උපුල් වික්‍රමසිංහ
රුසියාවෙන් ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කළ රාජ්‍යතාන්ත්‍රික ඉල්ලීමට ඉරිදා (22දා) දින එරටින් යහපත් ප්‍රතිචාරයක් ලැබීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු ඉරිදා ලංකාදීපය වෙත සඳහන් කළේ එරටින් ඉන්ධන ලබාගැනීමට අදාළ සාකච්ඡා මගින් ඒ සඳහා ඉහළ තහවුරුවක් ලැබී ඇති බවත් රුසියාවේ එක් සමාගමක් මෙරටට ඉන්ධන සපයනු ඇති බවත් ය.
ඒ යටතේ මුලින් ම ඩීසල් රැගත් නැවක් මෙරටට පැමිණීමට නියමිත බව ද එම ප්‍රකාශකයා කීවේ ය.
ශ්‍රී ලංකා රජයේ එම ඉල්ලීමට අදාළ රුසියානු රජයේ ප්‍රතිචාරය මෙරට රුසියානු තානාපතිවරයා විසින් අද දින නිලවශයෙන් දැනුම් දෙනු ලබන බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd