IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ගාල්ල ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට

 
 
 
(සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න)


ගාල්ල වක්වැල්ලේ ජල පවිත්‍රාගාරයේ ඇතිවූ ගින්නෙන් පානීය ජලය බෙදාදීමේ ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතත් කරාපිටිය ශික්ෂණ රෝහලට, මහමෝදර මාතෘ රෝහලට ඇතුළු රෝහල් වලට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ගින්නෙන් ජල පොම්පාගාරයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියට හානි සිදුව ඇති අතර විශේෂඥයන් ගෙන්වා දැනටමත් එහි පිළිසකර කටයුතු ආරම්භ කර ඇති බැවින් අද (16) දහවල් 12.00 පමණ වනවිට ජලපොම්පාගාරයේ  බෙදාහැරීම් කටයුතු ආරම්භ කළ හැකිවන බව  ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එම්.කේ.ලෙස්ති මහතා සඳහන් කළේය.

කෙසේ නමුත් දැනට ජල පාරිභෝගිකයන්ට බලපා  ඇති තත්වය මගහැරීම සදහා කඩිනම් පියවර ගනිමින් සිටින බවත් තාවකාලික පියවරක් මගින් විදුලිය සන්ධිකර ජලය බෙදාහැරීමට කටයුතු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද සදහන් කළේය.

මෙම හේතුව නිසා  ජල පවිත්‍රාගාරයේ සියලුම පිරිපහදු කටයුතු ඇනහිට  ඇති අතර  රෝහල්වලට හැර අනෙකුත් සියලු ජල සැපයුම් කටයුතු අකර්මන්‍ය වී තිබේ.

සියල්ල යථා තත්ත්වයට පත් කෙරෙන තුරු ගාල්ල ජල පවිත්‍රාගාරයෙන් බෙදාහැරෙන ජලය ලබා දීම සීමා කර ඇතැයිද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
  

 

ඡායාරූප - අමල් වික්‍රමරත්න



අදහස් (0)

ගාල්ල ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site