(සුජිත් හේවාජුලිගේ)
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයයට පැය 12 ක කාලයක් වෙන් කිරීමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයින් තීරණය කර ඇත.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දිනක විවාදයක් වෙනුවෙන් මෑත ඉතිහාසයේ මෙතරම් දීර්ඝ කාලයක් වෙන් කරන පළමු අවස්ථාව මෙය වෙයි.
විවාදය ලබන 4 වැනිදා පෙරවරු 9.30 ට ආරම්භ වී රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳව කළ විමසුමකදී අදහස් දැක්වු කතානායක කරූ ජයසුරිය මහතා විවාදයට කාලය අවශ්‍ය නම් ලබා දීමට සුදානම් බව පැවසීය.
විවාදයේදී සියළු දේශපාලන පක්ෂවලට සාධාරණ කාලයක් වෙන් කරන බවද කී කතානායකවරයා ඉලෙක්ට්‍රොනික ක්‍රමය නැතිව පැරණි ක්‍රමයට විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට තීරණයක් ගෙන ඇතැයි ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පෙරමුණේ සියලුම සාමාජිකයින් විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට කර ඇති තීරණය මත විශ්වාසභංගය පරාජය වන ලකුණු පෙනෙන්නට ඇත. 4 වෙනිදාට පාසල් ළමුන්ට පාර්ලිමේන්තුව තහනම් කලාපයක් කරනවා නම් වඩා උචිතවෙන අන්දමට එම විවාදය අතරතුර සභා ගර්භය තුළ සුපුරුදු අන්දමේ "කුණු හරුප, විරෝධතා, කෑ ගැසීම්, බෙරිහන්දීම්, ඕසෙ දැමීම් පමණක් නොව ගුටි කෙළි සංදර්ශන පවා ඇතිවීමට හොඳටම ඉඩ ඇත. මේ අතර 29 වෙනිදා රාත්‍රියේ අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ජනපතිට සහ අගමැතිට විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වා ඇතිබව වාර්තා වෙයි. එහිදී ජනපතිවරයා සහ අගමැතිවරයා පැය 4කට ආසන්න කාලයක් සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී විශ්වාසභංගයේදී ජනාධිපති වරයාගේ පාර්ශ්වය ගන්නා පියවර ගැනද අනිවාර්යයෙන්ම කතා බස් කෙරෙන්නට ඇත. අවසානයේ ඇමති බිරිඳ වන වෛද්‍ය සුජාතා සේනාරත්න විසින් අගමැතිවරයාගේ ප්‍රියතම පානයක් වන කළු කෝපි ද පිළිගන්වා ඇති අතර, රාත්‍රී 11.30ට පමණ නායකයින් දෙදෙනාම "සියලුම එදිරිවාදිකම් අවසන් වූ බවක්" පෙන්වන විලාසයෙන් සිනාමුසු මුහුණින් යුතුව නික්ම ගොස් තිබේ. "සිනාවෙන් හෝ කතාවෙන් හෝ මිනිහෙක් මනින්නට බැරිබව" නම් අපි අසා ඇත්තෙමු.
කව්රු මොනවා කිව්වත් ජනතාව මෙයා කෙරෙහි කිසිම විශ්වාසයක් නැත. මේ වනතුරු රටට කරපු දෙයක් නැත. නමුත් පාර්ලිමේන්තු ගැත්තන්ට නම් බොහෝදේ කර ඇත. එමනිසා රනිල් අගමැතිකමින් විසිවී යාම ජනතාවගේ එකම පැතුමයි. මෙයා රටට කල එක හොඳ දෙයක් කාටද කියන්න පුළුවන්...
ජනාධිපති රනිල්ට සහය පල කරනවා කියල උදේ දාල තිබුණු දේ දැන් ටික වෙලාවක ඉඳලා නෑ. අැයි ඒ? ජනාධිපතිගේ තීරණය වෙනස් වෙලාද?
දවල් හීන දකින්න එපා. මේ විශ්වාස බංගය ගේන්නේ දිනන්න නොවේ පරදින්න බලාගෙන. අගමැතිට විරුද්ධව එ.ජා.ප.යේ ඡන්ද ගණන නිශ්චිත නැත. නමුත් අගමැතිට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද හයකුයි, දෙමළ ජාතික සංධානයේ ඡන්ද පහළවකුයි නිශ්චිතව ඇති නිසා සහ ජ.වි.පෙ. මෙන්ම මහින්දද ඡන්දය පාවිච්චි නොකරනු ඇත. සමහරවිට මුස්ලිම් කොන්ග්‍රසය අගමැතිට විපක්ෂ වුනොත් දෙකට කැඩිමේ ප්‍රවණතාවයක් ඇතිවන නිසා අගමැතිට පක්ෂව ඡන්ද හෝ ඡන්දය වර්ජනය කිරිමට ඉඩ ඇත. මේ විශ්වාස බංගය ඉතා සුළු වැඩි ඡන්ද සංඛ්‍යාවකින් එනම් වැඩි ඡන්ද එකකින් හෝ දෙකකින් ජයගනු ඇත. එය තමයි දෙපැත්තෙම අපෙක්ෂාව වනු ඇත්තේ. එනම් ආණ්ඩුවට තවදුරටත් ආණ්ඩු බලය පවත්වා ගෙන යාමත් විපක්ෂය තම බලය රටතුළ තහවුරු කර ගැනීම මගින් ඊළඟ මහ මැතිවරණයදී බලය ලබා ගැනීමට සූදානම් යන පණිවිඩය රටට දිමටය.
මහින්දට වඩා රනිල් හොඳයි.
රනිල් හොද නායකත්වයක් තිබෙන නායකයෙක්. නමුත් ඔහුගේ සංකල්ප යාවත්කාලින විය යුතු කාලය පැමිණ ඇත. උදාහරණයක් ලෙස "තරුණ සේවා සභාව" මෙහි තවමත් ක්‍රියාත්මක වන්නේ පරණ ක්‍රමයකී. ලංකාව අධ්‍යාපනය සහ වෘත්තීමය අතින් තවමත් ඉන්නේ 90 යුගයේ.. ස්වාධින ආයතන පිහිටුවට වැඩක් නැහැ ක්‍රියා පිළිවෙල වෙනස් නොවී.
අගමැතිතුමනි නිර්භයව මුහුණ දෙන්න. මිනිස්සු මොන අවලාද අපහාස කලත් ඔබත් ලංකා පුත්‍රයෙක්. ලංකාවේ වැඩිම ප්‍රභූ පවුල් පසුබිමක් තිබෙන රනිල් විශ්වාස භංගයෙන් අනිවාර්යෙන්ම ජයග්‍රණය කරනු දැකීම අපේ පැතුමයි.
අපරාදේ ලයිට් සහ වතුර වියදම්.
අගමැතිවරයා මුල්කරගෙන රජයට විරුද්දව ගෙනෙන විශ්වාසභංගය ගෙනෙන්නේ කව්ද කියා මුළුරටම දනිති.
ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක මුලික අංගයක් වන විශ්වාශ භංග යෝජනාවක් ගෙන එම රටට හොඳ දෙයක් මිස නරකක් නෙමේ. යු.ඇන් .පී යට ආශීර්වාදයක්. ඒ ඇයි කියලා පස්සේ තේරෙයි. ජනාධිපති ගැන නම් සතයක් වත් විශ්වාශයක් නෑ . ඒත් දිනුවත්, පැරදුනත් දිනන්නේ යු. ඇන්. පී එක බව හිතට ගත්තොත් හොඳයි. බලාගෙන ඉන්න. මේක යක්ෂයාගේ හෝරාව.
මම සිතන ආකාරයට ජාතික ආණ්ඩුව පිහිටුවීමේ මුලික අරමුණ එක්සත් ජාතික පක්ෂයේ බොහෝ තරුණ මන්ත්‍රීවරුන්ට අවබෝධ වී නොමැතිබව පෙනේ. කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව නිසා විශේෂයෙන්ම (ශ්‍රී ලංකා සහ එක්සත් ජාතික පක්ෂ ) රටට ජත්ත්න්තර වශයෙන් විශාල පිළිගැනීමක් තිබේ, ආර්ථිකය සක්තිමත් කිරීම මෙයින් සිදුවූ ප්‍රදාන කාරණාය. නමුත් මේ ජාතික ආණ්ඩුව කරගෙන යාමේදී විශාල වශයෙන් ප්‍රශ්ණ තිබුනත් මෙතෙක් කල් එය කරගෙන යාම අගමැති තුමා කටයුතු කල ආකාරය ඉතා වටිනේය.
මේ සඳහා නිදහස් පක්ෂයේ සහයෝගය ගත යුතුමය. එසේ නොවන හොත් අනාගතයේදී නව ව්‍යවස්තාව රට බෙදන හෝ කොටි ව්‍යවස්තාවක් බවට අන්තවාදී පක්ෂ විසින් විවේචනය කරනු ඇත. විස්වාස බංග යෝජනාවට කිසියම් නිදහස් පක්ෂයේ සහයෝගය නොලැබෙන්නේ නම් තනි එක්සත් ජාතික පක්ස රජයක් පිහිටු වීමට කටයුතු කල යුතුය. එවිට පක්ෂයට සහ පාක්ෂිකයට 100% අලුත් ප්‍රබෝධයක් ගෙන එනවා නොඅනුමානය.
උගත්කම, බුද්දීමත්කම සහ ඉවසීම ඔහුට තිබේද යන්න සහ සජිත්ගේ අතීත ක්‍රියාකලාපය අනාගත පක්ෂ නායකයා වීමට සහ මුළු රටේ නායකයා වීමට තිබේද යන්න යන්න ඉතා ගැබුරින් සිතා බැලිය යුතු කරුණකි. රටක අනාගතය භාර දිය යුත්තේ, විසේසයෙන්ම 21 වන සත වර්ෂයේ, මේ නුතන ලෝකයේ උගත් බුද්දිමත් කෙනෙකුටය. උගත්කම පසෙකලා ජනප්‍රිය වූ පමණින් පුද්ගලයකු පක්ෂයක හෝ රටක නායකයෙක් වීම සහ නුගත් නායකයන් ගන්න තීරණ ජනතාවට සහ රටේ අනාගතයට බොහෝසේ බලපානු ලැබේ.
මහා බැංකුව ගැන හිතනකොට මේක මොන කජ්ජක්ද ?
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්කල යුත්තේ මුළු පර්ලිමෙන්තුවටම විරුද්ධවයි. හේතුව මේ ඔක්කොම රට සහ ජනතාවගේ සම්පත් මංකොල්ල කන විනාශකාරී හොරු පිරිසක්. මේ මැට්ටන් නඩත්තු කරන්න මහජන මුදල් කොපමණ යනවද?
මේ ඔක්කොම බොරු. මහජනයාගේ අවදානය වෙන අතකට හරවන්න කරන කපටි වැඩ. විශ්වාස භංගය පරදිනවා.
මේ ඉහත මත ඉදිරිපත් කරපු අය දැකලා තියෙන්නේ කාසියේ එක පැත්තක් විතරයිනේ. කෝ අනිත් පැත්ත? මම වැඩිය කැමතියි මේකේ අනිත් පැත්ත දකින්න. ඒ දකින්නේ ඉතිහාසය තුළින්. මට පේන ප්‍රවණතාවය තමයි මේ යෝජනාව 4 දාට සාකච්ඡා කරන්න පටන් ගත්තු ගමන් මහවැලියේ වතුර ගලනවා වගේ ආණ්ඩු පක්ෂයෙන් අලි වදිනවා. ඒ කියන්නේ වලි අදිනවා. ඊට පස්සේ අනිත් පැත්තත් අන්තර් ජාල වේගයෙන් ප්‍රහාර එල්ල කරාවි. අවසාන ප්‍රතිඵලය දින නියමයක් නොමැතිව බංගය කල් යන තැනට කරුණු කාරණා යෙදේවි කියන උපකල්පනයයි.
මේ කුජීත ලාංකීය දේශපාලන ක්‍රමය තුල මහත්වරුන් ගැන බලාපොරොත්තුවක් නොමැති නිසා අර හොරාට වඩා මේ හොරා හොඳයි කියන්නට හෝ නරකය කියන්නට තරම් ලාංකික ඡන්ද දායකයින් අවාසනාවන්ත වී ඇත. මේ රට තවදුරටත් අපට වසන්නට සුදුසු රටක් නොවුවත් බුද්ධ දර්ශනය ජීවමානව අත් විදීමට වෙනත් රටක් නොමැති නිසා මෙහිම ඉපදී මෙහිම නැසෙන්නෙමු.
1977 දී බියගමින් රනිල් මහතා දේශපාලනයට පිවිසියේය. බියගම, කටුනායක, කොග්ගල, සීතාවක නිදහස් වෙළඳ කලාප බිහිකළේ මෙතුමායි. බියගම නගරයක් බවට හැරවුයේ රනිල් මහතාය. කඩුවෙල පාලම තනවා කොළඹ - ගම්පහ යාකලේ මෙතුමායි. තරුණ සේවා සභාව, අධ්‍යාපන විද්‍යා පීඨ ඇතිකළේ මෙතුමායි. හිටපු ජනාධිපතිතුමාගේ සමයේ අපෙන් අහිමිවූ විදේශ මාළු වෙළඳපල, ජී එස් පී ප්ලස් නැවත ලබා ගත්තේ මොහුයි. වත්මන් ජනාධිපතිවරයා පත් කර ගැනීමට තම පක්ෂයෙන් ඉඩ හසර ලබාදුන්නේ මෙතුමායි. ඒකාධිපතිවාදී රජයක් පෙරලා දැමුවේ මෙතුමායි. වත්මන් ජනාධිපතිතුමාට විදේශ රාජ්‍යයන් සමග සබඳකම් ඇතිකර ගැනීමට පසුබිම සකසා දෙන්නේ මෙතුමායි. පිනට ඇමතිකම් ලබාදීමට එකඟවී යහපාලන රජයක් අතිකිරීමට් එකඟ වුයේ මෙතුමායි. කන්න දීපු අත හපාකන දඩ බල්ලන් වැනි එම ඇමතිවරුන්ගේ කෙනහිලිකම් ඉවසා සිටින්නේත්, ප්‍රජාතන්ත්‍රවාදය මාධ්‍ය නිදහස ආදී සියල්ල විවර කර දුන්නෙත් රනිල් වික්‍රමසිංහ නම් උතුම් පුද්ගලයාය.