තරිඳු ජයවර්ධන
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමත් සමඟ රහස් පොලිසියේ ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසියට යැවීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි.
රහස් පොලිසියේ එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදනයක් නිකුත් කර පසුව රතු නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.