ලවංගා මාධවී දෑරංගල
මැයි මාසයේදී 10 දෙනකු සම්බන්ධ නඩු විභාග ආරම්භ වීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක නුවරඑළියේ පැවති ජාතික ජන බලවේගයේ ජාතික මැයි දින සැමරුමේදී පැවසීය.
2026 වසර අපරාධකරුවන්ට, දූෂිතයන්ට, වංචනිකයන්ට, හොරුන්ට සහ කුඩු ව්‍යාපාරිකයන්ට නීතිය ක්‍රියාත්මක වන තීරණාත්මක වසරක් වනු ඇති බව ද ඒ හේතුවෙන් එවැනි අනීතික ක්‍රියාකාරකම්වල නිරත පාර්ශ්ව කලබලයට පත්ව ඇති බව ද ජනාධිපතිවරයා එහිදී කීවේ ය
එමෙන්ම, පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා රජය දැඩි පියවර ගනිමින් සිටින බවත්, එවැනි ජාලයන්ට අයත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ක්‍රමානුකූලව සිදු කරමින් පවතින බවත් හෙතෙම අවධාරණය කළේය. තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශක්තිමත් කරමින් විශාල ප්‍රමාණයක පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතින අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ද තවදුරටත් ශක්තිමත් කර ඇති බව ඔහු පැවසීය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ජනතාව වෙනුවෙන් තීන්දු ගන්නා අතරම පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd