(අමල් වික්‍රමරත්න)
මහනුවර ඇති වූ නොසන්සුන්තාවත් සමඟ පැන වූ හදිසි නීතිය ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට අවලංගු කර තිබේ.
මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය යහපත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජපාන නිල සංචාරය නිමවා ඊයේ (17) රාත්‍රියේ මෙරටට පැමිණි පසු පනවා තිබු හදිසි නීතිය අවලංගු කළ බව දැක්වෙන ඇති විශේෂ ගැසට් පත්‍රය අත්සන් කර නිකුත් කැරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස සිය ජපාන සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රී 11.30 ට පමණ මෙරටට පැමිණියේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.