රංජන් කස්තුරි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (4) සවස් වන විටත් විශ්වාස භංග යෝජනාවේ විවාදයට සහභාගී වීමට පාර්ලිමේන්තුවේ සභා ගැබට පැමිණියේ නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උදේ වරුවේ පාර්ලිමේන්තුවේ සිටිය ද සවස්වරුවේ සභා ගැබේ නැත.
පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පමණක් විශ්වාසභංගය ගැන විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන එකක් නැහැ පේන විදියට .
මේ හැමෝම දවල් මිගෙල් රෑ දනියෙල්ලා. අපේ මෝඩ ජනතාව ඒක තේරුම් නොගන්නකම් පක්ෂ පාට නැතුව මෙයාල ගොඩ.
මොකට පාර්ලිමේන්තු මැතිවරණවලට ඉල්ලනවද මන්ද. විශ්වාසභංග කියලා කෑගහලා, කාලයයි ධනයයි ඔක්කොම විනාසයි. අවශ්‍යම වෙලාවට වෙන කොහෙවත්. හරියට යුද්දේ අවසන් දවස් කිහිපය වගේ, කොහෙන් හරි ලකුණු දාගන්න තමයි ඕනේ. මේ වගේ නම් මටත් බැරිය දේශපාලනය කරන්න.
ජනතාවගේ විශ්වාසය භංග කරලා ගෝලයෝ ලවා ප්‍රකාශ කරවන්න එපා.
විශ්වාසභංගය මොනවා වුනත් ජනතාව පරාදයි. රටේ ප්‍රශ්න අමතක කරවලා මිනිසුන්ව ගොනාට අන්දනවා.
අයියෝ චාටර්!
මේ අය ඇන්දුවේ අප සැවමනේ. අපි ඇන්දේ ගොනාටනේ. අද දින ලොව නැත නවතින්නේ... අමතක නැත හෙටදින ඉර පායන්නේ,,,,,
ඇවිත් කොහොමද? ගෙදරහිටියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී.
කෝකටත් කියල නෑවිත් ඉන්න එක ඇඟට ගුණයි කියලා හිතෙන්න ඇති දෙන්නටම
අදින් පස්සෙවත් මිනිස්සු මොවුන් කවුද කියල අඳුන ගත්තොත් හොදයි.
මේගොල්ලන්ට බැනල වැඩක් නැහැ. ඒක තමා ඒ ගොල්ලන්ගේ දේශපාලනය. බනින්න ඕනෑ මේවගේ කට්ටියට අවශේෂයක් නැතුව ජැක් ගහන අයටයි.
පාර්ලිමේන්තු ඇවිත් විශ්වාස භංග යෝජනාව පැරදිලා සායම යනවට වඩා හොද ඇති ගෙදර ඉදන් පරදින එක. මේ දෙන්නත් කියයිද දන්නේ නැහැ නයා ගැහුවා කියලා. මේක පරදින වග විශ්වාස භංග යෝජනාව ගෙන්න කලින් ඉදලම මේ අය දන්නවා. අපිව ගොනාට අන්දපු එක තමා කලේ. ඒකනේ දැන් කියන්නේ දිනුවත් දිනුම්,පැරදුනත් දිනුම් කියල. මේ සැරේ අය වැයෙන්වත් පුන්නක්කු මිල අඩු කලොත් හොදයි.
රාජපක්ෂලා එදා ඉදලම මේ රටේ ජනතාව ගෝනාට ඇන්දුවා. ඒකේ වර්තමාන ප්‍රතිථලය තමයි මේ බංකොලොත් වීශ්වාස බංගය. මෙය බංකොලොත් විශ්වාස බංගයක් වන්නේ සැලසුම් සහගතවම පරාජය කලහැකි ආකාරයට මේ විශ්වාස බංගය ගෙන ඒමයි.
දෙන්නම අන්තීම මොහොතේ ඇවිල්ලා පක්ෂව ඡන්දය දුන්නා. ඒ විශ්වාස බංගය ජය ගන්න බැරීබවට විශ්වාසය හා බලාපොරොත්තු ඇතිවයී.
විශ්වාස භංගයක් ගෙන්වාගෙන, ඊට අත්සන් කරන්නේ ද නැතිව, බළලුන් ලවා කොස් ඇට බාවා ගන්නට ගොස් බිම ඇනගත්තෝය.
ඒ කියන්නේ රාජපක්‍ෂලට ඒ තරම්ම වික්‍රමසිංහලව විස්වාසයි. විශ්වාස භංගය බංගයි.
හෙට පාර්ලිමේන්තුවට මහින්දයි නාමලුයි ඇවිල්ල කියාවි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ට්‍රැෆික් එකකට බ්ලොක් වුන නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව විශ්වාස භංගෙට ඡන්දෙ දෙන්න එන්න බැරි වුණා කියල !
අයියෝ පව් මහින්ද ඡන්දෙ දුන්න නේද
මේ කොහොමත් මහදවල් හොරුනේ...