතකින් එය සාධාරණයි. මේ අයට සාමාන්‍ය මිනිසුන්ගේ ප්‍රශ්න නෑනේ, ලයිට් බිල් ,විදුලි බිල්, බස් ගාස්තු , ණය මුදල් පියවීම වගේ දේවල්. ජනතාවගේ මුදල් හොරා කාලා, නිකන් වගේ පාර්ලිමෙන්තුවෙනුත් සුපිරි කෑම කාලා බයිට් එකට ජනතාව ගොනාට අන්දනවා. අපි වගේ මෝඩ ජනතාවක්.