IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙක් ගේනවා - මන්ත්‍රී ඩී.වී.උපුල්

 

(අනීෂා මානගේ)

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙකු ඉදිරිපත් කරන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී.උපුල් මහතා පවසයි.

ඩී.වී.උපුල් මන්ත්‍රීවරයා මෙසේ පැවසූයේ බෙලිඅත්ත ගොඩකුඹුර ප්‍රදේශයේදී පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.

‘දැන් පළාත් සභා මැතිවරණය කල් දාගෙන යනවා. අපි පලාත් සභා මැතිවරණයට සූදානමින් ඉන්නවා. මහ මැතිවරණය ළග ළගම එනවා. ජනාධිපතිවරණය ළග ළගම එනවා. ජනාධිපති අපේක්ෂකයත් අපි තෝරගෙන යනවා.

මගෙන් ඇහුවොත් කව්රුහරි මම ඒකට උත්තර දෙනවා. එක්සත් ජාතික පක්ෂය දෙපාරක් උගසට ගත්තා දෙන්නෙක්. සරත් ෆොන්සේකා, ඊටපස්සේ මෛත්‍රිපාල. දැන් හෙට අනිද්දට ඇඩ් එකක් දායි පාවාදෙන්නෙක් ඉන්නවා නම් වහාම එන්න කියලා. පාවාදෙන්නෙක් ඉන්නවා නම් පුළුවන් ඒ පැත්තට ගිහින් ජනාධිපති අපේක්ෂකයා වෙන්න.

හැබැයි අපේ අපේක්ෂකයා නිවැරදියි. අපේ අපේක්ෂකයා වෙන කව්රුවත් නෙවෙයි රාජපක්ෂ කෙනෙක් කියන එක කියන්න ඕන. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා කරන්න අවශ්‍ය වගකීම රාජපක්ෂ කෙනෙක්ටම පවරලා එතුමා මේ රටේ ජනාධිපති කරලා නැවතුණු තැනින් පටන් ගන්න තමයි අපේ බලාපොරොත්තුව.  ‘
 



අදහස් (8)

ජනාධිපති අපේක්ෂකයා ලෙස රාජපක්ෂ කෙනෙක් ගේනවා - මන්ත්‍රී ඩී.වී.උපුල්

Shahiwal Tuesday, 20 March 2018 09:38 AM

ආණ්ඩු පෙරළන වෙලාවේ රටට වැඩක් කරන්නකෝ.

:       10       127

නිමල් Tuesday, 20 March 2018 10:06 AM

මොහුගේ නම ප්‍රසිද්ද වුන පසුගිය කාලය, කවුරු හෝ මතක් කර දෙනු මැන.

:       10       43

wijenanda Tuesday, 20 March 2018 10:12 AM

මෙයාට නැවතුනු තැනින් පටන් ගන්න ඕනලු... ඉතින් අපි කොහොම හරි රාජපක්ෂ කෙනෙක් ජනාධිපති කරමු...

:       10       30

rohan perera Tuesday, 20 March 2018 10:58 AM

ආවට වැඩක් නැහැ පරදිනවා

:       451       763

sirimal Tuesday, 20 March 2018 11:35 AM

ඉතුරුවෙලා ඉන්න දෙන්නෙක්ම ඇමෙරිකානු පුරවැසියෝ නේද? ජනාධිපති කම දෙනවානම් ශ්‍රී ලන්කන් නැත්නම් ඇමෙරිකන්. මේ ආණ්ඩුව පෙරලලා කටු ඉඹුලෙන් බේරෙන්න පුළුවන් වෙන ඕනෑ මල ඉලව්වක් කාරියක් නැහැ. එහෙමද එහෙනං?

:       56       113

සතයපාල Tuesday, 20 March 2018 11:56 AM

ගේන්න ගේනකම් තමයි අපිත් බලාගෙන ඉන්නේ පරද වන්න. රාජපක්ෂලට ආයේ ජාතික දේශපාලනයේ ඉඩක් නැහැ හම්බන්තොටට වෙලා කරන දෙයක් කරගෙන ඉන්නවා ඇරෙන්න.

:       169       588

forester Wednesday, 21 March 2018 02:06 AM

එහෙනම් මේ කට්ටියගේ ට්‍රයි එක මැදමුලනේ රාජපක්ෂ කෙනෙක් නැවත රජ කරවන්නයි.

:       0       0

rocky Wednesday, 21 March 2018 03:16 AM

රාජපක්සලා කවුරු ආවත් අපි පරාද කොරනවා මහත්තයෝ. ඔයගොල්ලෝ හිතාගන ඇති ඒ කාලේ තිබුන වරප්‍රසාද ආයෙත් ලබා ගන්න.

:       0       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 112 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site