(අනීෂා මානගේ)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතා පවසයි.
ඩී.වී.උපුල් මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත ගොඩකුඹුර ප්‍රදේශයේදී පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.
‘දැන් පළාත් සභා මැතිවරණය කල් දාගෙන යනවා. අපි පලාත් සභා මැතිවරණයට සූදානමින් ඉන්නවා. මහ මැතිවරණය ළග ළගම එනවා. ජනාධිපතිවරණය ළග ළගම එනවා. ජනාධිපති අපේක්ෂකයත් අපි තෝරගෙන යනවා.
මගෙන් ඇහුවොත් කව්රුහරි මම ඒකට උත්තර දෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙපාරක් උගසට ගත්තා දෙන්නෙක්. සරත් ෆොන්සේකා, ඊටපස්සේ මෛත්‍රිපාල. දැන් හෙට අනිද්දට ඇඩ් එකක් දායි පාවාදෙන්නෙක් ඉන්නවා නම් වහාම එන්න කියලා. පාවාදෙන්නෙක් ඉන්නවා නම් පුළුවන් ඒ පැත්තට ගිහින් ජනාධිපති අපේක්ෂකයා වෙන්න.
හැබැයි අපේ අපේක්ෂකයා නිවැරදියි. අපේ අපේක්ෂකයා වෙන කව්රුවත් නෙවෙයි රාජපක්ෂ කෙනෙක් කියන එක කියන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා කරන්න අවශ්‍ය වගකීම රාජපක්ෂ කෙනෙක්ටම පවරලා එතුමා මේ රටේ ජනාධිපති කරලා නැවතුණු තැනින් පටන් ගන්න තමයි අපේ බලාපොරොත්තුව. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු පෙරළන වෙලාවේ රටට වැඩක් කරන්නකෝ.
මොහුගේ නම ප්‍රසිද්ද වුන පසුගිය කාලය, කවුරු හෝ මතක් කර දෙනු මැන.
මෙයාට නැවතුනු තැනින් පටන් ගන්න ඕනලු... ඉතින් අපි කොහොම හරි රාජපක්ෂ කෙනෙක් ජනාධිපති කරමු...
ආවට වැඩක් නැහැ පරදිනවා
ඉතුරුවෙලා ඉන්න දෙන්නෙක්ම ඇමෙරිකානු පුරවැසියෝ නේද? ජනාධිපති කම දෙනවානම් ශ්‍රී ලන්කන් නැත්නම් ඇමෙරිකන්. මේ ආණ්ඩුව පෙරලලා කටු ඉඹුලෙන් බේරෙන්න පුළුවන් වෙන ඕනෑ මල ඉලව්වක් කාරියක් නැහැ. එහෙමද එහෙනං?
ගේන්න ගේනකම් තමයි අපිත් බලාගෙන ඉන්නේ පරද වන්න. රාජපක්ෂලට ආයේ ජාතික දේශපාලනයේ ඉඩක් නැහැ හම්බන්තොටට වෙලා කරන දෙයක් කරගෙන ඉන්නවා ඇරෙන්න.
එහෙනම් මේ කට්ටියගේ ට්‍රයි එක මැදමුලනේ රාජපක්ෂ කෙනෙක් නැවත රජ කරවන්නයි.
රාජපක්සලා කවුරු ආවත් අපි පරාද කොරනවා මහත්තයෝ. ඔයගොල්ලෝ හිතාගන ඇති ඒ කාලේ තිබුන වරප්‍රසාද ආයෙත් ලබා ගන්න.