(ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඊයේ (21) කතානායකවරයාට බාර දුන් විශ්වාසභංග යෝජනාව 04 වැනිදා විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී අද (22) තීරණය කර තිබේ.
එදින පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන අතර රාත්‍රී 9.30 දක්වා පැවැත්වීමට නියමිතරය. ඡන්ද විමසීම 9.30 ට ආරම්භ කෙරේ.
කතානායක කරුජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගැනිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයාට බය වෙන්න දෙයක් නැහැ . කිසි දෙයක් වෙන්නේ නැහැ . මහින්ද මහත්තයා කවදාවත් රනිල් මහත්තයාට වරදක්, කරදරයක් වෙන්න ඉඩ තියෙන්නෙ නැහැ . විශ්වාස බංග යෝජනාව පැරදිණවා.
රාජපක්ෂලගේ දේශපාලන ඩීල්වල රගේ බලා ගන්න පුලුවන් 4 වෙනිදාට.මේ විශ්වාස භංගය ගෙන එන්නේ පරදවන්න නොවේ දිනවන්න.
රාජපක්ෂලගේ දේශපාලන ඩීල්වල රගේ බලා ගන්න පුලුවන් 4 වෙනිදාට. මේ විශ්වාස භංගය ගෙන එන්නේ පරදවන්න නොවේ දිනවන්න.
එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් නියත ලෙසම අගමැති එළැවීමට සහාය දක්වන්නේ හිටපු ඇමති වරයෙක්, ස්වාමින් වහන්සේ නමක් සහ තරුණ මන්ත්‍රීන් දෙදෙනෙක් බව කියයි. ඒ සිව් දෙනා වෙනුවට ශ්‍රීලනිපයේ 8 දෙනෙකු අගමැතිට සහාය දක්වන බවටද කතාවක් ඇත. මේ භංගය ඉදිරිපත් කලේ කවුරු උනත් එහි පිටිපස සිටින්නේ ඔට්ටු අල්ලන කෙනෙක් බවද කියයි. එක්සත් ජාතික පක්ෂයේ මොළය යනු රනිල් වික්‍රමසිංහ බවත් ඔහු විනාශ කිරීමෙන් තොරව එක්සත් ජාතික පක්ෂය පරාජය කළ නොහැකි බවත් එනිසා කෙසේ හෝ රනිල් අගමැති ධූරයෙන් ඉවත් කළ යුතු බවත් ශ්‍රීලනිප ඇමැතිවරුන් හට කවුදෝ පවසා ඇති බවක්ද කියවෙයි. දෙපැත්තෙන්ම කමකට නැති "රස කතා" අහන්න වෙන්නේ මේ අටමගලේ අවසන් වුවාට පසුවය.
රාජපක්ෂලාගේ දේශපාලන ඩීල් එදාට බලාගන්න පුළුවන්. මෙක දිනන්න ගේන විස්වාශ බංගයක් නොවේ. පරද්දන්නම බලාගෙන එකක්.
රනිල්ට මේ ඉරණම ට මුහුණ පාන්න සිදු වුනේ ...සමා වෙන්න....සාගල නිසයි. නීතිය හා සාමය යටතේ රාජපක්ෂවරු බේරා ගැනීමේ විපාක!!
බේරෙන්න හැම ජිල්මාර්ට් එකක්ම දමාවී
අපි බලමු මහින්ද මහත්තයා , රනිල් මහත්තයාට විරුද්ධව ඡන්දෙ දෙයිද කියල . දෙන්න ගජ යාලුවො නේ.....
ඔබ තුමා හැමදාම plan ගැහුවේ U N P එකේ නායකයා වෙන්න මිසක් රටේ නායකයා වෙන්න නෙමෙයි. තාමත් කරන්නේ ඒක. හැබැයි U N P එකේ නායකයා උන පමණින්ම රටේ නායකයා වෙන්න බෑ කියන ඒක ඔබ තුමා තාමත් තේරුම් අරන් නෑ. දැන් එකට පරක්කු වැඩි . පුලුවන්නම් ඒකවත් තේරුම් ගන්න
ම මේ ලිවීමට යනුයේ මේ මාතෘකාවට කිසි සේත්ම අදාල අදහසක් නොවේ. නමුත් ආසියානු රටවල මිනිසුන් බොහොදේ ගැන සිතන්නේ ඉතාම පටු (Asian mentality ) ආකාරයටය. ලංකාවේ මහා ජනතාවත් එසේමමය. මෙයට හේතුවී තිබෙන මුලික කරනවා නම් දිගු ඉතිහාසය බව ම සිතමි. කෙසේ හෝ වේවා මම මෙලියන කරුණ ගැන අපේ අගමැතිති තුමා විසින් ගැඹුරින් සිතා බලන්නේ නම් මේ අවස්ථාවේ ඉතා වටිනේය. මෙය සිතා බලන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. මේ කරුණ මේ ආකාරයට ලීවා කියා TD සමග අමනාප නොවන්න. මට කීමට තිබෙන්නේ සහ යෝජනා කරන්නේ 24 වන Saturday දිනයට යෙදිතිබෙන ඔබතුමාගේ උපදිනයට ජාතික ඇදුමෙන් සැරැසී ඔබතුමාගේ බිරිඳ සමග කැළණි රජමහ විහාරයට හෝ කොළඹ ගංගාරාමයට ගොස් මල්වට්ටියක් පුජකරනමෙන්ය. ඔබතුමාට දොසරෝපනය කරන පක්ස විපක්ස බොහෝදෙනාගේ චෝදනාවලට දියහැකි අති ප්‍රබල පිළිතුරකි. මහා සංගරත්නය මෙන්ම බහුතර ශ්‍රී ලංකා වාසී ජනතාව මේය ඉතා ඉහලින් අගයකරනු ඇත. ජන මාද්‍ය මගින් විශාල ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. මා මේ කියන දෙය කිපදෙනෙකුගෙන් විමසා බලන්න. ජේ ආර් ජනාදිපති තුමා මේ ක්‍රියාව හොඳින් ආනුගමනය කළේය.
මොන අභියෝග ආවත් පක්ෂය ඉවර කරලමයි යන්නේ...
මේ බන්ගය පරාජය වෙනවා වැඩි ඡන්දයෙන්. ඒකාබද්දේ අයට හැංගෙන්න වෙනවා රටට මුහුණ දෙන්න බැරුව.
රනිල් මහත්තයෝ ඔබතුමාගේ ජය සහතිකයි. එය තමා පොහොට්ටුවේ බලාපොරොත්තුව. ජයග්‍රහණයෙන් පසුව ඔබට එන පීඩනයට අගමැතිකම දමා යාමට ඔබට සිදුවෙයි. ඔබට විස්වාසය පලකරන කිසිදු පුද්ගලයෙකු ඔබ විස්වාස නොකරනු ඇත.
දැනට දේශපාලනයේ යෙදී ඉන්න තරමක් හෝ විෂ්වාසය තැබිය හැකි එකම මිනිසාට ගල් ගසයි.