ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පතෙහි වගන්ති තුනක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල (පටහැනි) බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තමා වෙත දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
එම වගන්ති වලින් 12 (අ) වගන්තිය බලාත්මක කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදු කළ යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත. ඒ සඳහා මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත කළ යුතුවේ.
එම සංශෝධන පනතට ඇතුළත් 12 අ (2) වගන්තිය බලාත්මක කිරීමට නම් තුනෙන් බහුතර ඡන්දයක් අවශ්‍ය වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතු වේ.
එම පනතට ඇතුළත් 12 (අ) (7) වගන්තිය සංශෝධනය කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වන ව්‍යවස්ථාවට අනනුකූලවේ.
කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එජාප සහ ශ්‍රිලංනිප එකතුවෙන් ගැලවීමට අපහසු ලෙස හිරවූ මේ ආණ්ඩුව ජනමතයටද නීතියටද පටහැනිව බලය රැක ගැනීම සඳගා ඕනෑම වෙට්ටුවක් දැමීමට සූදානම් බව මේ පණතින් පෙනී යයි
මේ කියන තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත කළ යුතු අනනුකුල වගන්ති තුනෙහි අනනකූල තාවය ඉවත් කර ගන්නා අන්දමද ශ්‍රේෂ්ඨාධිකරණ පැහැදිලි කර දී ඇත.12 අ (1) වගන්තිය-1996 අංක 10 සහ 2006 අංක 54 යන පනත් වල පරිදි 154ග(3)(ඇ) ව්‍යවස්ථාව යටතේ අධිකරණ බලය පළාත් මහාධිකරණය වෙත පැවරී ඇත්තේ නම් මෛ සංශෝධිත වගන්තියෙන් ඇති වන අනනුකූලතාවය ඉවත්ව යනු ඇත.12අ(2) වගන්තිය සංශෝධනය මගින් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය සඳහා විනිශ්චයකාරවරුන් නම් කිරීම අවශ්‍ය වේ. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154ග(2) ව්‍යවස්ථාවට අනනුකූල වන අතර, මෙකී පනත් කෙටුම්පතේ 12අ(2) ඉවත් කොට 154ග(2) ව්‍යවස්ථාව පවත්නා පරිදි තැබීමෙන් මෙම අනනුකූලතාවය පහව යනු ඇත.12(අ)(7) වගන්තිය සංශෝධනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වන ව්‍යවස්ථාවට අනනුකූල වේ. කෙසේ වුවද අග්‍ර විනිශ්චයකාරවරයාට විශේෂ අධිකරණ විභාගයක් පැවැත්විය යුතුද නැතිද යන්න තීරණය කිරීමට බලය ලබා දීම මගින් මෙකී වගන්තිය සංශෝධනය වීමෙන් ඇති වන අනනුකූලතාවය ඉවත්ව යනු ඇත. ආණ්ඩුවට ඕනෑකමක් තියෙනවානම් 5 වෙනිදායින් පසු මෙම නව සංශෝධන තවත් ප්‍රමාද නොකර අනුමත කරගත හැක.
ඔය පැත්තේ ඔය ජාවාරම් වලට දක්ෂ ඉතින් අපේ කට්ටිය නේද ? මෙච්චර කල් කලේ ඔයවගේ ජාවාරම්නේ . ඇයි කව්ද කියල රටට හෙළි කරන්නේ නැත්තේ ?
මට පෙනෙන හැටියට මේ නීති ගෙනල්ල තියෙන්නේ හිර වෙලා තියෙන දුෂණ සම්බන්ද නඩු ඉක්මන් කර නීතියට වෙට්ටු දමමින් 2020 තෙක් කල් අල්ලගන්න මාන බලන හොරුන් නීතය ඉදිරියට ගෙන ඒමටයී! මේක කාලාන්තරයක් තිස්සේ ජනතාව ඉල්ලපු දෙයක්! ඇත්තටම ඔය කියන විදියට ඔවුන් හොරකම් කර නැත්නම් 2020 ට කලින් ඒ බව නීතියෙන්ම ඔප්පු කර බලය ඉල්ලනවානම් අපිටත් ඔවුන් ගෙන එන පාලනය ගැන බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවනි! ඒක නිසා හොර ගල් අහුලන්නේ නැතුව මෙම විශේෂ අදිකරණ පද්දතිය සම්මත කරගන්න දුෂණ විරෝදී සැවොම බලපෑම් කල යුතුයී!
විශ්වසබන්ගය පරාජය වුනොත් මහින්ද මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට ප්‍රකාශ කොට තිබෙනවා. ඒ අනුව අද දිනය මහින්දගේ හෝ රනිල්ගේ දේශපාලන දිවියේ අවසානය විය හැක.