
ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් පුරා ක්‍රියාත්මකව පවතින පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම වන යූනියන් ඇෂුවරන්ස්, පසුගියදා කොළඹ ෂැන්ග්‍රි-ලා හිදී පැවැති TAGS Awards 2025 උළෙලේ උළෙලේ දියමන්ති අදියරේ ඇගයීම් තුනක් හිමිකර ගත්තේය. වඩාත්ම වටින සැම දේ සුරැකීම සඳහා වූ සිය මෙහෙවර පෙරදැරි කරගනිමින් ඉදිරියට යන මෙම සමාගමට රක්ෂණ සමාගම් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 10ට ඉහළ දළ වාරික අගය සහිත) අංශ කාණ්ඩයේ ලෝකඩ සම්මානයක් සහ කුසලතා ඇගයුම් සහතික දෙකක් හිමි වූ අතර, ඒ සියල්ල පිරිනමනු ලැබුවේ “Folds of Value” යන තේමාව සහිතව 2024 වසර සඳහා ප්‍රකාශයට පත් වූ වාර්ෂික වාර්තාව ඇගයීමට පාත්‍ර කරමිනි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීත්ව ආයතනය විසින් සංවිධානය කරන ලද TAGS සම්මාන උළෙල මඟින් ශ්‍රී ලාංකීය ආයතන අතර ආයතනික වාර්තාකරණය සම්බන්ධ විනිවිදභාවය, වගවීම, පාලනය, සහ තිරසාරත්වය (TAGS) ඉහළ නැංවීම සඳහා දශක හයක් පුරා දක්වන ලද අඛණ්ඩ කැපවීම සනිටුහන් කෙරෙන අතර, මූල්‍ය මෙන්ම මූල්‍ය නොවන වාර්තාකරණයේ ද ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව දරනු ලබන ප්‍රයත්නයන් ඇගයීම උදෙසා මෙරට පැවැත්වෙන ප්‍රමුඛතම ඇගයුම් උළෙලක් ලෙසද මෙය සැලකෙයි. පසුගිය වසර ගණනාව පුරා ඉහත සඳහන් කරුණු හතර මත පදනම් වූ සමස්ත කාර්යරාමුවක් නියෝජනය කිරීම සඳහා මෙම සම්මාන වැඩිදියුණු වී ඇත්තේ ආයතනවලට සිය වාර්තාකරණ පිළිබඳ සියලු අංශ තුළ ස්ථාවරත්වය සහ ඒකාග්‍රතාව විදහා දැක්වීම සම්බන්ධයෙන් දිනෙන් දින වර්ධනය වන අපේක්ෂාව පිළිබිඹු කරමිනි.
රක්ෂණ සමාගම් (ශ්‍රී ලංකා රුපියල් බිලියන 10ට ඉහළ දළ වාරික අගය සහිත) අංශයේ ලෝකඩ සම්මානය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන රක්ෂණ ක්ෂේත්‍රය තුළ යූනියන් ඇෂුවරන්ස් පළකළ ඉහළ මට්ටමේ වාර්ෂික වාර්තාකරණයට සාක්ෂි සපයයි. ඒකාබද්ධ වාර්තාකරණය සහ ආයතනික පාලන අනාවරණය සඳහා වන ඇගයීම් සහතික මඟින් පිලිවෙළින් මූල්‍ය කාර්යසාධනය සමඟ උපායමාර්ගය සහ දීර්ඝ-කාලීන වටිනාකම් නිර්මාණය, මෙන්ම සමාගම විසින් සිය පාලන කාර්යරාමුව සකසනු ලැබ ඇති ආකාරය හා සම්බන්ධ පැහැදිලිතාව ගෞරවයට පාත්‍රකරනු ලබන්නේ විනිවිදභාවය, වගවීම, සහ අධ්‍යක්ෂ මණ්ඩල මට්ටමේ අධීක්ෂණය සම්බන්ධයෙන් එය පවත්වා ගන්නා ඉහළ ප්‍රමිතීන් පිළිබිඹු කරමිනි.
යූනියන් ඇෂුවරන්ස් යනු විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7ක පවතින සමාගම් 80කට අධික ප්‍රමාණයක් සමඟ ක්‍රියාත්මක, කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී (JKH) හි අනුබද්ධ සමාගමකි. වර්ෂ 2025 දෙසැම්බර් මාසය අවසාන වනවිට රු. බිලියන 45,6ක වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක්, සහ රු. බිලියන 92.8ක ජීවිත අරමුදලක් සහිතව දශක තුනකට අධික කාලයක් සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමට මෙම සමාගම සමත්ව ඇත. ජීවිත වෙත රැකවරණය සලසන අතරම සියලු ශ්‍රී ලාංකිකයින් සඳහා පිරිපුන් සුවසෙත සැලසීමට කැපවී සිටින යූනියන් ඇෂුවරන්ස්, ශ්‍රී ලාංකිකයින්ගේ සෞඛ්‍ය, ආයෝජන, රැකවරණ, විශ්‍රාම, සහ අධ්‍යාපන අවශ්‍යතා ආවරණය කරන ජීවිත රක්ෂණ විසඳුම් පිරිනමයි. දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලයක් සහ 3,000කට අධික සවිමත් සේවා බලකායක් සමඟ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ නිරන්තර වෙනස්වීම් අනුව හැඩගැසෙමින් පාරිභෝගික කේන්ද්‍රීය විශේෂ අවධානයක් සහිතව ජනතාව, නිෂ්පාදන, සහ ක්‍රියාවලීන් උදෙසා ආයෝජනය කිරීමට යූනියන් ඇෂුවරන්ස් නිබඳව කටයුතු කරයි.
යූනියන් ඇෂුවරන්ස් පී.එල්.සී., ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd