රෝවන් පෙරේරා
පුත්තලම නගර සභාවේ සභාපති තෝරා පත් කර ගැනීමෙන් පසු එජාප සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ආධාරකරුවන් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා වර්ධනය වීමට නොදී පාලනය කළ බව පොලිසිය කියයි.
මෙවර පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් මංත්‍රිවරු හත් දෙනෙක් ද, සහා ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් මංත්‍රිවරු හත් දෙනෙක් ද, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක් ද, ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙක් සහ ස්වාධීන කණ්ඩායමකින් මන්ත්‍රීවරු දෙදෙනෙක් තේරී පත්වූහ.
එම මන්ත්‍රීවරුන් අද රැස්වී නගර සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේදී මුස්ලිම් කොන්ග්‍රාසයෙන් නගරාධිපති ධූරය සඳහා පුත්තලම හිටපු නගරාධීපති කේ ඒ බායිස් මහතාගේ නම ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් අලී සබ්රි රහීම් මහතාගේ නම ද යෝජනා විය.
ඒ අනුව වයඹ පළාත් පාලන කොමසාරිස් රංජිත් ප්‍රේමලාල් ජයසිංහ මහතා ඉදිරියේදී රහස් ඡන්දයක් පැවැත්විණි. එම රහස් ඡන්දයෙන් ඡන්ද 11ක් ලබා ගත් කේ ඒ බායිස් මහතා නගර සභාවේ සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගැණිනි. එජාප මන්ත්‍රීවරයාට ලැබී තිබුණේ ඡන්ද හතක් පමණි.
උප සභාපති තේරීමේදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සුසන්ත පුෂ්පකුමාර මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ විජිත ප්‍රසන්න මහත්වරුන්ගේ නම් යෝජනා වූ අතර ඒ සඳහා පැවැති රහස් ඡන්දයෙන් සුසන්ත පුෂ්පකුමාර මහතා උප සභාපති ලෙස තේරී පත් විය.
මෙම නගර සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ අවස්ථාවට දැඩි පොලිස් ආරක්ෂාව යෙදවීමට පොලිසිය කටයුතු කර තිබිණි. සභාපති තෝරා පත් කැ ගැනීමෙන් පසු පක්ෂ ආධාරකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර පොලිසිය මැදිහත් වී එය සමතයකට පත් කළේය.
මෙවර පුත්තලම නගර සභාවට රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාගේ පක්ෂය එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ වැදුණු අතර නගර සභාවේ නගරාධිපති ධුරයට එජාපයෙන් නම යෝජනා වූ අලි සබ්රි මහතා රිෂාර් බදුර්දීන් මහතාගේ පක්ෂයේ නියෝජිතයෙකි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය ගන්න පොරකන්නේ, ජනතාවට සේවය කරන්න නෙමෙයි. තමන් පොහොසත් වෙන්න. ඒකයි බලයට ඔච්චර කෑදර.
කෝටි ගණනක් මහජන මුදල් වියදම් කර නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත. කවදාද අපි මේ සාපයෙන් මිදෙන්නේ
අනේ මේ ගහගන්නේ ජනතාවට සේවය කරන්න ලැබුනේ නැතිකමටනේ.
අපි නම් වාසනාවන්තයි... පව් රටේ වෙසෙන අහිංසක ජනතාවට යන කල ..