(අංජුල මහික වීරරත්න)
සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධාන සඳහා සහය දැක්වීමක් ලෙස තමා එජාප සභාපති ධුරයෙන් ඉල්ලා අස් වු බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ලංකාදීපයට පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණු රුවන් විජයවර්ධන කමිටුව සියලු තනතුරු වෙනස් කළ යුතු බවට නිර්දේශ කර තිබිණි.
එක්සත් ජාතික පක්ෂයේ නව තොරතුරු සියල්ල මැයි 01 වැනිදාට පෙර පත් කිරීමට නියමිතව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් නේද?
ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක ආත්ම වෙනුවෙන් කරන පිනකි. දේශපාලනයෙන්ම ඉවත් වෙන්නේ නම් එය රටට කරන සේවයකි.
බැඳුම්කරේ මහමොළ කරුවන් මලික්, එරාන් ඔබලා ඉල්ලා අස් වුණාට කල පව් වලින් ගැලවෙන්න බෑ..
පෙරේතයෝ කුම්භාණ්ඩයෝ එලවන්නේ නැතුව පක්ෂය කවදාවත් පිරිසුදු කරගන්න බැරිවෙනවා.
ඇමතිකම් වලිනුත් අයින් වෙලා, කොහේ හරි වෙන රටකට වත් ගියා නම් ලංකාව බේරා ගන්න තිබ්බා.
හිටපු එජාප සභාපති මලික් මහත්මයට " නිවන් සුව ලැබේවා" !!!
ඕස්ට්‍රේලියාව පිළිගන්නවා ඔය වගේ අයව... හොර සල්ලි අරන් එන්න.
ඇඳුම් මහනවා වගේ සෙල්ලමක් නෙවෙයි... රාජ්‍ය පාලනය කියන එක... තේරුණා නම් ලොකු දෙයක්...
බොහොම ස්තුතියි ඔබට. මෙය විය යුත්තක්. මේකට වඩා නායකයා ඉවත්විය යුතුමයි. එවිට නැවතත් එජාපය එක ජනතා ආකර්ෂණයක් ඇති පක්ෂයක් වෙයි. මේ පක්ෂය ඉතිහාසය පුරාවට විශිෂ්ට නායකයෝ හිටියේ. අගමැතිතුමා ජාත්‍යන්තර කටයුතුවලට ලංකාවේ අංක එක. ඒත් එතුමාට ජනතා ආකර්ෂණයක් නැහැ. එතුමා ඉවත් වියයුතුමයි.
තවත් ඇස් බැන්ඳුමක් මේක...
ඉලක්කගත ප්‍රමාණයන් ඉක්මවා ගිය නිසා සභාපතිකමෙන් ඉවත් වෙමි. නමුත් එතුමා මම නැවත පත් කරන එක ඉර හඳ වගේ.. කොළඹ හතේ දේශපාලනයෙන් අපි නම් ඉවත් කරන්න ජනතාවටවත් බැහැ..
පාක්ෂිකයන් සියලු දෙනා ඉල්ලන්නේ සාගල මහතාව මහා ලේකම් කරන්න කියල
මෙයාලා දැන් ඉල්ලා අස්වුනට මෙයාලා මේ රටට කරපු විනාශය පොඩි නැහැ අනේ එහෙම විනාස වෙන්න කලින් ඉල්ලා අස්වුනානම් මේ රටට මොනතරම් යහපතක්ද.
හැදී ගෑරප්පුවෙන් කිරි බත් කන යුරෝපිය සිතුම් පැතුම් වලට වැඩිය දේශීයත්වයට මුල් තැන දෙමින් ඇගිලි තුඩු වලින් කිරි බත් කන ක්‍රමයට මුල් තැන දීම යනු එජාප ට සුබ අනාගතයකි.
කවුරු අස්වුනත් වැඩක් නෑ... ලොකු තැන ඉන්නකම් පක්ෂෙට වැඩක් වෙන්නේ නෑ ....
වල පයයි ගොඩ පයයි.... අනේ මන්ද කිසිම රහක් නැහැ . මේ මිනිස්සු දැන් ඉන්න ඕන දරු මුණුබුරන් සමග විවේක සුවයෙන්.
පාක්ෂිකයන් ඉල්ලන්නේ මහලේකම් කමට සාගල මැතිතුමාත් ජාතික සංවිදායක කමට අකිල මැතිතුමාත් පත් කරන්න කියලා.
නායකයා ඉවත් වෙන්නේ නැතුව අනික් සේරම අයින් වුණත් පක්ෂය ගොඩගන්න බැහැ.
මේ රටට කරපු අපරාධවලට හෙනගහනවා.
දවස් ගණනක් මෙය ලංකාවේ ප්‍රදානම පුවත වන්නේ කොහොමද? මෙය එජාප ප්‍රශ්නයක් නොවේද ?
පූර්ණ ප්‍රතිසංවිධානයකදී නායකයා ඉල්ලා අස්වෙන්නේ නැත්ද ?
මේ අය යැව්වා නම් හොඳයි... ළමයෙක් වත් හදාගන්න බැහැ. එජාපයත් ගොඩ, රටත් ගොඩ...
අපෝ දැන්වත් යන්න අපේ පක්ෂය විනාශ කරන්නේ නැතුව... ඔය අය පක්ෂයටවත්, රටටවත් කරපු කෙන්ගෙඩියක් නෑ. තව සෙට් එකක් ඉන්නවා.. ඔය ඔක්කොමලා අරන් යන්න... තවත් අපේ පක්ෂය දිය කරන්නේ නැතුව...
මේ සේරටම හෙන ගහනවා කරපු හොරකම් වලට... අහිංසක මිනිසුන්ගේ සල්ලිවලට කරපු දේට..
පක්ෂයක සභාපති විය යුත්තේ පක්ෂ නායකයා කියලයි මං හිතාගෙන හිටියේ. මේ කොහෙවත් ඡන්ද පදනමක් නැති පැරෂුට් කාරයින්ට ලොකු පුටුව දුන්නම පක්ෂයේ ඡන්ද පදනමට හානියක් වෙනවා කියල කාරක සභාව දන්නේ නැද්ද?
යනවා නම් රනිලුත් අරගෙනම ගෙදර යනවද..? පින් සිද්ද වෙයි !
මෙයා හිටියත් වැඩකුත් නැහැ. අයින්වෙලත් වැඩක් නැහැ. රනිල් අයින් වෙලා සජිත්ට දුන්නා නම්... මොනවා හරි වේවි.!!!
රනිල් ඉවත්විය යුතු තැනට මලික් ඉවත් වීමෙන් මේ රටට සෙතක් නොවේ...