තරිඳු ජයවර්ධන
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමත් සමඟ රහස් පොලිසියේ ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසියට යැවීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග කියයි.
රහස් පොලිසියේ එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදනයක් නිකුත් කර පසුව රතු නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩේක කොත්තුගහන්න ආවත් පදිංචිය තහවුරු කරණ සහතික ඉල්ලනවා. මහබැංකුවේ අධිපති තනතුරට එන කොට ඒ මුකුත් නැහැ. ව්‍යාජ ලිපිනයක් දීලා තියෙන්නේ. ඉන් පැහැදිලිවෙන්නේ මුල ඉඳලම මේ අය වංචාව සැලසුම් කර තිබෙන බවයි. මෙයා දැන් ඉන්නේ බ්‍රසල්ස් වල ඩයස්පෝරාව සමග...
කඩේක කොත්තු ගහන්න ආවත් පදිංචිය තහවුරු කරණ සහතික ඉල්ලනවා. මහබැංකුවේ අධිපති තනතුරට එන කොට ඒ මුකුත් නැහැ. ව්‍යාජ ලිපිණයක් දීලා තියෙන්නේ. ඉන් පැහැදිලි වෙන්නේ මුල ඉඳලම වංචාව සැලසුම් කර තිබෙන බවයි.
අර්ජුන් මහේන්ද්‍රන් මෙගා නාට්‍යය ඇරඹේ. අර මුහුණූපොතේ කොල්ලෝ අල්ලපු වේගෙන් මෙයාව අල්ලන්න බැරිද ලංකා පොලිසියට
අතේ හිටිය කුරුල්ලව අත හැරියා දැන් දැල් දාන්න කතා කරනවා.මේ මනුස්සයට රටින් පිටවෙන්න අවසර දුන්න අය ගැන මුලින්ම හොයලා බලන්න වෙනවා.
දැන් ඉතින් අර්ජුන් මහත්මය කියයි " පුළුවන් නම් මාව අල්ලන්න" කියලා...
මෙය සැලසුම් සිහිතව කරපු මගඩියක් කියා දැන් මුලුරටම දැනගන්නේ අරුජුනගේ ගමන් බලපත්‍රය ඔහු පිටවීමට පෙර තහනම් නොකිරීම හා ගියාට පසු ප්‍රසිද්ධ කිරීමම ඇති...
මෙය සැලසුම් සිහිතව කරපු මගඩියක් කියා දැන් මුළු රටම දැනගන්නේ අර්ජුන්ගේ ගමන් බලපත්‍රය ඔහු පිටවීමට පෙර තහනම් නොකිරීම හා ගියාට පසු ප්‍රසිද්ද කිරීමම ඇති.
මෙයාව අත් අඩංගුවට ගන්නා තෙක් මෙයාව නිර්දේශ කල තැනැත්තා අනිවාර්යයෙන් අඩස්සියට ගත යුතුයි.
අරලියගහ මන්දිරය පැත්තට ගියොත් ඔත්තුවක් ගන්න පුළුවන් වෙයි.
මේ රටේ අය ඇල්ලුවට ඔයවගේ අය අල්ලන්න බැරි ඇයි ?
වංචාව තරම්ම වියදම් කරලා ඇති මෙයා ගැන කරන මේ වැඩ වලටත්. අනේ කාලේ වනේ වාසේ !
අස්සයා දැන් ගියා! අනේ දැන් ඉස්තාලය ඉක්මණට වහමු!
හානේ... හොරගෙඩියා ... හොරෙන්ම රටින් පැනගත්තා නේද?
ජනතාව විශ්වාස බංග වෙලා අනේ.
දෙමළ පොර වෙන රටක ඉඳල ඇවිත් අපේ මහබැංකුවේ අධිපති වුණා. මහබැංකුවට වැඩේ දීලා පැන්නා. පනිනතුරුම ඇල්ලුවේ නැහැ. දැන් ඉතින් වලිගෙවත් අල්ලන්න බැරි වෙයි. රෙකමන්ඩ් කරපු යාළුවගෙන් අහන්න.
ශ්රී ලංකාව වැනි බහුතරයක් මන්ද බුද්ධිකයින් වෙසෙන රටක් පාලනය කරන්න සුදුසු තවත් දක්ෂ එක්තරා ඥානවන්ත පුද්ගලයෙක්. ජයවේවා එතුමාට !!
උසාවි නියෝග පවා මගහරින මේ වගේ තුට්ටු දෙකේ මිනිහෙක්ව මහබැංකු අධිපති කරවපු කෙනා අද කිසි ලැජ්ජාවක් නැතුව රටේ මහා තනතුරක් දරනවා. මේක මොන රටකවත් වෙන්න පුළුවන් දෙයක්ද? ඇයි මේ මිනිහ මේ ගැන දැන් වචනයක් වත් කතා නොකර බබෙක් වගේ හැසිරෙන්නේ?
රනිල්ගේ ගේ පරීක්ෂා කරන්න. ලොකෙ වටේ යන්න ඕනෙ නැහැ
අල්ලයි ඉතින් නැට්ට.!
මිනිහ ලංකාවේ නේ හිටියේ අල්ලගන්න තිබුන නොව
ප්‍රභාකරන් අවුරුදු 30 ක් යුද්ධ කරලා ලංකාවට කරපු පාඩුව, කපටිකමෙන් කොලේ වහලා කරන්නයි ගියේ... නමුත් ඒකාබද්ධ විපක්ෂයයි, කෝප් එකයි හරියට හිටිය නිසා ඒ පාඩුව අවුරුදු 30ක චක්‍රයකට වැටෙන එක නතර වුණා.
ඔහුගේ මෙම අධිකරණයට නොපැමිණීම අවස්තාවක් කරගෙන දැනට තහනම් කොට තිබෙන සියලු දේපළ ඒක පාක්ෂික තීන්දුවකින් රාජ සන්තක කළානම් මුදලයි පොළියයි දෙකම ලැබෙනවා.ඔහුට හැමදාම හැංගෙන්න බැහැ.කවදාහරි කොටුවෙනවා.මෙය තවත් ප්‍රමාද කිරීමෙන් අනෙක් හොරකම් ගැන පියවරක් ගැනෙන්නේද නැත.