
හසිත කියන්නේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්... අවුරුදු තුනක් පිට පිට ලකුණු 1000 ඒවා ගහලත් කඩුලු 50 වඩා එක සීසන් එකක අරගෙනත් ඔහුව A කන්ඩායමටවත් තෝරා ගන්නේ නැ.
මේ ගැන ඔහු ඉන්නේ හුගාක් කලකිරීමෙන්.. ඔහුගේ යහළුවා ට්‍රෙවෝ වගේම කෝච් පවා ඉන්නේ හසිතට කරන මේ අසාධාරණය ගැන කණගාටුවෙන්.
ඔය අතරේ සුනිමල් කියලා ක්‍රිඩා මාධ්‍යවේදියෙක් මේ හසිතට වෙන අසාධාරණය ගැන දිගින් දිගටම පත්‍තර වලට ලියනවා. හැබැයි ඉන් කිසි ඵලක් වෙන්නේ නෑ.
මේ අතරේ කොහොමහරි සුනිමල් තවත් කෙනෙකුගේ සම්බන්ධයක් හරහා හසිතට වෙන මේ අසාධාරණය ගැන කතා කරන්න ඇමති හම්ඹෙන්න යනවා.
ඒත් හසිතට වෙන අසාධාරණයට නම් විසදුමක් ලැබෙන්නේ නැ.. ඒත් මේ ගමන නිසා පවුල් බරෙන් හෙම්බත් වෙලා හිටපු සුනිමල්ගේ ජීවිතේ කනපිට පෙරලෙනවා.
හසිතට මොනවා වෙයිද ? ක්‍රිකට් ගැන කළකිරිලා ඔහු ක්‍රිකට් නතර කරයිද ? රටට ක්‍රීඩා කරන හීනය අතහරියිද ? සුනිමල් මේ කතාවට මොන විදිහට සම්බන්ධ වෙයිද ? ඇමතිතුමා හසිතගේ ජීවිතයට මොන විදිහට සම්බන්ධ වේවිද ?
ක්‍රිකට්, මාධ්‍ය සමග දේශපාලනය සමග සහ සූදුව සමග ගැටෙන එක ක්‍රීඩාවට වගේම ක්‍රීඩකයින්ටත් භයානකයි. මේ සියලු සිද්ධීන් එකතු වෙන අලුත්ම වෙබ් සීරියස් එක “Last Man”.
ගෙවින් අභිෂේක් , මනීෂා චංචලා, ආනන්ද කරුණාමුනි, මදුශාන් , දුශානි මදුශිකා, කැලුම් ශ්‍රී, අංජන ප්‍රේමරත්න ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රාශියක් මේ Last Man වෙබ් කතා මාලාවේ රංගනයෙන් එකතු වෙලා තියෙනවා.
ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වූ ප්‍රියාල් වීරසිංහ විසින් නිර්මාණය කල අපූරු වෙබ් කතා මාලාවක්. වනෝද්‍ය වර්ණසූරිය තමයි මේ අපූරු කතා මාලාව නිෂ්පාදනය කරේ. දැන් ITN MAX.lk වෙබ් අඩවියෙන් ඔබටත් Last Man නරඹන්න පුළුවන්.
Link - https://itnmax.lk/content/last-man-2026


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd