ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ නිවසේදී මේ වන විට පැවැත්වේ .
වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා , අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිපදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ නිවසේදී මේ වන විට පැවැත්වේ .
වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාකච්ඡාවේ අවසන් තීරණය රනිල් ඉල්ලා අස්වීම... මේකට හේතුව රනිල්ගේ ඉල්ලා අස්වීමෙන් වෙනත් අගමැති කෙනෙක් යටතේ මේ හවුල් ආණ්ඩුව 2020 දක්වා පවත්වාගෙන යාමට හැකිවීම. එසේ නොකර විශ්වාසභංගයෙන් පැරදුනොත් ආණ්ඩුව විසුරුවා හැරීමට සිදුවෙයි. එහෙම වුනොත් කිසිම පක්ෂයට තනිව ආණ්ඩුවක් තැනීමට නොහෙකි වෙයි.
රටට අවංකව ආදරය කරන පුරවැසියන්ට ලැබෙන ඉතාමත්ම දුර්ලභ අවස්ථාවක් මෙය. අපගේ නියෝජිතයන් යයි කියා ගන්නා මේ "අම්බරුවන්ගෙන්" මාතෘභූමියට හදවතින්ම අවංකව ආදරය කරන මහජන නියෝජිතයින් හඳුනා ගැනීමට... අප්‍රේල් 4 වෙනිදින දියවන්නාඔය නරකාදිය වලේ සිටින නියම උපන් මවුබිම පණමෙන් ආරක්ෂා කිරීමට කැපවෙන නියම නියෝජිතයින් දැක ගැනීමට ලැබෙනු ඇත.
වෙන මොනවා වෙන්නද, 2020 වෙනකම් මේ ආණ්ඩුව කරගෙන යන්න ඒකමතිකව තීරණය කරා කියයි.
දෙමළ ජාතික සන්ධානයේ සහයෝගයෙන් විශ්වාස භංග යෝජනාව පරාජය කිරීමට හැකියාවක් තිබෙන බව එජාප ඇමතිවරුන් බහුතරයකගේ මතය වී ඇත. මේ සම්බන්ධයෙන් සඳුදා රාත්‍රියේ පැවති තීරණාත්මක සාකඡවකදීද කරුණු කාරනා ඉදිරිපත්වී තිබේ. එවිට එහි සිටි කෙනෙකු කියා ඇත්තේ "දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අල්ලගෙන ගේම් ගහන්න ලෑස්ති වෙන්න එපා" කියාය. එම ප්‍රකාශය ගැන උරණවූ එක් ඇමතිවරයෙක් 'ටීඑන්ඒ එකත් එක්ක ගේම් ගහපු නිසා තමයි අපි ආණ්ඩුවක් හදා ගත්තේ. ගොඩක් අයට දැන් ඒ ඉතිහාසය අමතක වෙලා, එහෙම නැත්තං අමතක කරලා. අපි දිනුවේ උතුරු-නැගෙනහිර ජනතාවගේ බහුතර ඡන්ද නිසා. දෙමළ ජනතාව ඒ ගේම ගැහුවෙ නැත්තං, ටීඑන්ඒ එක සහයෝගය දුන්නෙ නැත්තං තාමත් මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති. එහෙම උනා නං මෙතන ඉන්න බොහෝදෙනෙක් අද ඉන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බෑ.' යැයි චිත්තවේගීව කියා ඇත. ආසන්නතම තත්වය එසේනම් මේ වැඩේ කොහෙන් කෙලවර වෙයිද කියන එක තමා දැන් තියෙන ප්‍රශ්ණය.
මෙය මැති ඇමතිවරුන්ට ඉතාමත් තීරණාත්මක සාකච්චාවක් වන අතර ඔවුන්ගේ ඉදිරි වරදාන මෙයින් තීරණය වනු ඇත. අනේ ඉතින් ජනතාව වන අපිටනම් පොඩි මානසික ආතල් එකක් ගන්න තියෙන අවස්ථාවක් මේක. රටින් භාගයක් ජනතාව සතුටු වනුයේ, අනිත් භාගය පරදා ඔවුන් ජය ලැබුවාක් මෙනි. අන්තිමට ඉතින් දෙගොල්ලොටම තම තමන්ගෙ ජීවිත ගේම ගහන්න තමයි තියෙන්නෙ.
මේ විශ්වාස භංගයට ජනාධිපති සහ අගමැති දෙන්නම වගකිව යුතුයි.