
සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් පාරිසරික මෙන්ම ආගමික වශයෙන්ද ලෝක උරුමයක් ලෙස ගෞරවයට පාත‍්‍රවූ ශ්‍රී පාදය ආශ‍්‍රිත සංවේදී පරිසර පද්ධතියේ කසල එක් රැස්වීමේ ගැටලූව නිරාකරණය කිරීමෙහිලා හැටන් - නල්ලතන්නි මාර්ගය හා උඩ මළුව ආශ‍්‍රිතව මහජන දැනුවත් කිරීමේ පුවරු 11 ක් සමග ප්ලාස්ටික් සහ පොලිතින් ක‍්‍රමානුකූලව බැහැරකිරීමට කසල බැහැර කිරීමේ බඳුන් 18 ක් ස්ථාපිත කොට ඇත. පසුගිය වසරේ ශ්‍රී පාද වන්දනා සමය මුල්කර ගනිමින් සියපත ෆිනෑන්ස් පීඑල්සී ජේ්‍යෂ්ඨ කළමනාකාරීත්වය හා ප‍්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව නැමදුමෙන් පසු ඇමදුම යන තේමාව පෙරදැරිව ශ්‍රී පාද ස්ථානය ආශ‍්‍රිත පරිසරයේ කසල එක් රැස් කොට පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කළ අතර ඒ හා සමගාමීව මෙවර මෙම මහජන දැනුවත් කිරීමේ පුවරු සහ කසල බැහැර කිරීමේ බඳුන් ස්ථාපිත කෙරිණ. සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ පරිසරය සුරක්ෂිත කිරීමෙහිලා දියත්කොට ඇති ”සියපතෙන් මිහිකතට” තිරසර සමාජ සත්කාරක වැඩසටහන යටතේ මෙම ව්‍යාපෘතීන් සිදුකෙරිණ.
ගෞතම ශ‍්‍රී පාද ස්ථානාධිපති අති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි මස්කෙළිය ප‍්‍රාදේශීය සභාවේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අවසරය හා අධීක්ෂණය යටතේ සියපත ෆිනෑන්ස් පීඑල්සී ප‍්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවාවිතාරණ මහතාගේ මෙහෙයවීමෙන් වාර්ෂිකව ශ්‍රීපාද සමයේ වන්දනාවේ යන බැතිමතුන් වැඩිවශයෙන් එක් රැස්වන ස්ථාන ඉලක්ක කරගනිමින් කසල අනිසි ලෙස බැහැර කිරීමේ දුර්විපාකත් පරිසරය සුරැකීමේ අගයත් නිර්මාණශීලී ආකාරයෙන් වටහා දෙමින් මෙම දැනුවත් කිරීම් පුවරු සහ කසල බැහැර කිරීමේ බඳුන් ස්ථාපිත කෙරිණ.
සියපත ෆිනෑන්ස් පීඑල්සී ප‍්‍රධාන විධායක නිලධාරී මතීෂ හේවාවිතාරණ මහතා මෙම ප‍්‍රජා සත්කාරය පිළිබඳ අදහස් දක්වමින් ”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම ජල පෝෂක ප‍්‍රදේශයක් වන ශ්‍රී පාදය ආශ‍්‍රිත සංවේදී පරිසර පද්ධතිය අප රටට ආවේණික මෙන්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණදී ඇති ශාඛ සහ සත්ත්වයන් රැසක් ජීවත්වන ජෛව විවිධත්වයෙන් සුවිශේෂී රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම් කොට තිබෙනවා. ශ්‍රී පාද රක්ෂිතයට විශාල තර්ජනයක්ව පවතින ප්ලාස්ටික් සහ පොලිතින් ක‍්‍රමානුකූලව බැහැරකිරීමට හුදෙක් කසල බඳුන් තැබීමෙන් ඔබ්බට ගොස් පරිසරය කසල දමා විනාශ නොකරමු යන ජනමතය ගොඩනැගීමේ අරමුණෙන් අප මෙම දැනුවත් කිරීමේ පුවරු සවි කළා. අව් වැසි මධ්‍යයේ පහළ සිට ශ්‍රී පාද ස්ථානය දක්වා අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙනයමින් ඉතා වෙහෙසකර දින ගණනාවක් පසුකරමින් මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට වෙහෙසුනු සැමට මා අප සමාගම වෙනුවෙන් කෘතවේදී ස්තූතිය පිරිනමනවා. ඉදිරියේදී ශ්‍රී පාද අඩවියත් එම සංවේදී පරිසර පද්ධතියත් මතු පරපුරට සුරක්ෂිත කරන්නට තවත් බොහෝ දේ අප විසින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසීය.
2005 වසරේ සිට වගකීම් සහගත මූල්‍ය සේවාවක නියැලී සිටින සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, වගකීම් සහගත ආයතනයක් ලෙස ශ්‍රී පාදය වැනි වටිනා පාරිසරික හා සංස්කෘතික උරුමයන් ඉදිරි අනාගතය වෙත තිරසාරත්වය සමග දායාද කිරීමට අත්වැල් බැඳගන්නා ලෙස සියළු ශ්‍රී ලාංකිකයන් වෙත ආරාධනා කර සිටියි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd