IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පොලිස් පොඩ්ඩාට පෙනී සිටි ‍තාරක නීතිඥ සංගම් කමිටුවෙන් යයි

 (ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ගල්කිස්ස අධිකරණ භූමියේ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමේ දී පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් ඇප ලබා ගැනීම සඳහා නඩුවට පෙනී සිටි මාතර නීතිඥ සංගමයේ නීතිඥ හා වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රී තාරක නානායක්කාර මහතා එම සංගමයේ විධායක කමිටුවේ සංස්කාරක ධුරයෙන්  ඉල්ලා අස් වී ඇත.

ගල්කිස්ස අධිකරණ භූමියේ අැතිවූ සිද්ධියෙන් චෝදනා එල්ල වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට විරුද්ධව පොලිස් කොස්තාපල්වරයාගේ පාර්ශ්වයට පෙනී සිටීම හේතුවෙන් නීතිඥ තාරක නානායක්කාර මහතාට පසුගිය දිනවල නීතිඥවරුන් පිරිසක ෙගන් දැඩි විරෝධයක් එල්ල වූ බව පැවැසේ.

ඒ අනුව ඔහුට මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් මෙන්ම එහි විධායක කමිටුවෙන් ද ඉල්ලා අස් වන ලෙසට බලපෑම් එල්ල වූ ආරංචි මාර්ග සඳහන් කරයි.

ෙමි අතර මාතර නීතිඥ සංගමයේ විශේෂ විධායක කමිටු රැස්වීමක් කැදවා ඇති අතර එහිදී නීතිඥ තාරක නානායක්කාර මහතා විධායක කමිටු ධුරයෙන් ඉල්ලා අස්වන බවට වූ සිය ලිපිය බාර දී ඇත.

කෙසේ වෙතත් ඔහු මාතර නීතිඥ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී නොමැති බව දැන ගන්නට ඇත.

මේ පිළිබඳව නීතිඥ තාරක නානායක්කාර මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගල්කිස්ස උසාවියේ නඩුවට පෙනී සිටියේ කොළඹ නීතිඥ සංගමයේ ලේකම්වරයා ද දැනුවත් කර අදාළ කොස්තාපල්වරයා දන්නා කියන හිතවත් පවුලක අයකු වූ නිසා බවත් මාතර නීතිඥ සංගමයේ විධායක කමිටුවෙන් ඉවත් වූයේ පෞද්ගලික හේතුවක් නිසා බවත් ය.

 



අදහස් (0)

පොලිස් පොඩ්ඩාට පෙනී සිටි ‍තාරක නීතිඥ සංගම් කමිටුවෙන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site