රංජන් කස්තුරි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති ධුරය දරණ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යංශය යටතට පවරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.
මෙම ආයතන දෙක මුදල් අමාත්‍යංශය යටතේ පැවැති ආයතන දෙකක් වන අතර 2015 අගෝස්තු මාසයේ සිට ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මගින් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට පත් කරනු ලැබ තිබිණි.
කෙසේ වෙතත් අද යළිත් ජනාධිපතිවරයා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ආයතන මුදල් අමාත්‍යංශය යටතට පත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයෝ රංචුවට පැනල යන්න දීල ඉස්තාලේ දොරට ඉබ්බෝ දාල වැඩක් නැනේ අයිබොවන්...
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහලා.
මෙය සිදු කළේ මීට වසර දෙකහමාරකට කළින්... නැතිනම් රටට මෙහෙම වෙන්නේ නැහැ.
මේ පුද්ගලයා නම් පුදුම වෛරයකින් වැඩ කරන්නේ....
ඇති යාන්තන්... මහ බැංකුව දැනුයි බේරුනේ...
ඔක්කොම තක්කඩින් ගියාට පස්සේ "මම ඉස්කෝලේ" වැසුවා ආයුබෝවන්... කොහොමද මගේ රෝස්පාන් මොලේ....
පුලතිසියේ ජන අධිපති වුනා... දුක් විඳිනවා මෙයින් දනා..
දැන් නටන බයිස්කෝපයේ ජනතාවට පෙන්වන හොඳම ජවනිකාව. මේවා නොවේ හාල් සිල්ලර අඩුකරන්න.
මේ අය යවන්න ඔහොම දුම්මල ගහල මදි...
දැන් තේරෙනවද මේ කියන්නේ අඟේ ඉඳන් කන කන කෙනෙක් ගැන වග...
හරි හෝ වැරදි වුනත් එක ප්‍රතිපත්තියක් එක වැඩ පිලිවෙලක් තියෙන්න ඕනා. මේක එහෙම නොවෙයි උදේට කරන දේ හවසට වෙනස් කරනවා. ඉතිං රට ආපස්සට තමයි යන්නේ.
හොඳටම පරක්කුයි
දැන් අහක ඉන්න රවිව මේ ලෝක ලොකුම වංචාවට රවීව ඇල්ලුවේ නිරපරාදේ
ලංකා ඉතිහාසේ ලොකුම මුදල් වංචාවේ (අදට විතරක් නෙවේ, තව දශක ගානකට ගෙවන්න වෙන්න) හොරුන්ගෙන් හොරාකාපු සල්ලි, ඒවායින් ගත්ත අදායම, එයින් රජයට උන පාඩුව, අර්තිකෙට උන පාඩුව අය කර ගනු!
සියලු දේශපාලකයන්ගේ ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ බැංකු ගිණුම් වත්කම් අධීක්ෂණයට ආයතනයක් පිහිටුවා අයුතු දේ සිදුවේනම් දඬුවම් ලබා දිය යුතුයි .
අපි පොඩි කාලේ ඉන්නවන්ව අයින් කරන්න බැටරි ඇසිඩ් ගෑවා. අපේ රටේ මැරෙනකන් ඉන්න බලන් ඉන්න ඉන්නන්ව අයින් කරන්න බැටරි ඇසිඩ් ගහලත් බැහැ.
මේවා සෙප්පඩ විජ්ජා. මිනිස්සුන්ව ගොනාට අන්දන්න කරන වැඩ. දැන් එයාගේ තටු ගැලෙවුව කියල, දැන් එයා හොඳයි ඔහොම්මම අගමැති වගේ හිටපු දෙන් කියල පෙන්නන්න කරන වැඩ. අපි ඇඳෙයි ඕවට.
මහබැංකු හොරකම මේ රටේ ජනතාවට කරපු අපරාදය නීතිය කොහොම වුනත් දෙවියෝ මේ හොරුන්ට දඩුවම් දේවි මේ කණ්ඩායම ඉතිහසගතවෙනවා
විශ්වාස භංගය? දැන් ඉතින් 4 වෙනිදා වෙනකම් ඉන්නේ මොකටද?
"දැන් මේ කතා කරන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති හොරෙක් වගේනේ. මහා බැංකුවෙන් කවුරුත් කොල්ල කාල නැහැ අයුතු ලාභ ලබල මිසක්. ඒකටත් නඩු යනවා. අලාභය ගන්න සල්ලි බැංකුවල තියෙනවා දැනටමත් ආණ්ඩුවට අරන්. වත්කම් තියෙන්නෙත් මේ රටේ. සැකකාරයෝ දැනටමත් හිරේ. අර්ජුන් මහේන්ද්‍රන්ට රතු වරෙන්තුවක් තියෙනවා. නඩුව යනවා. එත් කෝ අර පරණ සිද්ධි වලට යුක්තිය?
ඔන්න රනිල් මොළ කාරයනම් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන්න හොඳ වෙලාව. ඔහුට ඡන්දෙ දීපු 62 ලක්ෂයෙන් 52 ලක්ෂයක්වත් ජනතාව කැමති වේවි තමන්ගේ නායකයට මෙහෙම කරන නිසා. පොහොට්ටුවේ කට්ටියත් අත් දෙකම උස්සලා සහාය දෙවි. මොකද ඒගොල්ලන්ගේ ඊළඟ ඉලක්කය ජනාධිපතිතුමා නිසා. වහාම දෝෂාභියෝගයක් ගේන්න.
වැඩ බැරි ටාසන්ගේ තවත් වික්‍රමයක්.
දැන් කියන්නේ විස්වාස භන්ගය පරාද කරනවා කියලනේ, එකෙන් කියන්නේ මහා බැංකුව කාපු එක වරදක් නෑ කියලා?
මොනවා උනත් මේ වෙලාවේ මේ දේ කිරීම හොඳ නැත. විස්වාස බංගය පෙනී පෙනී මේ කල දේ ඒකාබද්ධයට උදව් කිරීමක්. බංගයට පෙර හෝ පසුව මෙය කල යුතුව තිබුණා. නැගීමට උපකාර කල ඉනිමගට මේ විදිහට පයින් ගැසීම හොඳ නැත.
රනිල් මැතිතුමා කියන්නේ ආසියාවේ හොඳම මොලය. එතුමා අයින් කරන්නේ රට දියුණු කරාටද. රැකියා ලක්ෂ 4 ක් බිහි කරාටද.?
'රනිල් වික්‍රමසිංහ නමැති වියත් ,උගත් ලෝකප්‍රසිද්ධ නායකයෙකුට මේ කරන අපරාධ ඔහු ඉවසුවත් , දෙවියන්වත් නොඉවසාවී. ඔහුගේ ජීවිත කාලයේ සන්ධ්‍යා භාගයේ හෝ ඔහුට රට ගොඩ නගන්න ඉඩ නොදෙන්නේ රටේම ජනතාවගේ පවට විය හැක. ඔහු සතු ඉදිරි දැක්ම සහ හැකියාව මේ වසර තුනකින් දැකගත හැකි මැජික් සංදර්ශනයක් නොවේ.
"සමන්ත ප්‍රකාශ කරනු ලබන අදහස සිරිකොත මගින් මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලද අදහසකි". එහෙම නේද සමන්ත.?
මෙරට හදා ගන්න උවමනානම් පක්ෂ ගැන සිතන්නෙපා සුදුස්සා තෝරාගෙන සුදුසු ඇමතිකම දෙන්න. ආර්ථිකය හොදින් දන්නා කෙනෙකු මුදල් ඇමති කරන්න. නීති ක්‍ෂෙත්‍රය ගැන දන්නා නිපුනත්වයක් ඇති කෙනෙකුට අධිකරණ ඇමතිකම දෙන්න. පරණ හොරු ඇල්ලීමෙන් මෙරට දියුණු කරන්න බැහැ. හොරකම පගාව නැත්තටම නැති කිරීමෙන් රට හදන්න පුළුවන්. එමනිසා ප්‍රාදේශීය සභාවේ මිනින්දෝරු ප්ලෑනක් අනුමත කරගැනීමේ සිට කොන්ත්‍රාත්තු දීමේදී අල්ලස් ගැනීම නවතා දැමීමට පියවර ගන්න.
ඕක කරන්න තිබුනේ මුලදී. ප්‍රමාද වැඩියි.