සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රිත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා
සමාජය තුළ දැඩි කතාබහට ලක්වූ විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් කැඳවීමට වහාම ක්‍රියාත්මක වන පරිදි රජය තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා සමග කළ සාකච්ඡාවකි.
ඊ පාස්පෝට් ව්‍යාපෘතියට අදාළ ටෙන්ඩර් කැඳවීම මගඩියක් කියලා විපක්ෂය කිව්වා. එහෙම කියන්නේ ඇයි ?
පිළිතුර:- අපේ රටට නවීන විදේශ ගමන් බලපත්‍ර අවශ්‍යතාවක් තිබුණා. සාමාන්‍ය ජනතාව පාස්පෝට් කියලා කියන්නේ ඒකට. මේක ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු විශේෂ ආරක්ෂිත අංග සහිත විදේශ ගමන් බලපත්‍රයක්. මේවා මිලියන පහක් මිලදී ගැනීමේ අවශ්‍යතාව තිබුණා. කලින් තිබුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය කාලේ මේවා මුද්‍රණය කිරීම සඳහා ටෙන්ඩරයක් කැඳෙව්වා. ඒ සමාගමේ ක්‍රියාකාරිත්වය හා ටෙන්ඩරයේ කොන්දේසි පිළිබඳව ඉතාම බරපතළ විදිහට පාර්ලිමේන්තුව තුළ සහ පිටත සාකච්ඡා වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනෙක් එනම් රාවුෆ් හකීම්, එස්. සුමන්තිරන්, චම්පික රණවක ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කළා. එම පෙත්සම් විභාග කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය එම ටෙන්ඩරයේ ක්‍රියාකාරිත්වය අත්හිටෙව්වා.
නමුත් රනිල් වික්‍රමසිංහ රජය එම නියෝගය ගණන් නොගෙන කටයුතු කළා. ඒ අනුව එවකට සිටි ආගමන විගමන පාලකවරයා අත්අඩංගුවට අරගෙන අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු වරද පිළිගෙන ඔහුට සිර දඬුවම් නියම වුණා. ඒක තමයි මෙම ටෙන්ඩරයට අදාළව කලින් තිබුණ තත්ත්වය.
එම සමාගම සමග ද මේ ආණ්ඩුවත් කටයුතු කරන්න පටන් ගත්තේ?
පිළිතුර:- නෑ. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ මේ ටෙන්ඩරයේ කටයුතු ආරම්භ කළා. එතැනට සමාගම් අටක් ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වුණ සමාගම් අට තමන්ගේ ටෙන්ඩර ලේඛන ඉදිරිපත් කළා. එතැන දී එක ගොනුවක් තියෙනවා අපි ඒකට කියන්නේ ලියුම් කවර දෙකකින් ඉදිරිපත් කරනව කියලා. පළමුවැනි ලියුම් කවරයේ තියෙන්නේ තාක්ෂණික කුසලතාව පිළිබඳ කාරණයි. දෙවැනි ලියුම් කවරයේ තියෙන්නේ මිල පිළිබඳ කාරණයි. තාක්ෂණික කුසලතාවට අදාළ ලකුණු ලබාගත්තොත් පමණයි මිල පිළිබඳ ලියුම් කවරය විවෘත කරන්නේ. ඒක තමයි මූලධර්මය. මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ එතැනදී මේ ඉදිරිපත් කරපු ටෙන්ඩර් අටෙන් හතක්ම මුල් වටයෙන්ම අයින් කළා.
ඒකට හේතුව?
පිළිතුර:- ඒ තාක්ෂණික කුසලතාව සම්බන්ධයෙන් අවශ්‍ය ලකුණු ප්‍රමාණය නැහැ කියමින්. ඉතිරි වුණේ එක සමාගමයි. ඒ අනුව මිල ප්‍රදානය කළේ එක සමාගමක් පමණයි. එතකොට මේ ක්‍රියාවලිය තුළ එක් සමාගමක මිල දිහා බැලුවට තරගකාරිත්වයක් නැති වෙනවනේ. ඒ අනුව එම සමාගම ඉදිරිපත් කළ ටෙන්ඩරය ඉදිරිපත් වුණා. එකම ටෙන්ඩරය සේ සලකලා එම සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළා.
මේකට විශාල විරෝධයක් ආවා.
පිළිතුර:- ඔව්. විශේෂයෙන්ම පෝලන්තය, යුරෝපා සංගමයේ සාමාජික රටක්. ඒ වගේම මේ ක්ෂේත්‍රයේ ඉහළ තාක්ෂණය තියෙන රටක්. ඒ අනුව පෝලන්තය මේ පිළිබඳව අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට විවෘතවම පැමිණිලි කළා.
ඔවුන් කියන්නේ මෙතන වංචාවක් වෙලා තියෙනවා කියලා?
පිළිතුර:- ඔව්, ඒ වගේම මේ කාරණය පිළිබඳව පාර්ලිමේන්තුව තුළත් සාකච්ඡා වුණා. ඉන් පිටතත් සාකච්ඡා වුණා. මෙතන තාක්ෂණික ඇගයුම් කමිටුවේ දී ටෙන්ඩර් ප්‍රදානය ප්‍රතික්ෂේප කිරීම හිතාමතා කළ දූෂිත ක්‍රියාවලියක් බව ඒ වගේම නිසි තරගකාරී තත්ත්වයක් නොමැති නිසා රටට පහසුවක් වන බව එම සමාගමක් විතරයි නම් මිල ගණන් කැඳෙව්වේ එතැන තරගකාරිත්වයක් නෑනේ. ඒ නිසා මේ අද මිල කිසිසේත් සාධාරණ වෙන්න බෑ. හරි ගාණ බලන්න පුළුවන් තරගකරුවන් තුන් දෙනකුගේ හරි මිල ගණන් විවෘත කළානම්.
අනෙක් සමාගම්වලට අභියාචනා කරන්න පුළුවන්නේ?
පිළිතුර:- ඔව් ඒ සමාගම් අභියාචනා කළත් ඒ අභියාචනා ප්‍රතික්ෂේප කළා. අනතුරුව කැබිනට් ඇමැතිවරයා කැබිනට් එකට ඒ ටෙන්ඩරය දාපු ලංකාවේ ජස්ට් ඉන් ටයිම් කියන සමාගම ඔවුන්ගේ ප්‍රංශ හවුල්කාර සමාගමක් තියෙනවා. මේ සමාගමට දෙන්න නිර්දේශ කළා. නමුත් මහජන විරෝධයත් පාර්ලිමේන්තුව තුළ ආපු විරෝධයත් නිසා රජයට සිද්ධ වුණා සම්පූර්ණ ටෙන්ඩරයම අවලංගු කරන්න. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී කිව්වේ අසාධාරණයක් වෙලා නෑ. මේ විරෝධතා දක්වන්නේ අනිත් සමාගම්වල අවශ්‍යතාවට කියලයි. එහෙම ප්‍රකාශ කරන කොටත් ඒ ඇමැතිවරයා තමන්ගේ නිර්දේශ කැබිනට් එකට ඉදිරිපත් කරලා ඉවරයි.
ඒ අනුව පැහැදිලියි දූෂිත ක්‍රියාවලියක් ඉදිරියට ගියා. රනිල් වික්‍රමසිංහ යුගයෙදි ජයග්‍රහණය කළ සමාගමමයි මේ ආණ්ඩුව යටතෙත් ජයග්‍රහණය කළේ . ඒකත් එක විශේෂයක්. කොහොම වුණත් ටෙන්ඩරය අවලංගු කිරීම ජනතාවගේ ජයග්‍රහණයක් . විනිවිද පෙනෙන ටෙන්ඩර් ක්‍රියාදාමයක් හා ටෙන්ඩර් ඇගයීමේ ක්‍රියාදාමයක් අවශ්‍යයි. වඩාත් රටට හිතකර ක්‍රියාවලියක් අවශ්‍යයි. මිලියන පහක් පාස්පෝට් මුද්‍රණය සඳහායි මේ ඕඩරය දෙන්නේ. ඒක විශාල ප්‍රමාණයක්. ඒ පාස්පෝට් සමග බැඳෙන වාසි ඒ සමාගම්වලට ලැබෙනවා. ඒක නිසා මේක වැදගත් අවස්ථාවක්.
ඔය බාල ගල් අඟුරුවලින් වාසි ගන්න අයගේ කැම්පේන් තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. අපි තමයි ඕක ගැන පැමිණිලි කළේ. අපි තමයි පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රශ්න කළේ. මම තමයි පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව අරගෙන ආවේ. මම තමයි සභාව කල් තැබීමේ යෝජනාව ස්ථිර කළේ. අපි තමයි පැමිණිලිකාරයෝ. ඒ නිසා ජනාධිපති කොමිසමට නොයා ඉන්න හේතුවක් නෑ.
මින් ඉදිරියට මොකක්ද වෙන්නේ?
පිළිතුර:- නැවත ටෙන්ඩර් කැඳවන්න ඕනෑ. රටට පාස්පෝට් අවශ්‍යයිනේ. ඒ වගේම ඒ ටෙන්ඩර් පරීක්ෂා කරන කමිටුවලට සාධාරණ පළපුරුදු අපක්ෂපාතී නිලධාරීන් පත් කරන්න ඕනෑ.
ආණ්ඩුව කරන චෝදනාව ඔබත් ඉදිරිපත් කළොත් ඔබලාට කැමති සමාගමට මේ ටෙන්ඩරය ලැබෙනකම්ම ඔබලා අරගල කරනවා?
පිළිතුර:- එතැන සමාගම් හතක් තියෙනවනේ. සමාගම් දෙකක් වුණානම් එහෙම කියන්න පුළුවන්. මෙතැන ඔක්කොම සමාගම් ගණන අටක් නේ. ඒ ප්‍රතික්ෂේප වෙච්ච සමාගම් අතිබහුතරයක් ජාත්‍යන්තරව මේ ක්ෂේත්‍රයේ යෙදෙන සමාගම්. එවැනි සමාගම් හතක්ම තාක්ෂණික දෝෂ මත ප්‍රතික්ෂේපවීම විශ්මයජනකයි.
බාල ගල්අඟුරුවලට එරෙහිව ඔබ විශාල හඬක් නැගුවා. ජනාධිපති අනුර ඒ ගැන හොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් පත් කළා. නමුත් ඔබ තාම එතැනට ගිය බවක් ආරංචි නෑ.
පිළිතුර:- මමත් මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමාත් මීට සති දෙකකට කලින් බ්‍රහස්පතින්දා දිනයක සම්පූර්ණ සාක්ෂි තියෙන ලිපි ගොනුවක් බාර දුන්නා. ඔය බාල ගල් අඟුරුවලින් වාසි ගන්න අයගේ කැම්පේන් තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. අපි තමයි ඕක ගැන පැමිණිලි කළේ. අපි තමයි පාර්ලිමේන්තු කාරක සභාවේදී ප්‍රශ්න කළේ. මම තමයි පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව අරගෙන ආවේ. මම තමයි සභාව කල් තැබීමේ යෝජනාව ස්ථිර කළේ. අපි තමයි පැමිණිලිකාරයෝ. ඒ නිසා ජනාධිපති කොමිසමට නොයා ඉන්න හේතුවක් නෑ. ජනාධිපතිවරයා ඒක අත්සන් කළා. ධුර දරන විනිශ්චයකාරවරුන් ඉන්න නිසා අපි හිතනවා ඒ විනිශ්චයකාරවරුන් තමන්ගේ ආත්ම ගරුත්වය වෘත්තීය ගරුත්වය රැකගෙන සාධාරණව කටයුතු කරයි කියලා. තවමත් ඒ කොමිසම සාක්ෂි සටහන් කිරීම ආරම්භ කරලා.
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සජබෙන් උතුරු මැද පළාත් සභා මහ ඇමැති කමට ඉල්ලන්න සූදානම් කියල ආරංචියක් යනවා.
පිළිතුර:- මට ඒ පිළිබඳව පෞද්ගලිකව දැනුමක් නෑ. එතුමා රට බේරා ගැනීමේ සටනේදී ඉදිරියෙන්ම හිටපු අද්විතීය රණවිරුවෙක්. විශ්‍රාම ගියාට පස්සේ දේශපාලනය කරන්න එතුමාට තහනමක් නෑ. එතුමා දැන් සාමාන්‍ය පුරවැසියෙක්. හැබැයි එතුමා මොන පක්ෂයෙන් මොන තනතුරකට ඉදිරිපත් වෙනවද කියලා මට පෞද්ගලික දැනුමක් නෑ.
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd