IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


මුල්‍ය අපරාධ හොයන්න ත්‍රිපුද්ගල මහාධීකරණයක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

‘‘ අධිකරණ නිර්මාණය කිරීමට බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි, අවශ්‍යනම්  පාර්ලිමේන්තුවට නව අධිකරණයක් නිර්මාණය කළ හැකියි. මෙම විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන්නේ රජයේ ආර්ථිකයට බලවත් පහරක් සිදු කළ සංකීර්ණ මූල්‍ය සහ ආර්ථික අපරාධ පිළිබඳව විභාග කිරීමට යැයි ’’ නීතිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. 

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතට එරෙහි විශේෂ පෙත්සම් හත විභාගයේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මේ බව කියා සිටියේය.

මෙම ත‍්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවන්නේ සංකීර්ණ මූල්‍ය සහ ආර්ථික අපරාධ පිළිබඳව විභාගයට ගැනීමයි.ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ලැබූ විනිසුරුවරුන් මීට පත් කරනු ලබනවා.මෙම අපරාධ මඟින් රටේ ආර්ථිකයට බරපතල හානි වෙනවා.සාමාන්‍ය ආකාරයට නඩු විභාගයට ගත හොත් අවුරුදු 19කට ආසන්න කාලයක් ගත වනවා.අනෙක් අතට දැනට සිටින විනිසුරුවරුන් යොදා මේ සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කළහොත් අනිත් නඩු විභාග පැවැත්වීමට බාධා එල්ල වෙනවා යැයිද අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා කීය.

යෝජිත ත‍්‍රි පුද්ගල මහාධිකරණ පිහිටුවීමේ විධි විධාන ඇතුළත් අධිකරණ සංවිධාන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පවසමින් මෙම පනත් කෙටුම්පත විශේෂ මන්ත‍්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරණයක අනුමැතියකින් අනුමත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය හා ඒකාබද්ධ විපක්ෂයේ නායක , පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා , හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ,ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උයද රෝහන් ද සිල්වා මහතා ඇතුළු හත් දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 14 ක් ගොනු කර තිබිණි.

මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක , ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ,  මුදල් රාජ්‍ය ඇමති ඉරාන් වික‍්‍රමරත්න  , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා , නිපුණතා සංවර්ධණ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන  , මහාචාර්ය සරත් විජේසූරිය , සමන් දේශප‍්‍රිය , ජයදේව උයන්ගොඩ , කේ.ඩබ්ලිව් .ජනරංජන ,ගාමිණී වියන්ගොඩ සහ ජගත් හේමචන්ද්‍ර යන මහත්වරුන් නීතීඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් මත මෙලෙස අතරමැදි පෙත්සම් ගොනු කළහ.

මෙම පෙත්සම් සහ අතරමැදි පෙත්සම්  අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ , සහ නලින් පෙරේරා යන මහත්වරුන් ගෙන සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා මෙසේද කීය.
‘‘ මෙම පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ කරුණු වලදී පැන නැගුණ ගැටළු 25 ක් සම්බන්ධයෙන් පිළිතුරු දීමට බලාපොරොත්තු වනවා.ඊට පෙර මහාධිකරණය නිර්මාණය වූ ආකාරය පිළිබඳව කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනවා.

1973 වසරේදී අපරාධ අධිකරණය බලය සහිත මුල් අවස්ථා අධිකරණයක් වශයෙන් මහාධිකරණය මුලින්ම නිර්මාණය වුණා.ඊට පෙර මුල් අවස්ථාව අපරාධ අධිකරණ බලය තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි.1978 නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව අධිකරණ වර්ග 3ක් පිහිටුවනු ලැබුවා.එනම් ශ්‍රේෂ්ඨාධිකරණය ,අභියාචනාධිකරණ සහ මහාධිකරණය 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වගන්තියේ මේ ගැන පැහැදිලිව සඳහන් වනව.ඒ අනුව පාර්ලිමේන්තුව විසිනුයි අධිකරණය නිර්මාණය කරන්නේ.පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් අලූත් අධිකරණයක් නිර්මාණය කළ හැකියි.


අද අප රටේ මහාධිකරණ වර්ග දෙකක් දක්නට ලැබෙනවා.එනම් ජනරජයේ මහාධිකරණය සහ පළාත්බද මහාධිකරණයයි.ඉහළම අධිකරණ බලයක් සහිතත අධිකරණය මහාධිකරණයයි. මුල් අවස්ථාවේදී මහාධිකරණයට විනිසුරුවරුන් නම් කළේ අගවිනිසුරුවරයායි.17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් අගවිනිසුරු සතු එම බලය අධිකරණ සේවා කොමිසමට පවරනු ලැබුවා.
ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු ලෝකයේ  ඕනෑම තැනක වරදක් කළොත් ඊට දඬුවම් ලබා දීමට මහාධිකරණයට බලය තිබෙනවා.

මහාධිකරණය නඩු විභාගයට ගන්නා ආකාර 3 ක් ගැන සඳහන් වෙනවා.එනම් ජූරියක් නොමැතිව මහාධිකරණ විනිසුරුවරයා හමුවේ නඩු විභාගයට ගැනීම , ජූරියක් සහිතව මහාධිකරණ විනිසුරුවරයා හමුවේ නඩු විභාගයට ගැනීම , ජූරියක් නොමැතිව ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමයි.
මින් ත‍්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාගයට ගනු ලැබූ එක් ප‍්‍රසිද්ධි නඩුවක් තමයි ‘‘ ලියනගේ එදිරිව රැජින නඩුව ’’.

එය රජය පෙරළීමේ කුමන්ත‍්‍රණය සම්බන්ධ නඩුවක්.එකල ත‍්‍රි පුද්ගල මහාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම ආදිය සිදු කළේ පාර්මේන්තුව මඟින්.එම තත්ත්වය 1988 අංක 21 දරණ පනතින් සංශෝධනය කර පාර්ලිමේන්තුව සතු බලය අගවිනිසුරුවරයාට ලබා දුන්නා.

එම පනතේ 138 වගන්තියේ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු පැවරිය යුතු නඩු වර්ග මොනවාද කියා පැහැදිලිව සඳහන් වනවා.ඊට අමතරව පෙත්සම්කරුවන්ගේ , නීතීඥ මහත්වරුන් ම්ලේඡ නීතීඥ වශයෙන් හඳුන්වන නීතියද මෙහි සඳහන් වෙනවා.
ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු දිනපතා විභාගයට විභාගයට ගනු ලබනවා.එහිදී නීතීඥවරුන්ට පෞද්ගලික හේතු මත දින ලබා ගන්න බැහැ.

මෙම නව අධිකරණ සංවිධාන පනතින් පිහිටුවන්නේ නව උසාවියක් නොවෙයි, තියෙන උසාවියක් ත‍්‍රීපුද්ගල මහාධිකරණයක් බවට පත්කෙරෙනවා.පෙත්සම්කරුවන්ගේ නීතීඥවරයෙක් මීට පෙර චෝදනා කළා මෙම පනත නොවෙයි ගේන්න හිටියේ වෙනස් එකක් කියලා පළමුව විශේෂ මහාධිකරණ සභාව කියලා සභාවක් පිහිටුවීමට අවශ්‍ය කරුණු අධ්‍යයනය කළා.ඊට අදාළ ලිපි ගොනුව මෙයයි.නමුත් මෙය නොවෙයි ,මෙය මෙම පනත් කෙටුම්පත වෙනත් එකක්.මෙම පත් කෙටුම්පතෙහි 6 වැනි කාර්ය පාටිය ඊට අදාළ නඩු වර්ග පිළිබඳව සඳහන් වෙනවා.
 
 

 



අදහස් (7)

මුල්‍ය අපරාධ හොයන්න ත්‍රිපුද්ගල මහාධීකරණයක්

sirimal Monday, 19 March 2018 02:40 PM

ඇති යාන්තන්... දැන් ඔහොම දෙයක් පත් කරන්න අවසරයක් නීති පොතේ නෑ කියලා කට්ටිය උසාවි යයි.

:       25       191

Gihan Monday, 19 March 2018 03:29 PM

අතරමැදි පෙත්සම ගහපු කට්ටියගෙන්ම හිතා ගන්න පුළුවන් මේක මොන ජාතියේ අධිකරණයක්ද කියලා.

:       689       343

erdi Monday, 19 March 2018 05:40 PM

මොනා පිහිටෙව්වත් වැඩක් නෑ රටේ මිනිස්සු හැදෙන්නේ නැතුව. දවසින් දවස රට නරක පැත්තටමයි ගමන් කරන්නෙ. මිනීමැරුම් මත්ද්‍රව්‍ය දුරාචාරය ඉහවහා ගිහින්. රටේ පාලකයන්ට රට හෙන ගැහැව්වත් වැඩක් නෑ ඒ අයගේ මඩිය තරවෙනවානම්.

:       0       262

sumal pereraTuesday, 20 March 2018 12:24 AM

එර්දි, ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ගේ විතරක් නෙමේ . අපේ රටේ අධිකරණය සහ විනිසුරන් ගේ විශාල ප්‍රශ්නයක් තියනවා.

:       1       69

ashan Monday, 19 March 2018 07:02 PM

ගිහාන් මුල් පෙස්සම් ගහපු අයගෙන් පේන්නැද්ද මේකට විරුද්ද වෙන්නෙ ඇයි කියල

:       18       179

Indhika Tuesday, 20 March 2018 02:01 AM

මහාධිකරණ, කමිටු එහෙම පත් කරන පත් කිරිල්ලට ලංකාවේ හැම කෙනෙක්ටම තනතුරක් දෙන්න වෙයි වගේ අනාගතයේදී. ලංකාවේ මිනිස්සු ගානටම ඕව පත් කරනවා වගේ මට නම් තේරෙන්නේ.

:       7       2

සතයපාල Tuesday, 20 March 2018 02:01 AM

අවුරුදු තුනක් සම්පුර්ණයී තවම උසාවී පිහිටුවන්න තටමනවා නඩු අහලා තීන්දු දෙනවිට මේ ආණ්ඩුව තියෙන එකක් නැහැ. ඊළගට එන ආණ්ඩුවත් හොරු රකින එකක් හරි හොරුන්ගේම එකක් හරි වෙයි. ලංකාවට අබ සරණයි.

:       0       149

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31515 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11067 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1070 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site