
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳ ගනිමින් කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේ පැවති 2026 වසරේ ඔටිසම් දැනුවත්කරණ දිනය සැමරීම සඳහා NAMASTE ශ්‍රී ලංකා (Neurodevelopment and Autism in South Asia: Treatment and Evidence) හා එක්ව කටයුතු කළේ සැමට සමානාත්මතාව සහ ස්නායු විවිධත්වය පිළිබඳ අවබෝධය ලබාදුන් සුවිශේෂ සන්ධිස්ථානමය ජාතික සංවාදයක් ගොඩ නඟමිනි. ජාත්‍යන්තර ඔටිසම් දැනුවත්කරණ දිනය නිමිති කර ගනිමින් ‘ඔටිසම් සහ මනුෂ්‍යත්වය: සෑම ජීවිතයකටම වටිනාකමක් ඇත’ යනුවෙන් සඳහන් වන මෙම වසරේ එක්සත් ජාතීන්ගේ තේමාවට අනුකූලව පවත්වන ලද මෙම වැඩසටහනට රාජ්‍ය නායකයින්, සුවසේවා වෘත්තිකයින්, අධ්‍යාපනඥයින්, මානසික සෞඛ්‍ය සේවා සපයන්නන්, සහ ප්‍රජා උපදේශකයින් ඇතුළු පිරිසකගේ සහභාගිත්වය සහිත ව්‍යූහගත සහ විසඳුම්-කේන්ද්‍රීය සංවාදයක් ඇතුළත් විය.
මෙම සමාරම්භක උත්සවය වැනි වැඩසටහන්වලට යූනියන් ඇෂුවරන්ස් සම්බන්ධ වීම මඟින් විදහා දැක්වෙන්නේ අර්ථවත්, දීර්ඝ-කාලීන රැකවරණය ගොඩනැඟෙන්නේ මූල්‍ය සැලසුම්කරණය ඔස්සේ පමණක් නොව, සමාජ සහ සුවසේවා අංශ ශක්තිමත් කරන සාමූහික උත්සාහයන් ඔස්සේය යන අවබෝධයයි. වඩා අංගසම්පූර්ණ ප්‍රජාවන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයෙන් ඉටු වන ක්‍රියාකාරී දායකත්වය පිළිබිඹු කරමින් කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක විසින් පිළිගැනීමේ කතාව පවත්වන ලද අතර, මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට ඔහුගේ නායකත්වය යටතේ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කෙරිණි. කැලණිය විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ, ආබාධිතතා අධ්‍යයන අංශයේ මහාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ සහ ආබාධ සහිත දරුවන් සඳහා වූ ආයාති ජාතික මධ්‍යස්ථානයේ උපදේශක, ළමා රෝග විශේෂඥ, මහාචාර්ය සමන්මලී පී. සුමනසේන විසින් සායනික සහ සංවර්ධනාත්මක පැතිකඩ ඔස්සේ ඔටිසම් පිළිබඳව අදහස් පළකරමින් මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වනු ලැබිණි. ස්නායු විවිධත්වය හඳුනා ගැනීමට වැදගත් වන මානසික සෞඛ්‍යය, පර්යේෂණ, සහ සාක්ෂි-පාදක ප්‍රවේශයන් පිළිබඳව විශේෂ අවධානය යොමුකරමින්, පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අතුල සුමතිපාල විසින් අමතර අදහස් දැක්වීම් ඉදිරිපත් කරනු ලැබිණි.

සමාජ හා දේශපාලන කරුණු සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය සඳහා අන්තර්ගතයන් නිර්මාණය කරන්නෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුද වන ලක්මාල් ධර්මරත්න මහතා විසින් ආයතනික අංශය තුළ ස්නායු විවිධත්ව සහිත මානසික තත්ත්වයන්ගේ අගය වටහා ගැනීම කෙරෙහි අවධානය යොමුකරමින් සහ ව්‍යවසායකයකු මෙන්ම N*able ආයතනයේ ප්‍රධාන විධායකවරයාද වන පීටර් ඩි’අල්මේදා මහතා විසින් ඔටිසම් තත්ත්වයන් සමඟින් වෘත්තීය ජීවිතය ඉහළ නංවා ගත හැකි ආකාරය පිළිබඳ සංවේදී, අත්දැකීම් මුසු කරුණු දක්වමින් සිදුකරන ලද ප්‍රධාන ඉදිරිපත් කිරීම් මෙම වැඩසටහනට ඇතුළත්ව තිබිණි. ඒ සමඟම සහකම්පනය හා මානව ගුණාංග මතු කළ නිර්මාණශීලී හා පෞද්ගලික කතන්දර කලා ස්වරූපයේ අංගද ඉදිරිපත් කෙරිණි. සේවා ස්ථානවල සමානාත්මතාව, සංවේදක-හිතකාමී පරිසර නිර්මාණය කිරීම, සහ සන්නිවේදනය හා මානසික යහපැවැත්ම ආශ්‍රිත මිථ්‍යා සංකල්ප දුරු කිරීම වැනි කරුණු ආවරණය වන පරිදි වෘත්තිකයින්, ව්‍යවසායකයින්, සහ මාපිය උපදේශකයින් සම්බන්ධ කරගනිමින් සෘජු මෙන්ම පුළුල් පරාසයක විහිද ගිය සංවාදයක් ඇතුළත් වූ සංවාද මණ්ඩප තුනක් සමාජ සේවා ශාස්ත්‍රාලිකයකු සහ උපදේශන ප්‍රජා ළමා රෝග විශේෂඥයකු විසින් මෙහෙයවනු ලැබිණි. නිළියක මෙන්ම කලා ශිල්පවල නිරත වෘත්තීය ශිල්පිනියකද වන කලනි දොඩන්තැන්න විසින් මෙම අංග තවදුරටත් විචිත්‍රවත් කරන ලද අතර, ඇයගේ දායකත්වය මඟින් ස්නායු විවිධත්වයෙන් යුතු දරුවන් සඳහා සමානාත්මතාවයෙන් යුතු ඉඩ ප්‍රස්ථා නිර්මාණය කිරීම උදෙසා වූ නිර්මාණශීලී ප්‍රකාශන කෙරෙහි අවධානය යොමු කරමින් මෙදින සායනික හා සේවාස්ථාන කටයුතු ඇගයීමට ලක් කෙරිණි.
වැඩසටහන නිමාවට පත් වූයේ ඔටිසම් තත්ත්වය සහිත වැඩිහිටියන්ගේ මාපියන් දැක්වූ පෞද්ගලික අදහස් ඔස්සේ දවසේ වැඩකටයුතු පෞද්ගලික ආත්මකථන ලෙස පෙළ ගස්වන අතරම, සෑම ප්‍රතිපත්ති සාකච්ඡාවකම සහ ආයතනික කැපවීමකම මූලාරම්භයේ සිටින්නේ අප විසින් භාර ගැනීමට හෝ බැහැර කිරීමට ගනු ලබන තීරණය අනුව ජීවිතය හැඩගස්වනු ලබන පුද්ගලයකු බව තහවුරු කිරීමත් සමඟය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින්, කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මෙසේ පැවසීය: “ස්නායු විවිධත්වය කියන්නේ සීමිත පිරිසකට පමණක් අදාළ වන ගැටලුවක් නෙවෙයි. එය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රජාවකටම බලපාන පොදු සෞඛ්‍ය තත්ත්වයක්. කල්තියා හඳුනා ගැනීම, නිවැරදි සහාය සේවාවන්, සහ එය අවඥාවට ලක් කිරීම වෙනුවට වෙනසට ඉඩ දෙන පරිසර තත්ත්වයන් යනාදිය මඟින් ස්නායු විවිධත්වයෙන් යුතු අයෙකුගේ ජීවිතයේ ඉදිරි කාලය අර්ථවත් ආකාරයෙන් වෙනස් කළ හැකියි. ඒ දැනුවත්භාවය අපේ සමාජය තුළ ගොඩනැංවීම සඳහා මෙවැනි වැඩසටහන් ඉතා වැදගත්. මේ සංවාදය ඇති කිරීමට දැක්වූ කැපවීම සම්බන්ධයෙන් යූනියන් ඇෂුවරන්ස් සහ අපගේ සියලු හවුල්කරුවන් වෙත අපි කෘතවේදී විය යුතුයි.”
ආයතනික උපදේශනයේ වැදගත්කම අවධාරණය කරමින්, යූනියන් ඇෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී මහේන් ගුණරත්න අදහස් පළ කළේ මෙසේය: “යූනියන් ඇෂුවරන්ස් හි අප විශ්වාස කරන ආකාරයට, වඩාත්ම වැදගත් සැම දේ සැමදා සුරැකීම සියලු පිරිස්වලට අදාළ විය යුතුයි. ස්නායු විවිධත්වය කියන්නේ පාලනය කර ගත යුතුව ඇති අභියෝගයක් නෙවෙයි. එය හඳුනා ගත යුතු සහ ක්‍රියාකාරී ලෙස සහාය ලබාදිය යුතු වන මනුෂ්‍යත්වයේ එක් අංශයක්. අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වීම මඟින් ජෝන් කීල්ස් සමූහයෙහි කොටසක් ලෙස අපගේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් විවිධත්වය, සමානාත්මතාව සහ සහභාගිත්වය ගොඩනැංවීම සඳහා වන අපගේ කැපවීම තහවුරු කිරීමට අපට අවස්ථාව ලැබුණා.”
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2025 දෙසැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 45,6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 92.8ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd