අජන්ත කුමාර අගලකඩ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථි කළමනාකරණ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් අද අහෝසි කරනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආර්ථික කළමනාකරණ කමිටුව පසුගිය කාලයේ රටට ඵලදායි කිසිවක් නොවූ බව පවසමින් ජනාධිපතිවරයා එම කමිටුව අහෝසි කිරීමසට කැබිනට් පත්‍රිකා දෙකක් මීට පෙර ඉදිරිපත් කර තිබිණි.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කාලයක් අවශ්‍ය බවට අගමැතිවරයා ද මීට පෙර කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.
ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කිරීම සඳහා කැබිනට් පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර තිබියදී එම කමිටුව මීට පෙර එක් වතාවක් රැස්විය.
ජනාධිපති කාර්යාලයේ අද පැවැති කැබිනට් රැස්වීමේදී ආර්ථික කළමනාකරණ කමිටුව පවත්වාගෙන යාම අවශ්‍ය බවට ඇමැති මලික් සමරවික්‍රම මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින් සඳහන් කර ඇතැයි වාර්තා වේ. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ආර්ථික කළමනාකරණ කමිටුව වහාම අහෝසි කරන බව පවසා ඇත.
එය තවදුරටත් ඇද ඇද සිටීමේ තේරුමන් නැති බවත්, ආර්ථිකය සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු තීරණ කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර ගත හැකි බවත් ජනාධිපතිවරයා පවසා ඇති බව වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපති තුමනි ඔබට වැරදුනේ රට හැදීමට නොගොස් පක්ෂය හැදීමට මුලිකත්වය දීමයි. රට හැදුවනම් පක්ෂය ඉබේ හැදෙනවා. පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්නේ නැතිව රට සැදීමට කුසලතා තිබෙන මහාචාර්ය විජේසුරිය, වියන්ගොඩ, වැනි විද්වතුන් කැබිනෙට් මණ්ඩලයට තෝරා ගත්තේනම් රටේ ප්‍රතිසංස්කරණ කටයුතු කළහැකිව තිබුණා. දිලාන්ලා වගේ අය ගැනීමෙන් තිබුණා ප්රෝයෝජනය කුමක්ද? රනිල් අගමැතිතුමා මැතිවරණයේදී ඔබට සහාය දුන්නට ඔබ ඍජු ලෙස ඔබකටයුතු කළයුතුව තිබුණා. මේ වැරදීම් වලට ඔබට ගෙවන්න වන වන්දිය විසාලයි. ගොවිජතාව ඔබ සම්පුර්නම අමතක කලා. රට ගොඩ ගැනීමට ඔබට දැක්මක් තිබුනේ නැත.
මිනී පෙට්ටියේ අන්තිම ඇණයද මේ ගහන්න යන්නේ. ප්‍රශ්නය තියෙන්නේ පෙට්ටිය කාගේද කියන එකයි. 2020 දී මාපිල්ලු එනකොට කාගෙන්ද උදව් ගන්න බලාපොරොත්තු වෙන්නේ? එදාට " මට දැන් ඇති" කියල බලය පරණ කෙනාටම පුජා කරන්න නේද මේ අර අදින්නේ? මේ දේශපාලන සුදුවෙන් පරදින්නේ කවුද කියන එක දැන් කොකාගේ පාට වගේ පැහැදිළියි. හිතන්න එපා ඔය කියන කෙනා බලයට ආවොත් එයාට විරුද්ධව ගිය එක්කෙනෙකුටවත් එක දවසක්වත් පණපිටින් ඉන්න ඉඩක් දෙයි කියල.
අශ්වයා පැන ගිය පසු ඉස්තාලේ වැහුව වගේ. කමක් නැ ලොක්කට දැන් හරි තේරුණා ඇති.
සිරිසේන මහතා රනිල් ගේ මේ රජයත් රටට පලදායී නොවෙයි කියා අහෝසිකර දමන්නකෝ.
අගමැති තුමා ඔයවගේ නමට විතරක් පවතින කමිටු දැන් කියක් දැම්මද
මෙතුමා රටට කල ඵලදායි වැඩ මොනාද දන්නේ නැහැ නේද ? දන්නා තරමට දුෂිතයන් සමග එකතු වී රට අස්ථාවර කිරීමයි . මේ හැම දේම බල තන්හාව . රට වැසියා අගාදයේ.
යා දෙක නොරත රත - සමග පෑහීමක් නැත. කියල කියමනක් තියෙනවා . මෙතන තියෙන ප්‍රශ්නය මහජනතාවට තේරෙනවා. මේ කට්ටිය තේරුම් නොගන්න එකයි කරුමේ. අතීතයෙ විමසා බලන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය කරන විට එම පක්ෂයේ ප්‍රතිපත්ති වෙනුවට ක්‍රියාත්මක උනේ " බණ්ඩාරනායක චින්තනය. චන්ද්‍රිකාගේ චින්තනය, මහින්ද චින්තනය. යුඑන්පී කාලේ සිද්ධ උනේ ජෙඅර් ගේ ප්‍රතිපත්ති. ප්‍රේමදාස ප්‍රතිපත්ති. රනිල්ගේ ලිබරල් ප්‍රතිපත්ති. අද වෙනකොට තියෙන්නේ ඕනේ මයිත්‍රී චින්තනය. ඒක කරන්න බැරි රනිල් නිසා. එයා යන්නේ එක මගක. ජනපති යන්නේ තවත් මගක. ඒගොල්ලන්ගේ මේ වැඩෙන් ජනතාව අතරමන් වෙලා. රට එකතැන නතරවෙලා. " වල් ඌරො කැකුණ තලන කොට - වලි කුකුලන්ට රජ මගුල්" කිව්වා වගේ මේවා නිසා පොහොට්ටුවේ කරලා පැහෙනවා. ජනතාව අසරණ වෙනවා.
හිතවත් ජනාධිපති තුමනි ගන්නවානම් එකවර නියම වෙලාවට නියම තීන්දු ගතයුතුය. තත්වය එන් එන්නම බරපතල වන බව හැගේ.
ඔය කමිටු අහෝසි කරලා තියා දුම්මල ගැහැව්වත් යවන්න බැහැ.
විධායක ජනාධිපති තනතුරත් රටට වැඩක් නැහැනේ ඒකත් අහොසි කරන්නකෝ රටට පොරොන්දු වෙලා ආවේ එහෙමනේ.
ආණ්ඩුව පටන් ගත්තු දා ඉඳන් එක එක කමිටු දානවා. ටිකක් ඒවා දුවනවා. ඔන්න ඊළඟට හොර වෙනවා කොර වෙනවා. එක අහෝසිකරලා ඊට වඩා මේක හොඳයි කියල තව එකක් දානවා. එකටත් අර ඉරණමමයි. හරිගියේ නැහැ වගේ වෙනවා. අයෙත් අලුතින් පටන් ගන්නවා. ඔහොම යමුකෝ තව කි දවසද ඉතින් නේද?
අපි ජනවාරි 8 බලයට පත් කල යහපාලනය දිනෙන් දින වහ පාලනයක් වන අයුරු ඉතා දොම්නසින් බලා සිටිමු.
ඉතාම අවංක මෙතුමා ඉතාම පැරණි දේශපාලග්ඥයෙක් , නමුත් මෙතෙක් කල් ඇමති පට්ටම් අරගෙන, රටේ ජනාධිපති වෙලත් මොකද්ද රටට කල අවංක සේවය කියල මහජතාවට වටහල දෙන්න . කාටවත් තේරෙනේ නම් නැහැ.
දැන් වත් ගෙදර යන්න