IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින  තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය. එය සමූහයේ මේ දක්වා කර ඇති වඩා අභිලාෂකාමී ආයෝජනවලින් එකක් වේ. රුපියල් බිලියන 10 ක ප‍්‍රාග්ධන වියදමක් සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන් 900 කට ආසන්න සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසුම් කර ඇති මෙම නව පහසුකම, ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවන්හි ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා හේමාස් හි කැපවීම අවධාරණය කරයි. මෙම මුලපිරීම සමූහයේ ඉදිරි වර්ධන උපාය මාර්ගයේ ප‍්‍රධාන අංගයක් වන අතර, එය සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි.

 " සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ අනාගතයට නව අරුතක්” යන තේමාව යටතේ පැවති මෙම අවස්ථාවට ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන්, උපදේශකයින්, අධ්‍යක්ෂ මණ්ඩලය සහ හේමාස් සමූහ නායකත්ව කණ්ඩායමේ සාමාජිකයින් ද සහභාගී විය.

මෙම ව්‍යාප්තිය සමග හේමාස් කැපිටල් රෝහල අංගසම්පූර්ණ තෘතීයික සත්කාර පහසුකමක් බවට පරිවර්තනය වනු ඇත. එසේම නේවාසික ඇඳන් 150 දක්වා එහි ධාරිතාව දෙගුණ කරන අතර නවීන හදිසි සත්කාර ඒකක, ශල්‍යාගාර සහ විශේෂිත විශේෂඥ සේවා සපයන මධ්‍යස්ථාන හඳුන්වා දීම මෙහි අභිලාෂයයි. 
අති නවීන හෘද සත්කාර කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන මෙම නව ව්‍යාප්තිය හේමාස් හි කැත් ලැබ් සහ හෘද රෝග ප‍්‍රතිකාර පුළුල් කිරීමේ අභිප‍්‍රාය ශක්ත්මත් කරමින් හෘද ප‍්‍රතිකාර සඳහා විශ්වාසනීය ආයතනයක් ලෙස එහි විශිෂ්ටත්වය සහතික කරයි.

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ප‍්‍රමිතීන් ඉහළ නැංවීම

ව්‍යාප්ත කරන ලද මෙම රෝහල් ජාලය ජාතික සෞඛ්‍ය සේවා අංශයට ප‍්‍රථම වරට හඳුන්වාදීම්  රැසක් එක් කරනු ඇත

- නිරවද්‍ය හෘද ප‍්‍රතිකාර සඳහා අති නවීන හෘද සැත්කම්. 
- පුළුල් කරන හෘද රෝග ප‍්‍රතිකාර සහ හදිසි හෘද සත්කාර පහසුකම්. 
- අවම කැපුම්, වේගවත් සුවය සහ රෝගීන් හට වැඩිදියුණු කළ ආරක්ෂාව ලබා දෙන මෞත‍්‍ර ලිංගික රෝග සහ විකලාංග වෛද්‍ය විද්‍යාවේ රොබෝ සැත්කම්.
- ස්කෝලියෝසිස් ප‍්‍රතිකාර කිරීම සහ එන්ඩොස්කොපික් කොඳු ඇට පෙළ සැත්කම් ඇතුළුව පුළුල් කොඳු ඇට පෙළ සත්කාර.
- සංකීර්ණ මාංශ පේශි තත්වයන් සහ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ අවශ්‍යතා යන දෙකටම සහාය වන කැපවූ විකලාංග කම්පන සහ ක‍්‍රීඩා වෛද්‍ය ඒකකයක්.
- අවම කැපුම්, සහ රොබෝ ශිල්පීය ක‍්‍රම ඇතුළත් උසස් මට්ටමේ වකුගඩු සහ ආමාශ ආන්ත‍්‍රික සැත්කම්.

ප‍්‍රතිකාරයෙන් ඔබ්බට - නවෝත්පාදන මධ්‍යස්ථානයක්

හේමාස් රෝහල් කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස් මහතා මෙම උත්සවයේ දී මෙසේ පැවසීය.
" මෙම ව්‍යාප්තිය මගින් රෝහලකින් ඔබ්බට ගිය අධ්‍යාපනය සහ නවෝත්පාදනයේ කේන්ද‍්‍රස්ථානයක් බිහි කිරීම අපේ සැලසුමයි. මෙම පහසුකම මගින් ශ‍්‍රී ලංකාවේ පළමු රොබෝ සැත්කම් පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙනු ඇති අතර, එම`ගින් අනාගත පරපුරේ වෛද්‍යවරුන්ගේ උසස් ශල්‍ය කුසලතාවන් ඔප්  නංවනු ඇත. එය පර්යේෂණ, ඩිජිටල් සෞඛ්‍ය ඒකාබද්ධ කිරීම සහ දැනුම බෙදාගැනීමේ හවුල්කාරිත්වයන් සඳහා ද සහාය වනු ඇති අතර, රෝහලේ පරිශ‍්‍රයෙන් පිටතට විහිදුනු ප‍්‍රතිලාභ ලබා දෙන බව සහතික කරයි..”

රෝගීන්ට, වෛද්‍යවරුන්ට සහ ජාතියට සේවය කිරීම

පුළුල් ධාරිතාව සහ පුරෝගාමී සේවාවන් සම`ගින්, හේමාස් කැපිටල් රෝහල, ශ‍්‍රී ලාංකිකයින්ට විශේෂිත සත්කාර සඳහා විදේශගත වීමේ අවශ්‍යතාවය අවම කරනු ඇත. එසේම ජාතික සෞඛ්‍ය පද්ධතියට ඇති බර අඩු කරමින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වෛද්‍යවරුන්ට වේදිකාවක් සපයයි.

හේමාස් සමූහයේ සෞඛ්‍ය සේවා අංශයේ සභාපති මුර්තසා යුසුෆ්අලි  මහතා  තවදුරටත් මෙසේ පැවසීය.

 "මෙම ව්‍යාපෘතිය මගින් හේමාස් රෝහල් ජාලය  ශ‍්‍රී ලංකාව කෙරෙහි දක්වන ඉහළ කැපවීම පිළිබිඹු කරයි . නව රැුකියා අවස්ථා නිර්මාණය කිරීම, ප‍්‍රජාවන් වෙත සෞඛ්‍ය සේවා ප‍්‍රවේශය ප‍්‍රවර්ධනය කිරීම සහ අප දේශය, නැගී එන කලාපීය සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස ස්ථානගත කිරීම මෙමගින් සිදුවනු ඇත."

හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී අශිෂ් චන්ද‍්‍රා මහතා මෙසේ පැවසීය

"ඖෂධ, ශල්‍යකර්ම සහ රෝග විනිශ්චය බෙදාහැරීම සහ නිෂ්පාදනය මෙන්ම ප‍්‍රාථමික, තෘතීයික සහ නිවෙසේ දී සත්කාර යන සියලූ අංශවල ශක්තිමත් පැවැත්මක් ඇති හේමාස් ශ‍්‍රී ලංකාවේ විශාලතම සෞඛ්‍ය සේවා සමූහයයි. සෑම ශ‍්‍රී ලාංකිකයෙකුගේම ජීවිත සවිබල ගැන්වීමේ අපගේ අරමුණ පෙරදැරිව, සැමට විවෘත සහ දැරිය හැකි මිලකට ගෝලීය මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අපි කැපවී සිටිමු. ප‍්‍රතිඵල සහ රෝගීන් හට නව මානයක අත්දැකීම එක් කරන නවතම ඩිජිටල් නවෝත්පාදනයන් සහිත මෙම අති නවීන පහසුකම මගින් උසස් තත්ත්වයේ සත්කාර සඳහා මග සකස් කිරීමේ අපගේ දැක්ම පිළිබිඹු කරයි”




අදහස් (1)

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

Kasun Sunday, 16 November 2025 10:48 PM

සල්ලි නෑ, සල්ලි නෑ, ඒ නිසා අපිට ඕන නොමිලේ වියදම් හෝ අඩු වියදම් අර්ධ රජයේ රෝහල්. හේමාස් ප්‍රජාවට ළඟා වීමට හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 241 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 391 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site