(ජයන්ත සමරකෝන්)
පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 340කට තේරීපත්වූ සභිකයින් 8356 දෙනකුගේ ධුර කාලය අදින් (20) ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මැතිවරණයේ දී සියයට 50කට වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් කිසියම් පක්ෂයක හෝ කණ්ඩායමක නායකයකු අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති ධුරයට හෝ නගරාධිපති ධුරයට නිතරයෙන් පත්වන බවත්, අදාළ පළාත් පාලන ආයතනයේ මංගල රැස්වීම පැවැත්වෙන දිනය සභාපති හෝ නගරාධිපති විසින් අද තීරණය කරනු ඇති බවත් එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
අමතර ලැයිස්තුවලින් පත්වන සභික සංඛ්යාසව අනුව පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8,356ට වැඩි විය හැකි බව ද අමාත්‍යාංශය කියයි.
මැතිවරණයේ දී සියයට 50කට අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ හෝ කණ්ඩායම් අයත් ආයතනවල මංගල රැස්වීම පැවැත්වෙන දිනය පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් තීරණය කරනු ඇතැයි අමාත්‍යාංශයේ නිලධාරියා කීය.
සියලූම පළාත් පාලන කොමසාරිස්වරුන් ඒ පිළිබඳව තීරණයකට එළඹ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර මංගල සභා රැස්වීම පැවැත්වීමට ඉඩ පහසුකම් නොමැති බවට කිසිදු පළාත් පාලන ආයතනයකින් දැනුම් දී නැතැයි පළාත් පාලන අමාත්‍යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පුංචි සභා 340 ක් පිහිටුවීම අද
සතයපාල Tuesday, 20 March 2018 07:29 AM
නව ඡන්ද ක්‍රමය නිසා මෙයාලට ගෙම්බෝ වගේ එහාට මෙහාට පනින්න බැහැ. නැත්නම් බලය පිහිටුවන්න බැරි සභාවල මන්ත්රීවරු මෙලහකටත් ලක්ෂ ගණන්වලට විකිණිලා ඉවරයී.
සතයපාල Tuesday, 20 March 2018 07:34 AM
මේ අයට සුබ පතන්න බැහැ. මොකද මෙතන බහුතරයක් ඉන්නේ රටට තමන්ගේ ප්‍රදේශයට සේවයක් කරන්න නොවේ. හොරකම් කරන්නයි කොමිස් ගහන්නයි කොන්ත්‍රාත් ගන්නයි.
Hafeel Tuesday, 20 March 2018 08:04 AM
එහමනං, අපිට ඉදිරියේදී දැකගන්න පුළුවන් වේවි, පළාත් පාලන සභාපතිලාගේ සුපුරුදු පරිදි සෙල්ලම්.