
“රටම එකට” මත්ද්‍රව්‍ය මැඩලීමේ ව්‍යාපෘතිය මේ වනවිට රටපුරා නැවතත් සක්‍රිය ලෙස ආරම්භ වී ඇත. භූමියේ සේම භූමියෙන් එපිට මහමුහුදේ ද වැටලීම් අඛණ්ඩව අරක්ෂක අංශ විසින් සිදුකරන්නේ මෙකී මහා මත් ජාවාරම මැඩ පැවැත්වීමේ අරමුණු ඇතිවය. ඒ අනුව පසුගිය සතියේ දී මත්ද්‍රව්‍ය වැටලීම් දෙකක් මහමුහුද මැද නාවික හමුදාව විසින් සිදුකළේය.
අරුම පුදුම හෙරොයින් තොගය
පසුගිය සතියේ ආරම්භයේදී ම නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේදී ධීවර යාත්‍රාවක් අත් අඩංගුවට ගැනිණ.හෙෂාන් බබා නමැති එම ධීවර යාත්‍රාවේ පුද්ගලයන් හය දෙනෙකු සිටි අතර, සැකකටයුතු මලු 96ක් විය.ඒ අනුව අදාළ යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ආ අතර, අදාළ මලු පරික්ෂා කිරීමේදී එම මලුවල කිලෝ ග්‍රෑම් 102 කට වැඩි ප්‍රමාණයක් හෙරොයින්ද, ග්‍රෑම් 900කට අධික කොකේන් ද විය.ඒ අනුව අදාළ සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කෙරිණි.
එහිදී සැකකරුවන් සඳහන් කරන පරිදි දින 22 ක කාලයක් මුහුදේ සිටි බවත්, එහිදී ඩුබායි හි සිටි අයකු අමතා ඉරාන නැවකින් අදාළ හෙරොයින් ලබාදුන් පසුව භාර ගන්නා ලෙසත් දන්වා ඇත.ඒ අනුව අදාළ හෙරොයින් මලු ටික රැගෙන මාළු කිලෝ 8000ක ප්‍රමාණයක් ඇල්ලු බවත්, එම සැකකරුවන් ප්‍රකාශ කර ඇත. තමන්ට ඩුබායි සිට ඇමතුම් ගත් පුද්ගලයා හඳුනනවා දැයි ස්කීපර්වරයා ගෙන් විමසූ කළ සැකකරු පවසා ඇත්තේ -ඔහුව හඳුනන්නේ නැති බවත්, ඒ ඇමතුම වට්සැප් මාර්ගයෙන් ගෙන වීඩියෝ හරහා තමන්ගේ (ස්කීපර්ගේ) මුහුණ බැළුෑ බවත්, තමන්ද කතා කළ පුද්ගලයාට කැමරාව විවෘත කර මුණ පෙන්නන්නැයි කියූ විට “උඹට ඒවා වැඩක් නෑ, කියන වැඩේ කරපන් ”යැයි කියා බැණ වැදුණු බවත්, සැකකරුවන් පවසා ඇත.
ලණුවක් දුන්නා...
කෙසේ වෙතත් සැකකරුවන් ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේ දී පවසා ඇත්තේ අපුරු කතාවකි. අදාළ මලු ටික රැගෙන යන ලෙසත්,“නේවි එක බැලන්ස්” යැයි කී බවත් ස්කීපර්වරයාට ඩුබායි සිටි පුද්ගලයා පවසා ඇත.එය කියු සැණින් තමන්ට සැකයක් ආ බවත්, මෙය ලණුවක් දැයි සිතුණු බවත්, සැකකරු පොලිසියට පවසා ඇතැයි සඳහන් වේ.ඒ අනුව අදාළ මත් කුඩු තොගය රැගෙන එන අවස්ථාවේ තමන් ඇතුළු පිරිස නේවි එකට කොටු වූ පසුව මෙය ඔවුන්ව කොටුකර දීමක් බව තේරුම් ගිය බවත්, එම ස්කීපර්වරයා දක්වා ඇත.
කවුද ඇන්දුවේ? ඇන්දුනේ?
මෙම ගමන සඳහා බෝට්ටුවට කීයක් දුන්නා දැයි විමසූ විට ස්කීපවර්වරයා පවසා ඇත්තේ කෝටි 5 ක් පොරොන්දු වූ පසුව ලක්ෂ තුනක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවූ බවයි.
මෙම සිදුවීම ප්‍රශ්න ගොඩක් ඇතිකළ අවස්ථාවක් විය.ඉන් පළමු ප්‍රශ්නය වන්නේ ඉරාන නැවකින් කිලෝ 103ක් පමණක් ලබාදුන්නේ ඇයි කියාය.ඉරාන යුද්ධයට පෙර එය සිදුවූවත් ඉරාන නැවකින් අඩුම වශයෙන් එළියට දෙන්නේ කිලෝ 250ක් පමණ ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයකි.ජාත්‍යන්තර මුහුද තුළ මෙවැනි සුළු ගනුදෙනුවක් සිදුවිය හැකි බව මත් කුඩු ජාවාරම ගැන දන්නා ඕනෑම අයකු දන්නා රහසකි.එසේ නම් මේ බෝට්ටුවට කුඩු කිලෝ 103 පමණක් ලබාදුන්නේ ඇයි.
සැකකරුවන් සඳහන් කළේ දින 22 ක කාලයක් මුහුදේ සිටි බවත්, ඒ අනුව ඩුබායි හි සිටි අයකු අමතා ඉරාන නැවකින් අදාළ හෙරොයින් ලබාදුන් පසුව භාර ගන්නා ලෙසත් දන්වා ඇත.ඒ අනුව අදාළ හෙරොයින් මලු ටික රැගෙන මාළු ඇල්ලු බවත්, ඒ අනුව මාළු කිලෝ 8000ක ප්‍රමාණයක් ඇල්ලු බවත්, එම සැකකරුවන් ප්‍රකාශ කර ඇත.
දැනට ලැබෙන තොරතුරු අනුව මේ බෝට්ටුව සඳහා කිලෝ 103ක් ලබා දුන්නාට තවත් කිලෝ 500 කට අධික ප්‍රමාණයක් වෙනත් බෝට්ටු හරහා ගොඩට ඇද ඇති බව දැන් දැන් විමර්ශන හරහා හෙළිවෙමින් ඇත.එසේ නම් පැහැදිලිවම පෙනෙන්නේ මෙම බෝට්ටුව සඳහා කුඩා ප්‍රමාණයක හෙරොයින් ලබාදී මේ පිරිසව මුළාකර නාවික හමුදාවට කොටුකර දී ඉතිරිය පැන්නුවා යන්නද? එසේ නම් හැමෝම දැනගෙන අවබෝධයෙන් එය සිදුකළ දෙයක් කියාද? ඒ නිසා දැන් ප්‍රශ්න කිහිපයක් ඇත.මේ මෙහෙයුම කාගේ සහයෙන් සිදුකළ දෙයක්ද?අතුරුදන් වූ ඉතිරි මත්කුඩු තොගය කවුරුන් විසින් කුමන ප්‍රදේශයකට රැගෙන ගියාද යන්නය.
තවත් බෝට්ටු දෙකක් කොටුවෙයි!
මේ අතර පසුගිය අඟහරුවාදා රාත්‍රියේ නාවික හමුදාව විසින් තවත් බෝට්ටු දෙකක් දකුණු ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගැනිණ. එම බෝට්ටු අත් අඩංගුවට ගත්තේ ද ඔවුන් ද මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සහභාගි පිරිසක් ලෙසය.
මෙහිදී ප්‍රථමයෙන්ම අත් අඩංගුවට ගන්නේ ඉෂානි දුව නමැති බෝට්ටුව වන අතර, පසුව අත් අඩංගුවට ගන්නේ හංසන නමැති බෝට්ටුවය.ඒ බෝට්ටු දෙකේම සිටි පිරිස 10 දෙනෙකි.
මේ වසරේ ලොකුම මත්ද්‍රව්‍ය සහ ආයුධ වැටලීම
අත් අඩංගුවට ගත් හේෂානි දුව යාත්‍රාවේ තිබී නාවික හමුදාව විසින් විශාල මලු කිහිපයක් සහ ආයුධ කිහිපයක් සොයාගැනීමට පොලිසියට මෙහිදී හැකිවිය. එහෙත් අනෙක් යාත්‍රාවේ කිසිවක් තිබුණේ නැත.කෙසේ වෙතත් අවසානයේ අදාළ බෝට්ටු දෙක අත් අඩංගුවට ගෙන පසුව බ්‍රහස්පතින්දා උදෑසන දික්ඕවිට වරායට රැගෙන ආවේය.එසේ රැගෙන විත් පරීක්ෂා කිරීමේදී අයිස් කිලෝ 478 කුත් හෙරොයින් කිලෝ 176කුත් වශයෙන් මත්කුඩු කිලෝ 654 ක් සොයාගත්තේය.එසේම ඊට අමතරව පිස්තෝල අටක්, ටී56 ගිනි අවි දෙකක් සහ එම් 16 ගිනි අවියක් ද විය.
සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී පැවසුවේ ඉෂානි දුව යාත්‍රාව මුහුදු ගොස් ඇත්තේ පසුගිය ජනවාරි 8 දා බවය.එසේ ගොස් ඔවුන් මාස දෙකක කාලයක් මුහුදේ සිට ඇති අතර, ඒ අතරතුර කාලයේ මෙම අයිස් සහ හෙරොයින් ලබාගෙන ඇත්තේ අවස්ථා දෙකක දී ඉරාන නැව් දෙකකිනි.
පළමු අවස්ථාවේ පැමිණි නැව විසින් කිලෝ 200ක් ද පසුව පැමිණි නැවෙන් කිලෝ 400ක් ද වශයෙන් ලබාදී ගොස් ඇත. එසේ සිටින කාලයේදී ඔවුන් දැඩි ආහාර හිඟයකට මුහුණ දී ඇති අතර, ඒ අනුව හංසන නමැති යාත්‍රාව පසුගි මාර්තු 4 දා සහය පිණිස මුහුදු ගොස් ඇත.එලෙස ගමන් කළ යාත්‍රාවේ ස්කීපර්වරයා මෙම ජාවාරාමේ මහමොළකරු බවත්, ඔහුට ලක්ෂ 30ක් ජාවාරම්කරුවන් විසින් ලබාදී ඇති බවත්, පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිදරව් වී ඇත.ඒ අනුව අත් අඩංගුවට ගත් ජාවාරම්කරුවන් වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්්‍යාංශය වෙත ලබාදී ඇත.
ඒ අනුව මේ මාසයේ මුල් සති 02 තුළ මත්ද්‍රව්‍ය සොයා ගැනීම් කිලෝ 1000 කට ආසන්න බව සඳහන් වේ.එහෙත් ප්‍රශ්නය වන්නේ එලෙස අල්ලන විටත් තවමත් මෙම ජාවාරම සිදුවීමය. කෙසේ වෙතත් ජාවාරම්කරුවන්ට ලොකුම ගැටලු දෙකකට දැන් මුහුණ පා ඇත. ඒ ඉරාන ඇමරිකා යුද්ධයයි.ඒ නිසා දැන් ඉරාන නැව් එන්නේ නැත.අනෙක නම් අප්‍රේල් මාසයෙන් පසුව ඇතිවෙන වාරකන් කාලයයි.ඒ කාලයටද නැව් එන්නේ නැත.එසේ නම් ඉදිරියේ දී මත්ද්‍රව්‍ය හිඟයක් ඇති වේද? නැත.ඒ අල්ලනවා හා සමානව හොර පාරෙන් තවමත් මත් ජාවාරම සිදුවන නිසාය.
ගයාන් ගාල්ලගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd